සිත කිලිටි වීම සහ සිත පිරිසිදු කිරීම. (17-12-2023)

සිත කිලිටි වීම සහ සිත පිරිසිදු කිරීම. (17-12-2023)

සිත කිලිටි වීම සහ සිත පිරිසිදු කිරීම. (17-12-2023)

සිත කිලිටි වීම සහ සිත පිරිසිදු කිරීම පිළිබඳව විශිෂ්ඨ ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකරන ලදී.  සිත කිලිටි වීම සහ පිරිසිදු කිරීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කල ඉතා වටිනා විවරණයක් ඇසුරෙන් සිදුකල මෙම ධර්ම දේශනාවේ දී චිත්ත භාවනාව හෙවත් සතර සතිපට්ඨානයේ චිත්තානුපස්සනාවෙන් සිදු වෙන සිත පිරිසිදු කිරීම ප්‍රායෝගික ආකාරයෙන් පැහැදිලි කෙරේ.

එමෙන්ම පෘථග්ජනයා යනු කවරේද සහ ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයා යනු කවරේද යන්න පැහැදිලි කිරීම තුලින් අප බොහෝ දෙනා දහම් මාර්ගයේ සිටින තැන පිලිබඳව අවංක, පැහැදිලි වැටහීමක් ඇතිකර ගැනීමට මෙම දේශනාව ඉවහල් වේ.  ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයා සතිය සහ සම්පජඤ්ඤය නිරතුරුව දියුණු කර ගනිමින් හැකි අයුරින් දවස පුරා සිත පිරිසිදු කරන්නේ කෙලෙස දැයි මෙහිදී ගැඹුරින් පැහැදිලි කෙරේ.

මෙම වටිනා ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ, අඞ්‌ගුත්‌තර නිකායේ, ප්‍රභාස්වර වර්ගයේ එන පළමු කෙටි සූත්‍ර දෙකයි. එම සූත්‍ර ඒවායේ කෙටි පරිවර්තන සහිතව පහතින් දැක වේ.

  • පභස‍්සරමිදං භික‍්ඛවෙ චිත‍්තං. තඤ‍්ච ඛො ආගන‍්තුකෙහි උපක‍්කිලෙසෙහි උපක‍්කිලිට‍්ඨං. තං අස‍්සුතවා පුථුජ‍්ජනො යථාභූතං නප‍්පජානාති.  තස‍්මා අස‍්සුතවතො පුථුජ‍්ජනස‍්ස චිත‍්තභාවනා නත්‍ථීති වදාමීති.
    මහණෙනි, මේ (භවාඞ්ග) සිත ප්‍රභාස්වර ය. එ ද වනාහි ආගන්තුක (ජවන්කෙණෙහි උපදනා රාගාදි) උපක්ලේශයන්ගෙන් කිලිටි වූයෙ ය. ශ්‍රැතරහිත පෘතග්ජන තෙමේ එය තත් වූ පරිද්දෙන් නො දනී. එහෙයින් ‘අශ්‍රැතවත් පෘතග්ජනයාහට චිත්තභාවනායෙක් නැතැ’යි කියමි.
    මෙම සූත්‍රයේ වෙබ් ලිපිනය: http://www.thripitakaya.org/tipitakaya/Index/165?s=10051
  • පභස‍්සරමිදං භික‍්ඛවෙ චිත‍්තං. තඤ‍්ච ඛො ආගන‍්තුකෙහි උපක‍්කිලෙසෙහි විප‍්පමුත‍්තං. තං සුතවා අරියසාවකො යථාභූතං පජානාති. තස‍්මා සුතවතො අරියසාවකස‍්ස චිත‍්තභාවනා අත්‍ථීති වදාමීති.
    මහණෙනි, මේ (භවාඞ්ග) සිත ප්‍රභාස්වර ය. එ ද වනාහි ආගන්තුක උපක්ලේශයන්ගෙන් මිදින. එය ශ්‍රැතවත් ආර්යශ්‍රාවක තෙමේ තත් වූ පරිද්දෙන් දනී. එහෙයින් ‘ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයාහට චිත්තභාවනාව ඇතැ’යි කියමි.
    මෙම සූත්‍රයේ වෙබ් ලිපිනය: http://www.thripitakaya.org/tipitakaya/Index/165?s=10052


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 09 දායකත්ව ධර්ම දේශනා – 09
  2. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  3. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  4. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  5. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  6. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  7. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  8. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  9. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.