දස පාරමිතා අංක: 15 (නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාව 03) 01-06-2024

දස පාරමිතා අංක: 15 (නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාව 03) 01-06-2024

දස පාරමිතා අංක: 15 (නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාව 03) 01-06-2024

දස පාරමිතා අංක: 15 (නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාව 03) – Saturday Dhamma Discussion was conducted via Zoom on 01 June 2024 by Most Ven. Kukulpane Sudassi Thero.  This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය හතලිස් දෙවන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2024 ජූනි මස 01 වන දින සිදුකරන ලදී. 

මෙවර ධර්ම දේශනාව මහණකම තුලින් නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාව දියුණු කිරීමේ ප්‍රතිපදාව පැහැදිලි කරන ලදී.  මෙහිදී මහණකම තුලින් ගිහි ජීවිතයකට දී වඩා හොඳින් නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාව දියුණු කිරීමට තුඩුදෙන කරුණු පැහැදිලි කරන ලදී.

ගිහි හෝ පැවිදි හෝ දෙයාකාරයෙන්ම නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාව වර්ධනය කිරීමේ දී වස්තු කාම සහ ක්ලේශ කාම යන දෙයාකාර කාමයන් ගෙන් වෙන්වීම වැදගත් වෙන ආකාරය පැහැදිලි කරන ලදී.

මෙවර සාකච්ඡාවේදී අද දින මාතෘකාවට අදාළ වටිනා පැන සහ පැහැදිලි කිරීම් ඉදිරිපත් කෙරිණි.


  1. ධර්ම දේශනාව: මහණකම තුලින් නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාව පුහුණු කිරීම පැහැදිලි කරන්න. ***(මහණකම තුලින් නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාව දියුණු කිරීමේ ප්‍රතිපදාව පිලිබඳ වටිනා පැහැදිලි කිරීමකි.)
  2. දහම් සෙවනේ ස්වාමීන්වහන්සේ දැක්වූ අදහස්.
  3. ශීල පාරමිතාව සහ නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාව අතර ඇති විශේෂ වෙනස පැහැදිලි කරන්න. *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි. එමෙන්ම මෙම පිළිතුර ශීල සහ නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතා පිලිබඳ සංක්‍ෂිප්ත විවරණයකි.)
  4. පාරමිතා පිරීමේ දී එය සිදුකල යුතු අනුපිළිවෙලක් තිබේ ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  5. ඇතැම් ශාසනික කටයුතු කිරීමේ දී මහා පරිමාණයෙන් සිදු කිරීම පිළිබඳව අප පිළිපැදිය යුතු ආකාරය පැහැදිලි කරන්න. *** (මාතෘකාවට අනුගත වටිනා කාලීන පැහැදිලි කිරීමකි.)
  6. නෙක්ඛම්ම සංකප්පය සහ නෛෂ්ක්‍ර‍ම්‍යය යනු එකම කාරණය ද? ***
  7. අභිධර්ම සහ අභිවිනය පැහැදිලි කරන්න. ***
  8. පත්තපිණ්ඩිකාංග දෘතාන්ගය සමාදන් වෙන විට එකම භාජනයකට අමතර භාජනයක් පරිහරණය කිරීම වැරදි ද?
  9. රහත් වීමට දස පාරමිතා සම්පාදනය අදාළ වේද සහ එය කල යුත්තේ කොපමණකින් ද? *** (නැවත වතාවක් සිදුකල වටිනා කාලීන පැහැදිලි කිරීමකි.)
  10. ත්‍රිපිටකයේ මුල් සූත්‍ර වල පාරමිතා පිළිබඳව සඳහන් වෙනවා ද නැතහොත් පාරමිතා පිළිබඳව සඳහන් වෙන්නේ අටුවාවේ සහ ජාතක පාලියේ පමණක් ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  11. ඊළඟ වැඩසටහන පිලිබඳ දැනුම් දීම සහ අවසානය. ***

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.