දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන “අරගලය” තුලින් අපගේ ජනතාව දේශපාලඥයන් හට රැවටීම නිසා ඇතිවූ ආර්ථික, සාමාජීය පෙලීම පිළිබඳව කණගාටුවට, කෝපයට පත්වී ක්‍රියා කරනෙමු. ඒ එසේ ඇති වූ ලෙස සිතුවත්, අප සිටින්නේ අපටම රැවටී කියා තේරුම් ගිය හොත් අප ගැන අපටම ඇතිවන කණගාටුව, ද්වේශය කෙසේ වේද?
වංචනිකව ක්‍රියාකරන අපට නොතේරෙන ද්වේශයේ පැතිකඩවල් පිලිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ මෙම විනාඩි 21 වන කෙටි වීඩියෝව මේ කාලයට බොහෝ වටිනා වේ. මෙම වීඩියෝ ඛණ්ඩය “සුගත පද විවරණ – වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම 11 (12-06-2022)” වෙතින් ලබා ගන්නා ලදී.
පසුගිය සියළුම “සුගත පද විවරණ” දේශනා අඩංගු වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.
මෙම විනාඩි 07 ක කෙටි දහම් ඛණ්ඩයෙන් අති පුජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් බොහෝ වටිනා කරුණක් දහම් ශ්‍රවණය කරන බොදු පිරිස වෙත ඉදිරිපත් කෙරේ. අප විසින් ශ්‍රවණය කරන බණ තුලින් අපගේ ගුණ දහම් වඩමින් චරිතය වෙනස් කරගැනීමට අනුගමනය කලයුතු පිළිවෙත කුමක්දැයි මෙහිදී මනාව, කෙටියෙන් පැහැදිලි කෙරේ.
කල යුතු සහ නොකළ යුතු කථා පිළිබඳව අප බොහෝ දෙනෙකුට පැහැදිළි අවබෝධයක් නොමැත. සතියෙන් සහ සම්පජඤ්ඤයෙන් තොරව අපි කථා කරනවා පමණක් නොව අන්‍යයන්ගේ කථා වලට සවන් දීමද කරන්නෙමු. එනිසා අප එදිනෙදා ජීවිතයේදී නොයෙකුත් කෙලෙස් වඩමින්, ගැටුම් ඇතිකර ගනිමින් ජීවිත ගත කරන්නෙමු. විනාඩි 09ක් වූ මෙම වටිනා දහම් ඛණ්ඩය අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2013 දී අනුරුද්ධ සූත්‍රය ඇසුරින් සිදුකල දීර්ඝ දේශනා මාලාවේ 18 වෙනි දේශනාවෙන් උපුටාගන්නා ලදී.
මෙම දහම් ඛණ්ඩය ඇතුලත් සම්පුර්ණ දේශනාව වන “18.අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – කාමච්ඡන්දය දුරු කිරීම – සප්පාය කථා.” ධර්ම දේශනාවට සවන් දීම සඳහා අනුරුද්ධ සූත්‍රය ඇතුලත් වෙබ් පිටුවට පිවිසීමට මෙම වෙබ් යොමුව මත click කරන්න: https://bit.ly/30IGp0M
සෙනසුරාදා ධර්ම සාකච්චාව අංක: 21 සතර සතිපටිඨානයේ චිත්නුතාපස්සනාව පදනම් කරගෙන සිදුකරනු ලැබුණි.
මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට මෙම වෙබ් පිටුවේ පළකර ඇත: https://bit.ly/3uFpNjy
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ විසිවන ධර්ම සාකච්චාව වර්ෂ 2021 මැයි මස 29 දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට වැඩසටහන දායක වූ සේක
සුරතලයට ඇතිකළ තිරිසන් සතෙකුට කරන පින් අනුමෝදනාව කරන පින් අනුමෝදනාව මාතෘකා කරගෙන අපූරු, වෙනස් ආකාරයේ දහම් දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 මැයි මස 26 වෙසක් පෝය දිනයේ සිදුකරන ලදී.
තිරිසන් සතෙකුට හෝ මියගිය ඕනෑම මනුෂ්‍යයකුට හෝ පින් අනුමෝදනා කිරීමට සම්පුර්ණ වියයුතු සුදුසුකම් මොනවාද, මිනිසුන් ඇසුරේ සිටිය තිරිසන් සතුන් හට මිනිස් උපතක් ලබාගැනීමට ඇති ප්‍රවණතාව මොනවාද, තිරිසන් සතුන් හට අධික ලෙස බැඳීමක් ඇතිකර ගන්නා මිනිසුන් හට විය හැකි අවාසි ආදිය පිලිබඳ වටිනා විස්තරයක් මෙහි සඳහන් වේ. එමෙන්ම බුදුරජාණන්වහන්සේ දේශනා කල පරිදි මියයන බොහෝ මිනිසුන් තිරිසන් ආදී දුගති උප්පත්තිවලට පත්වන්නේ කෙසේදැයි පිළිබඳ ධර්මානුකූල වටිනා පැහැදිලි කිරීමක් ද මෙම ධර්ම දේශනාවේ ඇතුලත් වේ.
මෙම ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටය මෙතනින් ලබාගන්න: https://bit.ly/3wGP8uS
නියම බෞද්ධයා තම සේවය අවංකව සිද්ධ කරන ආකාරය පිළිබඳව ඉතාම කාලීන වැදගත්කමක් ඇති ධර්ම දේශනාවක් අති පුජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 මැයි 25 වෙනි දින සිදුකරන ලදී.
අවංක භාවය වර්ථමාන ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික සෑම ආයතනයක් තුලම වාගේ දුබල තත්වයකින් පැවතෙන ගුණයකි. එබැවින් මෙම දේශනාවේ ඇති කරුණු බොහෝ වැදගත් වේ.
ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬපටය මෙතනින් ලබාගන්න: https://bit.ly/3fjLGAc
සෙනසුරාදා ධර්ම සාකච්චාව අංක: 20 විපස්සනාව සහ සතර සතිපටිඨානයේ වෙිදනානුපස්සනාව පදනම් කරගෙන සිදුකරනු ලැබුණි.
මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට මෙම වෙබ් පිටුවේ ඉදිරිපත්කර ඇත: වෙබ් පිටුවට යොමුව: https://bit.ly/3fa2x8v
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ විසිවන ධර්ම සාකච්චාව වර්ෂ 2021 මැයි මස 22 දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට වැඩසටහන දායක වූ සේක.
යහපත් සමාජ ජීවිතයක් ගතකිරීමෙන් එම පුද්ගලයාටත් සමාජයටත් අන්‍යොන්‍ය වශයෙන් කායික, මානසික, ආර්ථික සහ අධ්‍යාත්මික යහපතක් සිදුවේ.
බුදුරජාණන්වහන්සේ දේශනාකළ සිඟාලෝවාද සූත්‍රය අනුව ජීවත්වීමෙන් එවැනි යහපත් සමාජ ජීවිතයක් ගොඩ නගෙන්නේ කෙසේද යන්න පැහැදිලි කරමින් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වටිනා ධර්ම දේශනාවක් වර්ෂ 2021 මැයි මස 17 දින සිදුකරන ලදී.
එම ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටය මෙතනින් ලබාගන්න: https://bit.ly/3hLLefG එම සිඟාලෝවාද සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙම යොමුවෙන් කියවන්න: http://www.thripitakaya.org/tipitakaya/Index/80?s=36
ප්‍රියයන්ගෙන් වෙන්වීම සාර්ථක කමටහනක් ලෙස යොදාගන්නේ කෙසේද යන්න පිළිබඳව ඉතාම වටිනා ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 මැයි මස 16 දින සිදුකරන ලදී.
අප කොතරම් උත්සාහයෙන් අප ප්‍රියකරන පුද්ගලයන් අප වෙත හැමදා රඳවා ගැනීමට උත්සහ කලත් එය එසේ සිදු නොවේ. ඇතැම්විට ඒ අය කාලයත් සමග වෙනස් වී ප්‍රිය බවින් අඩුවේ. එසේ නැතහොත් මරණය නිසා ඔවුන් අපගෙන් හෝ අප ඔවුන්ගෙන් හෝ වෙන්වීම අනිවාර්ය වශයෙන් සිදු වේ.
මේ බව ගිහි පැවිදි, ස්ත්‍රී පුරුෂ සියලු දෙනා නිරන්තරයෙන් සිහියේ තබාගන ඒ තුලින් ලෝක ධර්මතාවය තෙරුම් ගන්නේ කෙසේද සහ එය කමටහනක් ලෙස දියුණු කරන්නේ කෙසේද යන ආකාරය නොයෙක් පැතිවලින් මෙම දේශනාවේ පැහැදිලි කෙරේ. බුදුරජාණන් වහන්සේ දේශනා කල අභිණ්හපච්චවෙක්ඛන සූත්‍රය ඇසුරුකොට මෙම වටිනා දේශනාව සිදුකෙරිණි.
එම වටිනා සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙම යොමුවෙන් කියවන්න: https://pitaka.lk/main?n=30157
මෙම ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටය මෙතනින් ලබාගන්න: https://bit.ly/3eZN22V
මේ කාලයේ බොහෝ දෙනෙකු මානසික ආතතිය නිසා පීඩා විඳිති. අප නිතර සිතන ආකාරය අනුව මානසික ආතතිය ඇතිවන හැටි, දහමට අනුව සිතේ ආවේග පාලනය සිදුකල යුතු ආකාරය, පණ්ඩිතයන් සතු වටිනා ගුණ ධර්මයන් දෙක වන නොපැමිණි බර නොගැනීම සහ පැමිණි බර දරා ගැනීම යන වටිනා දහම් කරුණු මෙහි පැහැදිලි කෙරේ.
එදිනෙදා ගිහි ජීවිතයේදී මානසික ආතතිය දුරුකරගෙන ගුණදහම් දියුණුකර ගැනීම සිදුකරන්නේ කෙසේද යන වටිනා කාරණය පාදක කරමින් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් මෙම දේශනාව වර්ෂ 2021 මාර්තු මස 16 දින සිදුකරන ලදී.
ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬපටය මෙතනින් ලබාගන්න: https://bit.ly/3ygDLLK