මීතිරිගල නිස්සරණ වනවාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 දෙසැම්බර් 12 වෙනි ඉරු දින අනාපානසති සූත්රය අනුව සිදුකරන ලද ධර්ම දේශනාව ඉතා විශිෂ්ට වේ. එම දේශනාව අනාපාන සතිය වඩන ගිහි පැවිදි සියළු යෝගාවචරයන් හට බොහෝ ප්රයෝජනවත් වේ.
එම දේශනාවේ මුල් කොටසින් අනාපාන සති භාවනාව තුලින් කායානුපස්සනාව සහ වේදනානුපස්සනාව වඩන ආකාරය සහ අනාපානසති සූත්රයේ දැක්වෙන ඒවායේ නොයෙකුත් අවස්ථා ක්රමිකව පසුකරන ආකාරය පැහැදිලිවත්, ප්රායෝගිකවත් පහදා දේ. ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් දෙවනුව යෝගාවචරයාට චිත්තානුපස්සනා සහ ධම්මානුපස්සනා සතිපට්ඨානයන් වැඩීම පිළිබඳව අනාපානසති සූත්රයේ සඳහන් එම අවස්ථා ඇසුරුකර ගනිමින් ඉතා වටිනා පැහැදිලි කිරීමක් සිදුකෙරේ.
මෙම දේශනාව තුල අනාපානසතිය වඩන යෝගාවචරයන් හට නැවත නැවතත් ශ්රවණය කිරීමට සුදුසු වටිනා කරුණු රැසක් සංක්ෂිප්තව ගොනුකොට ඇත. එමෙන්ම එදින සිදුකල ධර්ම සාකච්චාවේද වටිනා කමටහන් පිරිසිදු කිරීම් බොහොමයක් ඇතුලත් වේ.
පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් ඉරිදා සූත්ර දේශනා මාලාවේ එකොලොස් වන සූත්ර මාලාව ලෙස ආනාපානසති සූත්රය පිලිබඳ දේශනා මාලාව වර්ෂ 2021 නොවැම්බර් මස 14 වෙනි දින ආරම්භ කරන ලදී.
ආනාපාන සතිය බුදුරජාණන් වහන්සේ විසින් අප වෙත හඳුන්වා දුන් ප්රධානම භාවනා ක්රම වේදයකි. ආශ්වාසය හා ප්රාශ්වාසය මූලික කොටගෙන වෙනත් ආගම් වලද භාවනාවන් ප්රචලිත වී තිබේ. එනමුදු ඒවා තුලින් ලබන ප්රතිඵලයන් බුදු දහමේ ඉලක්ක කරන ප්රතිඵලයන් වලට වඩා වෙනස් වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කල ආනාපානසති සූත්රය තුලින් ආශ්වාසය සහ ප්රාශ්වාසය පිලිබඳව ඇති කරගන්නා සතිය නිවන් දැකීම සඳහා දියුණු කරන ක්රමවේදය පැහැදිලි වේ.
ආනාපානසති සූත්රය ත්රිපිටකයෙන් මෙතනින් කියවන්න.
මෙම Zoom දුරස්ථ වැඩසටහනට සම්බන්ධ වීමට Zoom මෘදුකාංගය ස්ථාපිත කරගෙන පහත දැක්වෙන අයුරින් සම්බන්ධ වන්න.
https://us02web.zoom.us/j/
Password: 171717
- ධර්ම දේශනාව 01 – ආනාපානසති සූත්රය. (14-11-2021)
- ධර්ම සාකච්චාව 01 (14-11-2021)
- ධර්ම දේශනාව 02 – ආනාපානසති සූත්රය – කායානුපස්සනාව. (21-11-2021)
- ධර්ම සාකච්චාව 02. (21-11-2021)
- ධර්ම දේශනාව 03 – ආනාපානසති සූත්රය – වේදනානුපස්සනාව. (05-12-2021) ***
- ධර්ම සාකච්චාව 03. (05-12-2021) ***
- ධර්ම දේශනාව 04 – ආනාපානසති සූත්රය – චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව. (12-12-2021) ***
- ධර්ම සාකච්චාව 04. (12-12-2021) ***
To be continued…
පසුගිය ඉරිදා දහම් වැඩ සටහන් ඇතුලත් මූලික වෙබ් පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
This is great teaching! Please keep sending me weekly. Much merits!
excellent talks and dicussions , pl send me weekly.