Houston Buddhist Vihara 2021.

Houston Buddhist Vihara.

Most Ven. Ellawala Vijithananda Maha Thero conducted a valuable five days long meditation program via zoom targeting the beginners of Vipassana meditation. It was conducted for Houston Buddhist Vihara, Texas, U.S.A. during September 2021. It was conducted in Sinhala.

අති පූජනීය එල්ලාවල විජිතානන්ද ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 සැප්තැම්බර් මාසයේදී Zoom තාක්‍ෂණය භාවිතා කරමින් හියුස්ටන් බෞද්ධ විහාරය සඳහා දින 05ක දුරස්ථ විපස්සනා භාවනා වැඩමුළුවක් පවත්වන ලදී. එම භාවනා වැඩමුළුව විපස්සනා භාවනාවට පිවිසෙන නවකයන් සඳහා මූලික වශයෙන් සිදුකරන ලදී. එම වැඩසටහනට ලෝකයේ නොයෙක් රටවල් වලින් ශ්‍රී ලාංකික  යෝගීන් සම්බන්ධ වූහ. එම වැඩමුළුව සිංහල භාෂාවෙන් පවත්වන ලදී.

අති පූජනීය එල්ලාවල විජිතානන්ද ස්වාමින්වහන්සේ සක්මන් භාවනාව ප්‍රගුණ කිරීමෙන් පමණක් විපස්සනාව වඩන ආකාරය පිළිබඳව පුහුණු කරන්නාවූ විරල ගනයේ කර්මස්ථානාචාර්යයන් වහන්සේ නමකි. සක්මන් භාවනාව, සතිය සහ ප්‍රඥාව වර්ධනය කිරීමට මහෝපකාරී වන කර්මස්ථානයකි. එමෙන්ම ගෞරවනීය ස්වාමින්වන්සේ කාර්ය බහුල ගෘහ ජීවිත ගත කරන අයට නිවෙස් තුලදීම දියුණු කල හැකි ආකාරයට මෙම මග පෙන්වීම සිදුකිරීම විශේෂයෙන් වැදගත් වේ.

  1. ආධ්‍යාත්මික පුහුණුවේ ඉල්ලක සහ පුහුණුවේ ආකාරය. (03-09-2021)
  2. කමටහන් පැන – 01. (03-09-2021)
  3. භාවනාවට අදාල මූලික දහම් කරුණු. (03-09-2021)
  4. සබ්බ පාපස්ස අකරනං, වතාවත් සහ කුසලස්ස උපසම්පදා ගුණය. (03-09-2021)
  5. ඇලීම් සහ ගැටීම් යටපත් කිරීම. (04-09-2021)
  6. කමටහන් පැන – 02. (04-09-2021)
  7. ආර්ය අෂ්ඨාංගික මාර්ගය. (04-09-2021)
  8. කුසල් අකුසල් සහ ආර්ය අෂ්ඨාංගික මාර්ගය. (05-09-2021)
  9. කමටහන් පැන – 03. (05-09-2021)
  10. සම්මා වායාමය සක්මන් භාවනාව තුලින් වැඩෙන ආකාරය. (05-11-2021)
  11. සම්මා සමාධිය, සම්මා සතිය සහ යෝනිසෝමනසිකාරය. (06-11-2021)
  12. කමටහන් පැන – 04. (06-09-2021) *** (කායානුපස්සනාව දියුණු කරන භාවනා යෝගීන් හට වටිනා භාවනා උපදේශයන් රැසක් ඇතුලත් වේ.)
  13. නීවරණ ක්‍රියාත්මක වන සහ භාවනාවෙන් යටපත් කරන ආකාරය. (06-09-2021) *** (නීවරණ ජීවිතයේදී සහ භාවනාවේදී ක්‍රියාත්මක වෙන ආකාරය සහ යටපත් කරන ආකාරය පිලිබඳ ඉතා වටිනා දේශනාවකි.)
  14. විපස්සනාවෙන් පමණක් වැඩෙන සත්තිස් බෝධි පාක්ෂික ධර්ම සහ එම වැඩීමට බාධා කරන මාර පාක්ෂික ධර්ම. (07-09-2021) *** (විපස්සනා භාවනා මාර්ගයේ ආරම්භක සහ පළපුරුදු යන යෝගාවචර දෙපිරිසටම ඉතා වැදගත් වන දේශනාවකි.
  15. කමටහන් පැන – 05. (07-09-2021) *** (නවක සහ පළපුරුදු යෝගාවචරයන් දෙකොටසටම වැදගත්වන කමටහන් පිරිසිදු කිරීම් ඇතුලත් වේ. එමෙන්ම මෙහි ඇතැම් උපදෙස් අනාපාන සති භාවනාවේ කායානුපස්සනාවේ යෙදෙන යෝගීන්ට පවා සුදුසු වේ.)
  16. අවසාන දේශනාව – ශීලය, භාවනාවට උපකාර වෙන ආකාරය. (07-09-2021) ***
  17. කමටහන් පැන සහ වැඩමුළුවේ නිමාව. (07-09-2021)


2 thoughts on “Houston Buddhist Vihara 2021.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.