Video Dhamma of Most Ven. Kukulpane Sudassi Thero_07

Given below are important Video Dhamma conducted by Most Ven. Kukulpane Sudassi Thero.

පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකල වටිනා වීඩියෝ ධර්ම දේශනා සහ සාකච්චා මෙහි පල කෙරේ.

It’s sensible to watch the videos by clicking on the videos – without downloading because downloading could consume a lot of internet Data. We have also provided the links to the audio files for those who wish to save the Dhamma for listening.

To download the Audio file : You could download the file by right clicking on the file link and then selecting “save as” from the drop down menu. Save the file into a pre designated folder to listen on multiple occasions. This is the best way to save your internet allocation.

වීඩියෝ නැරැඹීම සඳහා එම වීඩියෝ මත click කරන්න. ඒවා බාගත කිරීමෙන් ඔබගේ අන්තර්ජාල data වැයවීම අධික වියහැක. එබැවින් සෑම වීඩියෝවක් සමගම පසුව ශ්‍රවණය කිරීමට බාගත කළහැකි හඬ පටයේ link (යොමුව) ද ඉදිරිපත් කරන්නෙමු.


31. සම්මා දිට්ඨියෙහි සහ කල්‍යාණ මිත්‍ර සම්පන්තියෙහි ඇති වටිනාකම (13-12-2020):ලෞකික සම්මා දිට්ඨියේ අප නොදුටු පැති එදිනෙදා ජීවිතයේ උදාහරණ යොදා ගනිමින් පැහැදිලි කෙරෙන මෙම ධර්ම දේශනාව ගිහි පිංවතුන් හට මනා ප්‍රායෝගික වටිනා කමකින් යුතුවේ.  ඇතැම් අය ආරම්භ කරන ව්‍යාපාර සාර්ථක වීමටත් ඇතැම් අය ආරම්භ කරන ව්‍යාපාර අසාර්ථක වීමටත් හේතුව වශයෙන් බුදුරජාණන් වහන්සේ දැක්වූ කාරණය ඒ පිලිබඳ අපූරු උදාහණයකි. (දහම් දේශනාවේ හඬ පටය බාගත කරගැනීමට ඇති link/යොමුව). 

32. මනුෂ්‍යත්වයෙන් ආධ්‍යාත්මික ප්‍රවේශයක් කරා – දෙවන ධර්ම දේශනය: නිවැරදි ආධ්‍යාත්මික දියුණුව යනු කුමක්දැයි අප සමාජයේ බොහෝ දෙනෙකුන් අවභෝද කර නැත්තේ ඇයි දැයි දැන ගැනීමට මෙම දේශනාව ඔබට මහෝපකාරී වනු ඇත. එමෙන්ම නිවන්මග නියම ආකාරයෙන් දියුණු කිරීමටද එම අවභෝදය ඔබට ඉමහත් පිටිවහලක් වනු ඇත.                                       මේ සුවිශේෂි ධර්ම දේශනා මාලාවේ දෙවන පියවර වේ. ආධ්‍යාත්මික ශක්තිය අවධි කරගැනීම සඳහා අපගේ දැක්ම, චින්තනය සහ ආකල්ප කෙසේ සකසා ගතයුතුද කියන කාරණය මුල්කොටගෙන ශ්‍රී ලංකාව පුරාම සිදුකරන්නට යන ධර්ම දේශනා මාලාවේ දෙවන දේශනාව මහනුවර ශ්‍රී දළදා මාලිගාව අභියස දී පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් මෙසේ සිදුකරන ලදී. (දහම් දේශනාවේ හඬ පටය බාගත කරගැනීමට ඇති link/යොමුව).   

33. ජීවිතයේ සැන්දෑ සමයේ හුදකලාබව අර්ථ සම්පන්න කරගන්නා ආකාරය. (05-09-2020): මෙම දේශනාවේ විශේෂත්වය වන්නේ එහි සඳහන් කරුණු අප ජීවිතයේ ඕනෑම වයසකදී යොදාගත හැකි බැවිනි. ඒ මන්ද යත් කොවිඩ් 19 අපට කියාදුන් පරිදි හුදකලා බව සහ තනිවීම ජීවිතයේ ඕනෑම වයසකදී සිදුවිය හැකි නිසාවෙනි. (දහම් දේශනාවේ හඬ පටය බාගත කරගැනීමට ඇති link/යොමුව). 

34. ගිහි ජීවිතයක් තුල ප්‍රඥාව අවදි කරන්නේ කෙසේද? (05-09-2020): ඉහත මාතෘකාව පදනම් කොටගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2020 සැප්තැම්බර් මස 10 දා ඉතා වැදගත් ධර්ම දේශනාවක් සිදුකරන ලදී. (දහම් දේශනාවේ හඬ පටය බාගත කරගැනීමට ඇති link/යොමුව). 

35. ඉන්ද්‍රිය ධර්ම. (13-09-2020): නිවන් දැකීම සඳහා ඉවහල් වෙන බෝධි පාක්ෂික ධර්ම වල සඳහන් වැදගත්ම කාරණාවන් පිළිබඳව වර්ෂ 2020 සැප්තැම්බර් මස 13වෙනි දින පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකල ඉතා වැදගත් දායකත්ව ධර්ම දේශනාවකි. (දහම් දේශනාවේ හඬ පටය බාගත කරගැනීමට ඇති link/යොමුව).

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.