Video Dhamma of Most Ven. Kukulpane Sudassi Thero_06

Most Ven. Kukulpane Sudassi Thero

Given below are important Video Dhamma conducted by Most Ven. Kukulpane Sudassi Thero.

පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකල වටිනා වීඩියෝ ධර්ම දේශනා සහ සාකච්චා මෙහි පල කෙරේ.

It’s sensible to watch the videos by clicking on the videos – without downloading because downloading could consume a lot of internet Data. We have also provided the links to the audio files for those who wish to save the Dhamma for listening.

To download the Audio file : You could download the file by right clicking on the file link and then selecting “save as” from the drop down menu. Save the file into a pre designated folder to listen on multiple occasions. This is the best way to save your internet allocation.

වීඩියෝ නැරැඹීම සඳහා එම වීඩියෝ මත click කරන්න. ඒවා බාගත කිරීමෙන් ඔබගේ අන්තර්ජාල data වැයවීම අධික වියහැක. එබැවින් සෑම වීඩියෝවක් සමගම පසුව ශ්‍රවණය කිරීමට බාගත කළහැකි හඬ පටයේ link (යොමුව) ද ඉදිරිපත් කරන්නෙමු.


26. අකල් මරණ වලින් බේරෙන හැටි (29-12-2020): අකාලයේ මරණයට පත් නොවී දිගුකලක් ජීවත්වීමට අප සෑමදෙනා තුලම කැමැත්තක් සහ ප්‍රාර්ථනාවක් පවතී. එසේ අකල් මරණ වලින් ගැලවී සිටීමට දහමේ දක්වන ප්‍රතිපදාවන් පිළිබඳව සිදුකල මෙම ධර්ම දේශනාව වර්ෂ වාර්ෂ 2020 දෙසැම්බර් මස 29 දින අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලදී. (දහම් දේශනාවේ හඬ පටය බාගත කරගැනීමට ඇති link/යොමුව). 

27. අත්හැරීම (23-12-2020): අත්හැරීම පිලිබඳ බොහෝ කතා බහ ගිහි සහ පැවිදි දෙපක්ෂය අතරම සිදුවුවත් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාල අත්හැරීම සහ නික්මීම පිළිබඳව විශාල පටලැවිලි බවක් මේ කාලයේ ඇතිබව පැහැදිලි කෙරෙන මෙම ධර්ම දේශනාව ඉතාම කාලෝචිත සහ ප්‍රායෝගික වටිනා කමකින් යුතු දේශනාවක් වේ.
බොහෝ බෞධයන් ද්වේශය නමැති අකුසලය වර්ධනය කරමින් එය අත්හැරීම ලෙස වරදවා වටහා ගැනීමත් එයින් මිදීමට සිදුකලයුතු වැඩපිළිවෙලත් පැහැදිලි කෙරෙන මෙම ධර්ම දේශනාව වර්ෂ 2020 දෙසැම්බර් මස 23 දින අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලදී. (දහම් දේශනාවේ හඬ පටය බාගත කරගැනීමට ඇති link/යොමුව). 

28. පෘතග්ජන භාවයෙන් මිදීමට (25-12-2020): අප නිතර අසා ඇති සියළු බුදුවරයන්ගේ දේශනාව වන ”සබ්බ පාපස්ස අකරණං…” ගාථාව ඇසුරු කොටගෙන මෙම වටිනා ධර්ම දේශනාව වර්ෂ 2020 දෙසැම්බර් මස 25 දින අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලදී. (දහම් දේශනාවේ හඬ පටය බාගත කරගැනීමට ඇති link/යොමුව).  

29. ගිරිමානන්ද සූත්‍රය (20 -12 -2020): ගිරිමානන්ද සූත්‍රයේ එන දස සංඥාවන් මූලික කොටගෙන සම්මා සතිය පිළිබඳව පැහැදිලි කිරීමක් මෙම ධර්ම දේශනාවෙන් සිදුකෙරේ. මෙම ධර්ම දේශනාව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2020 දෙසැම්බර් මස 20 වෙනි දින Zoom දුරස්ථ මාද්‍යයෙන් සිදුකෙරිණි. (දහම් දේශනාවේ හඬ පටය බාගත කරගැනීමට ඇති link/යොමුව). 

30. පරෝපකරයේ වටිනාකම දියුණුකරන ආකාරය. (13-11-2020): යහපත් වූ කුසලයක් කිරීමේදී ඒ පිලිබඳ ඇතිවන්නා වූ මනෝභාවය සහ එම ක්‍රියාව ලෝකයට අර්ථ සම්පන්න වේද යන කාරණයන් දෙක මත එහි වටිනාකම සහ බලවත්කම තීරණය වේ.  එමෙන්ම ලෝකයට වැඩි යහපතක් කරන්නට නම් අප අපේ ප්‍රඥාව හසුරුවා ගැනීමේදී අප දක්‍ෂ විය යුතු බවත්, අපගේ මනෝභාවය කරුණාව, මෛත්‍රිය සහ මුදිතාව පෙරදැරිව සිදුවිය යුතු බවත් මෙම දේශනාවන් පැහැදිලිවේ. (දහම් දේශනාවේ හඬ පටය බාගත කරගැනීමට ඇති link/යොමුව).  

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.