Video Dhamma of Most Ven. Kukulpane Sudassi Thero_08

Given below are important Video Dhamma conducted by Most Ven. Kukulpane Sudassi Thero.

පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකල වටිනා වීඩියෝ ධර්ම දේශනා සහ සාකච්චා මෙහි පල කෙරේ.

It’s sensible to watch the videos by clicking on the videos – without downloading because downloading could consume a lot of internet Data. We have also provided the links to the audio files for those who wish to save the Dhamma for listening.

To download the Audio file : You could download the file by right clicking on the file link and then selecting “save as” from the drop down menu. Save the file into a pre designated folder to listen on multiple occasions. This is the best way to save your internet allocation.

වීඩියෝ නැරැඹීම සඳහා එම වීඩියෝ මත click කරන්න. ඒවා බාගත කිරීමෙන් ඔබගේ අන්තර්ජාල data වැයවීම අධික වියහැක. එබැවින් සෑම වීඩියෝවක් සමගම පසුව ශ්‍රවණය කිරීමට බාගත කළහැකි හඬ පටයේ link (යොමුව) ද ඉදිරිපත් කරන්නෙමු.


36. බුද්ධානුස්සතිය සහ අනාපානසති භාවනාව. (21- 07-2020):                                          භාවනාව සම්බන්ධ මෙම ධර්ම දේශනාව ආචාර්ය පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් වර්ෂ 2020 ජුලි මාසයේ 21වෙනි දින දායකත්ව ධර්ම දේශනාවක් ලෙස සිදුකරන ලදී. (දහම් දේශනාවේ හඬ පටය බාගත කරගැනීමට ඇති link/යොමුව).

37. අප්‍රමාදය නිසා ඥානාලෝකය බැබලීම (19-09-2020): යම් අයෙකු මුලදී ප්‍රමාදයට පත්වුවත් පසුව අප්‍රමාදීව කටයුතු කිරීම හේතුවෙන් ප්‍රමාදය නැති වී ඥානාලෝකයෙන් බැබලීමට හැකිවන බව ධම්මපදයේ ගාථාවක් ඇසුරු කොටගෙන මෙම දේශනාවෙන් පැහැදිලි කෙරුණි. (දහම් දේශනාවේ හඬ පටය බාගත කරගැනීමට ඇති link/යොමුව).

38. භික්ෂුණී සාසනය. (20-09-2020): මෙම ධර්ම දේශනාව භික්ෂුණී සාසනයේ පහළවීම, පැවතීම සහ අහෝසිවීම තුල වර්තමාන කාන්තාවගේ ස්වභාවය පිළිබඳව සිදුකල කාලෝචිත දායකත්ව ධර්ම දේශනාවකි. නිවන් අවභෝදය සඳහා ස්ත්‍රී පුරුෂ භේදයක් නොමැති බව පැහැදිළි කෙරෙන ත්‍රිපිටකයේ ගාථා රත්නයන් දෙකක් ඇසුරු කොට මෙම ධර්ම දේශනාව පවත්වන ලදී. (දහම් දේශනාවේ හඬ පටය බාගත කරගැනීමට ඇති link/යොමුව). 

39. මනසේ ඇතිවන මායාකාරී ස්වභාවය (24-09-2020):

මෙම ධර්ම දේශනාව මනසේ ඇතිවන මායාකාරී ස්වභාවය හඳුනාගැනීම, යටපත්කිරීම සහ දුරුකිරීම පිළිබඳව, විපල්‌ලාස සූත්‍රය පාදක කොට සිදුකල වටිනා දායකත්ව ධර්ම දේශනාවකි. මේ දේශනාවේ සුවිශේෂ වැදගත්කම වනුයේ සම්මා සතිය, යෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ මනසිකාරය සහ භාවනාව පිළිබඳව සිදුකර ඇති වැදගත් සහ වටිනා කරුණු වේ. (දහම් දේශනාවේ හඬ පටය බාගත කරගැනීමට ඇති link/යොමුව). 

40. තමන්ට තමා ප්‍රිය නුවණැත්තා අකුසලින් මිදී සුරැකෙයි (30-07-2020): මෙම ධර්ම දේශනාව ධම්ම පදයේ බෝධිරාජ කුමරුගේ කථා පුවත ඇසුරුකොට පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකල වටිනා දායකත්ව ධර්ම දේශනාවකි. තමන්ට තමා ප්‍රිය නම් ජීවිතයේ එක් යාමයකදී හෝ තමා අකුසලින් මිදී සුරක්ෂිත වන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ගත යුතු වන බව මෙම දේශනාවෙන් මනාව පැහැදිලි කරන ලදී. (දහම් දේශනාවේ හඬ පටය බාගත කරගැනීමට ඇති link/යොමුව). 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.