
අභිධර්මයේ මූලික කරුණු අංක: 46 (හෘදය, ජීවිත, ආහාර රූප) 02-05-2026
අභිධර්මයේ මූලික කරුණු අංක: 46 (හෘදය, ජීවිත, ආහාර රූප) Saturday Dhamma Discussion was conducted via Zoom on 02nd May 2026 by Most Ven. Kukulpane Sudassi Thero.
This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.
“ප්රායෝගික ජීවිතයෙහි ධර්මය ප්රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දෙසිය දහතුන් වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2026 මැයි මස 02 වන දින සිදුකරන ලදී.
මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.
“අභිධර්මයේ මූලික කරුණු” ග්රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු. එම වටිනා ග්රන්ථයේ මෙවර සාකච්ඡා කෙරුණු කොටසට මෙතනින් පිවිසෙන්න: හෘදය රූපය සහ ජීවිත රූපය
මෙවර ධර්ම දේශනාව තුලින් හෘදය සහ ජීවිත රූප පිළිබඳව පුළුල් පැහැදිලි කෙරීමක් සිදු කෙරිණි. මෙහිදී අපට වැදගත් කරුණු රැසක් හොඳින් පැහැදිලි කෙරිණි.
එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේ දී වටිනා පැන නැගුණු අතර ඒවා පිලිබඳව වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි.
- ධර්ම දේශනාව: හදය සහ ජීවිත රූප පිළිබඳව පැහැදිලි කරන්න. **** (මෙම දේශනාවේ දී හදය සහ ජීවිත රූප පිළිබඳව ඉතා වටිනා සහ ගැඹුරු පැහැදිලි කිරීමක් සිදු කෙරිණි.)
- හදය රූපය අපගේ සිරුර පුරා සම්බන්ධව පැවතුනත් ඇතැම් අයට එයින් පිටත ජීවී, අජීවී සිරුරු සහ රූප තුලට යොමුකළ හැකි වීම සිදු වන්නේ කෙසේ ද? **** (වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
- හදය රූපයේ ක්රියාකාරීත්වය මොලයේ ක්රියාකාරීත්වයට වඩා වැදගත් නොවේ ද? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- හදය රූපය යනු සිතත් ශරීරයත් සම්බන්ධ වෙන තැන ලෙස අපට අනුමාන කල හැකි ද? *** (වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
- හෘදය සැත්කමක් කරන විට ලේ ධාතුව එයින් ඉවත් වෙන බැවින් හදය රූපය එවිට පවතින්නේ කෙසේ ද? ***
- සිතක් කියන්නේ පංචස්කන්ධයක් ද? ***
- සාම පා ගමනේ ස්වාමීන්වහන්සේලා ලංකාවේ ඉතා අධික උෂ්ණත්වය තිබියදී ලෙඩ නොවී සිටිමින් ගමන් කලේ තේජෝ ධාතුව සිතින් පාලනය කල හැකි නිසා ද? **** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- චිත්තය නැතිව රූපය පවතිමින් ජීවයෙකු පැවතිය හැකි බව තේරුම් ගැනීමට අපහසු වේ. එය පැහැදිලි කරන්න. ***
- අපගේ මොලයෙන් ඇතිවෙන රසායනික වෙනස් කමක් නිසා හොර සිතක් ඇති වේ නම් හොරුන්ට දඬුවම් නොකර බෙහෙත් කල යුතු වේ. මෙම අදහස තුලින් මොලය නිසා සිත පවතිනවා යන අදහස නැති වෙනවා නොවේ ද? *** (වටිනා අදහසක් සහ උදාහරණයකි.)
- මනොද්වාරයි, භවංග සිතයි, වොත්තපන සිතයි යන තුනම එකම අදහසක් ද? කර්මයක් සකස්වෙන විට ජවන් සිත් ප්රබලව ක්රියාත්මක නොවී අපට යමක් මතකයට ඒ නම් ඒවා ජවන් වේ ද? ***
- අසංඥතලයේ බ්රහ්මවරුගේ ජීවිතේන්ද්රිය පවතින බැවින් එය ඊළඟ භවයට හේතු වෙනවා ද? ***
- ස්ත්රී හා පුරුෂ වශයෙන් ලේ ධාතුව යම් වෙනසක් උනත් රුධිර දන් දීම් වලදි ගැටලුවක් මතු නොවේ. මේ පිලිබදව පැහැදිලි කරන්න. ***
- සිත කියන්නේ ක්රියාවලියක් කියලා අහලා තියෙනවා. ඒක මොකක්ද ස්වාමීන්වහන්ස?
- සත්වයා එක් භවයකින් චුත වෙනවාත් එක්කම තවත් භවයක ප්රතිසංධිය ලබනවා කියලා අභිධර්මයේ සදහන් වෙනවා. මේ හදය වත්තු රූපය හෘදය වස්තුවේ ලේ ධාතුව ඇසුරේ පවතිනවා නම්, හෘදය වස්තුව ජීවී කලළයක් තුල වැඩෙන්නට සති කීපයක් යනවානෙ. එතකොට ප්රතිසන්ධි සිත කොහොමද චුති සිත නිරුද්ධ වෙනවාත් එක්කම ඇති වෙන්නේ? ***
- අපට යම් කෙනෙක් අපගේ සිරුරට පහර දුන් විට සංඥා බොහෝ ඇති වුවත් ඒවායේ මුල් සංඥාව පමණක් අප ගන්නවා ද? ***
- මගේ ශරීරයෙන් පරිබාහිරව චිත්තජ රූප නිපදවන්න බැරි බව තේරේ. ඒ ගැන පැහැදිලි කරන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- සවිඥානික සහ අවිඥානික ලෝකයේ ඇති ප්රබලම බලවේගය චිත්තයද? **** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- මධුපිණ්ඩික සූත්රයට අනුව මෙම කරුණු පැහැදිලි කරන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- හදවතක් බද්ධ කිරීමේදී හදවතක් ලබාගත් පුද්ගලයාගේ විඥාන ධාතුව ක්රියාත්මක වන්නේ හදවත දුන් පුද්ගලයාගේ විඥාන ධාතුවට අනුව ද?
- මට ගෙදර වැඩ තියෙන වෙලාවට හිතෙන්නෙම මේ මොන සසර දුකක්ද කියලම තමයි. තව තවත් අප්රමාදී වෙන්න ඕනි කියලා හිතනවා. මේ ද්වේශ සිතක් ද? *** (වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
- ළඟදී රට යෑමට තිබෙන නිසා සියලුම කැමති ස්ථාන, පුද්ගලයන් මා විසින් අතහැර දා දමා යා යුතු බව සිතමින් සිත හඬා වැලපෙන තත්ත්වයට පත්ව ඇති විට හදිසියේම සිහිවූයේ මේ හටගන්නේ ද්වේෂ සිතක් බවය. මෙසේ සිතීම නිවැරදිද? ***
- සෑම චිත්ත විථියක්ම චිත්තක්ෂණ දාහතකින්ම අවසන්වේ ද?
- අප ගුරුවරුන් විධියට ළමයින්ට කරුණාවෙන් කටයුතු කලා වුවත් එම ළමයින් යහමගට ගෙන ඒමට අප තරහෙන් කථා කරන අවස්ථා තියෙනවා. එත් එය තාවකාලිකයි. ඒ තුලින් අපගේ ලේ ධාතුවේ වෙනස් වීමක් ඇතිවිය හැකි ද? *** (වටිනා ප්රයෝගික පැනයක් සහ වටිනා පැහැදිලි කිරීමකි.)
- අප සිහිනයක් දැක බය වී ඇති විට අප මිය ගියොත් ඇතිවෙන තත්වය කුමක් වේද? ***
- සිත් මුල් වී කය ක්රියාත්මක වන බව බොහෝ විට වැටහුනද අනපේක්ෂිත සිදුවීමකදී සිතන්නට පෙරම ඊට සුදුසු ලෙස ක්රියාත්මක වීම සිදුවන්නේ කෙසේද? *** (වටිනා පැනයක් සහ වටිනා පැහැදිලි කිරීමකි.)
- සමාලෝචනය සහ අවසානය.
සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
- https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma.
- 2026 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2025 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2024 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2023 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- Dhamma Yathra WhatsApp Group දහම් සංසදයට එක්වීමට මෙම යොමුවෙන් පිවිසෙන්න.
I need join Dharma Deshana conducting by kukulpsne Sudassi Tero
Please clarify. Do you want to listen to the Dhamma sermons or do you want to sponsor a Dhamma Sermon by the Ven. Thero? If you want listen, you could listen through Siyasa Tv (https://www.youtube.com/@siyasatv8608)