අභිධර්මයේ මූලික කරුණු අංක: 37 (භූත රූප) 28-02-2026

අභිධර්මයේ මූලික කරුණු අංක: 37 (භූත රූප) 28-02-2026

අභිධර්මයේ මූලික කරුණු අංක: 37 (භූත රූප) 28-02-2026

අභිධර්මයේ මූලික කරුණු අංක: 37 (භූත රූප) Saturday Dhamma Discussion  was conducted via Zoom on 28th February 2026 by Most Ven. Kukulpane Sudassi Thero.

This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දෙසිය හතර වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2026 පෙබරවාරි මස 28 වන දින සිදුකරන ලදී.

මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.

“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.  එම වටිනා ග්‍රන්ථයේ මෙවර සාකච්ඡා කෙරුණු භූත රූප පිලිබඳ කොටසට මෙතනින් පිවිසෙන්න: භූත රූප

මෙවර ධර්ම දේශනාව තුලින් භූත රූප සහ පඨවි ධාතුව යනු මොනවාදැයි මනාකොට පැහැදිලි කෙරිණි.  මෙහිදී නාම සහ රූප අතර මුලික වෙනස්කම් පළමුවෙන් පැහැදිලි කෙරිණි.  ඉන්පසුව රූප යනු කවරේදැයි පැහැදිලි කෙරිණි.

එමෙන්ම මෙහිදී සූත්‍ර ක්‍රමය සහ අභිධර්ම ක්‍රමය අතර ඇති වෙනස්කම් පැහැදිලි කිරීම විශේෂයෙන්ම වැදගත් වේ. 

එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේ දී මාතෘකාවට අනුගත වූ වටිනා පැන නැගුණු අතර සහ ඒවා පිලිබඳව වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි. 


  1. ධර්ම දේශනාව: භූත රූප සහ පඨවි ධාතුව පිළිබඳව පැහැදිලි කරන්න. **** (භූත රූප යනු මොනවාදැයි පැහැදිලි කෙරෙන ඉතා වටිනා දේශනාවකි.)
  2. සක්මන් භාවනාව හොඳින් ප්‍රගුණ කිරීම තුලින් ධාතු මනසිකාරය දියුණු වී එම තැනැත්තාගේ කෙලෙස් සහ පුද්ගල භාවය අඩු වීමට පටන් ගන්නවා නොවේද? **** (ඉතා වටිනා ප්‍රායෝගික පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
  3. පඨවි ධාතුවේ මෘදු බවත්, තද බවත් යන්න එකම ස්වභාවයක වෙනසක් බව තේරුම් ගන්නේ කෙසේද? එසේම ආකාශ ධාතුව භූත රූපයක් අකාරයෙන් නොගන්නේ මන්ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  4. සමාධි භාවනාවේ පඨවි කසිණ භාවනාවේදී පුහුණු කරන්නේ අභි ධර්මයේ දැක්වෙන පඨවි ගුණයද? **** (වටිනා ප්‍රායෝගික පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
  5. ශ්‍රාවක බෝධියෙන් නිවන් දැකීම, පසේ බුද්ධත්වයෙන් නිවන් දැකීමට වඩා ඉක්මන් වේද? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.  මෙම පිළිතුර තුලින් වටිනා ප්‍රායෝගික කරුණක් වන පුහුණුවේ වැදගත්කම මතු කෙරේ.)
  6. එහෙමයි ස්වාමීන් වහන්ස, මට අයිති නෑනෙ කියලා හිතෙනවා.  ඒ ගැන අවබෝධයෙන් දැක්කොත් හරි නේද? *** (මෙහිදී සක්මන් භාවනාවෙන්  දියුණු කරගත යුතු විපස්සනා දැක්මේ වැදගත්කම පැහැදිලි කෙරේ.)
  7. ආකාශ ධාතුව වායෝ ධාතුව වෙන්න බැරිද? 
  8. මා මාගේ දෙමාපියන් නෑදෑයින් බැලීමට ගිය පසු මගේ සිතට සතුටක් උපදී. එහිදී ඔවුන් විසින් විසින් ඉදිරිපත් කරන පවුල් ගැටලුවලට උපදෙස් දීමට ගොස් අනවශ්‍ය කරදර වලටද මුහුණ දීමට සිදුවේ.**** (වටිනා පැනයක් සහ ඉතා වටිනා ප්‍රායෝගික පැහැදිලි කිරීමකි.)
  9. ආහාර පාලනය කොට සෞඛ්‍ය සෞඛ්‍ය සම්පන්න වීමට ගියහොත් ඔවුන් පවසන්නේ කෙට්ටු වැඩි වී ඇති බවය.  මෙවැනි අවස්ථාවලදී උපේක්ෂාව පත්වන්නේ කෙසේද? මාගේ සිතෙහි හට ගන්නා ගැටීම පංච නීවරණ භාවනාවට දැමිය හැකිද?  මා කුසල් කරන විට ළඟදී සිට ඇතිවන තත්වයක් නම් සිත බොහෝ ප්‍රීතියට, මෛත්‍රියට පත්වෙන ස්වභාවය දවසක් යන තුරු සිතේ පවතී.  මාගේ ගැටළුව නම් මෙවන් අවස්ථාවක දී මා වඩාත් කල යුතු වන්නේ ප්‍රීතියෙන් ඉපිලීම නොව එම සිතේ හටගෙන නැතිවෙන ස්වභාවය බැලීම වීම ද?  විදර්ශනා ඇසින් බැලීම ද?
    මා අද දිනයේදී මාගේ දෙමව්පියන්වද සහභාගි කරවාගෙන අපගේ පන්සලෙහි ස්වාමීන් වහන්සේලා හට දානයක් සිද්ධ කලෙමි.  එහිදී මාගේ දෙමාපියන්ව එම කුසලයට සහභාගී කරවා ගැනීම, එමෙන්ම දාන කටයුතු පිළිබඳව සොයා බැලීම්, දානය දුන් පසු ආහාර මාගේ දෙමාපියන් හට නෑදෑයින් හට බෙදීම, ඔවුන්ට තේ හැදීම ආදී සියලු කටයුතු සිදු කිරීමෙන් පසු මා හට දැඩි මහන්සියක් ඇති විය.  මා ධර්මය පිළිබඳ දන්නා පුද්ගලයකු සමග මේවා කතා කිරීමේ දී ඔහු පැවසුවේ මෙවන් අපහසුතාවයකින් මෙවන් කුසල් කිරීමකට වඩා සුදුසු මෙම සිතෙහි හටගෙන නැතිවන ස්වභාවය භාවනා ස්වරූපයෙන් සිට එය විදර්ශනා කිරීම කියාය.  මන්ද මෙවැනි කුසල් කිරීමට මහත් වෙහෙසක් දැරිය යුතු නිසා.  මෙම ප්‍රකාශය නිවැරදිද? *** (වටිනා ප්‍රායෝගික පැහැදිලි කිරීමකි.)
  10. කුසලයක් කිරීමේ දී අප බුදුගුණ ගැන සිතීම හොඳ දෙයක් බව දනිමි. නමුත් එක්තරා ස්වාමීන් වහන්සේ නමක් මා හට පැවසූයේ බුදු ගුණ සිතනවා ලෙස අන් ආගම්වල අයද එනම් මුස්ලිම් අයද එම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇති බවත්, කතෝලිකයන් එම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇති බවත්ය. එමෙන්ම මෛත්‍රිය ඇති කර ගැනීම කතෝලික අයට ද ඇතිවන බවය. එසේ නම් අප සිදු කළ යුත්තේ එම සිතෙහි හටගෙන නැතිවෙන ස්වභාවය අධ්‍යයනය කිරීමය. රුවන්වැලි මහා සෑය වන්දනා කිරීම නොවන බවය. *** (වටිනා ප්‍රායෝගික පැහැදිලි කිරීමකි.)
  11. අපට පෙනෙන දේ සහ ඇසෙන දේ අපේ සිතින් මවා දෙන දෙයක් ද? **** (වටිනා ප්‍රායෝගික පැහැදිලි කිරීමකි. එමෙන්ම දහම පටලවා ගන්නා තැනක් මෙහි දී පැහැදිලි කෙරේ.)
  12. කුසල ක්‍රියාවක් සිහි කරන විට ඇතිවෙන බුද්ධාලම්බන ප්‍රීතිය පසුව නැති නොවී පවත්වා ගන්නේ කෙසේද? *** (වටිනා ප්‍රායෝගික පැහැදිලි කිරීමකි.)
  13. සමාලෝචනය සහ අවසානය. ***

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.