දස්සනා පහාතබ්බා – Saturday Dhamma Discussion – 82 (08-10-2022)

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව – අංක: 82 (සබ්බාසව සූත්‍රය 02 – කෙලෙස් දුරු කරන විවිධ උපාය මාර්ග) 08-10-2022

දස්සනා පහාතබ්බා – Saturday Dhamma Discussion – 82 (08-10-2022) was conducted on 08 October 2022 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 82 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ අසූ දෙවෙනි ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2022 ඔක්තෝබර් මස 08 වන දින සිදුකරන ලදී.

අද දින ධර්ම දේශනාවේදී සෝවාන් මගින් ප්‍රහාණය කෙරෙන ආශ්‍රව ධර්මයන් මොනවාද සහ එම ආශ්‍රවයන් ප්‍රහාණය කරන්නේ කෙසේද යන්න දේශනා කරන ලදී.  එමෙන්ම නුවණින් දකිනවා යන්න කුමක් දැයි යෝනිසෝමනසිකාරය සහ මෙනෙහි කලයුතු සහ නොකළ යුතු ධර්ම ඇසුරින් එහිදී මැනවින් පැහැදිලි කරන ලදී.  එමෙන්ම ධර්ම සාකච්ඡාවේ ඇතැම් ප්‍රශ්න තුලින් මෙම මූලික මාතෘකාව වඩාත් ගැඹුරකට පිවිසීමට හේතු විනි.

ත්‍රිපිටකයේ එම සබ්බාසව සූත්‍රය මෙතනින් කියවන්න: සබ්බාසව සූත්‍රය.

මෙම (දස්සනා පහාතබ්බා – සබ්බාසව සූත්‍රය 02) ධර්ම සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. නුවණින් දකිමින් සෝවාන් මාර්ග තත්වයේදී ඇතිවන දස්සනා පහාතබ්බා යන්න පැහැදිලි කරන්න. *** (මෙහිදී යෝනිසෝමනසිකාරය සහ මෙනෙහි කලයුතු සහ නොකළ යුතු ධර්ම ප්‍රායෝගික උදාහරණ සහිතව මනා කොට විස්තර කෙරේ.  එමෙන්ම මෙනෙහි නොකළ යුතු සහ මෙනෙහි කල යුතු ධර්ම හඳුනා ගැනීමේ නිර්නායකයන් පැහැදිලි කෙරේ.)
  2. මෙම සූත්‍රයේදී බුදු රජාණන් වහන්සේ සෝවාන් මාර්ගයෙන් පහ වෙන ආශ්‍රයන් ගැන මුලින්ම සඳහන් කලේ ඇයි? *** (මෙම පැනය සහ පිළිතුර මගින් ඉතා වටිනා කරුණු මතු කෙරේ.)
  3. සමූහ ඝනය, සන්තති ඝනය ආදී ඝන හතර ගැන සඳහන් ග්‍රන්ථය කුමක්ද?
  4. ඒක වෝහාරික භවයේ රුපායතනයට සහ මනායතනයට අයිති ධර්මතා මොනවාද?
  5. අෂ්ට ලෝක ධර්මයේ කම්පා වීම පූර්ණ වශයෙන් නැති වන්නේ රහත් වීමෙන් පසුව නොවේද?
  6. සංස්කාර යන්න නොයෙක් අදහස් වලින් දැක්වේ ද?
  7. කෙනෙක් නිතරම සත්ව පුද්ගල භාවයක් නොමැති බව මනසිකාරය කිරීම සෝවාන් වීමට පිටිවහලක් වේ ද? **
  8. සබ්බාසව සූත්‍රයේ දැක්වෙන ආකාර 07 අනුගමනය කරන විට අනුසය ධර්මත් ප්‍රහීන වෙනවා ද? **
  9. විඥාණය අනාත්ම ද? එය එසේ වෙන්නේ කෙසේ ද? ** 
  10. දුක පිරිසිඳ දකින්නේ කොහොමද? *** (වටිනා පිළිතුරකි.)
  11. මොලය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවාද? *** (වටිනා පැහැදිලි කිරීමකි. එය පැන අංක 13 ට සම්බන්ධ වේ.)
  12. කිරි සහ බිත්තර කර්මාන්තය පවා වර්තමානයේ අධාර්මික කර්මාන්තයක් වේ.
  13. යෝගාවචරයන්ගේ මනෝමය ඉර්ධි ඥානය සඳහා සතිය සහ සමාධිය යන දෙකම අවශ්‍ය වෙනවා ද? *** (වටිනා පැහැදිලි කිරීමකි. එය පැන අංක 11 ට සම්බන්ධ වේ.)
  14. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.