Saturday Dhamma Discussion – 63 (07-05-2022)

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව – අංක: 63 (ප්‍රඥාව 08 – අනුරුද්ධ සූත්‍රය: 16) 07-05-2022

Saturday Dhamma Discussion – 63 was conducted on 07 May 2022 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Saturday Dhamma Discussion – 63 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ හැට තුන්වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2022 මැයි මස 07 වන දින සිදුකරන ලදී.

මෙවර ධර්ම සාකච්ඡාවේදීද අනුරුද්ධ සූත්‍රයේ හත්වන මහා පුරුෂ විතර්‍කය වන “මේ ධර්මය, ප්‍රඥාවන්තයා හට ය, මේ ධර්මය, අඥානයා හට නොවේ.” යන කරුණ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන ලදී.  මෙදින ප්‍රඥාවට බාධක කරුණු මොනවාද යන වටිනා මාතෘකාව දේශනා කර සාකච්ඡාවට යොදාගන්නා ලදී.

ත්‍රිපිටකයේ එම අනුරුද්ධ සූත්‍රය මෙතනින් කියවන්න: අනුරුද්‌ධ සූත්‍රය.


  1. ප්‍රඥාවට බාධක කරුණු මොනවාද යන්න පැහැදිලි කරන්න. *** (ඉතා වටිනා සහ විරල කරුණු රැසක් පහදා දෙන වටිනා දේශනයකි.)
  2. යම් යම් ක්‍ෂේත්‍රවල ඇතැමුන් ලබාගන්නා සාර්ථකභාවයන් ඇතැම්විට ඔවුන්ගේ ප්‍රඥාවට බාධක කරුණු වෙනවා නේද? *** (වර්තමානයට සහ ප්‍රඥාවට ගැලපෙන වටිනා පැනයක් සහ පිළිතුරකි.)
  3. අනාගත බෝධිසත්වයන් සහ විශේෂ රහතන් වහන්සේලා වීමට පාරමිතා පුරන අයගේ මෙම ගුණ ධර්ම දෙක පිහිටනවාද? *** (ආවේගකාරී නොවන බියනැති බව සහ මැදහත් සති සම්පජඤ්ඤය තුලින් සියළුම කාරනා දැනගැනීමේ උනන්දුව බෝධිසත්වයන් වහන්සේලා දියුණු කරන සහ ඔවුන් තුල ඇතිවන ගුණයක් බව මෙහිදී පැහැදිලි කෙරේ.
  4. බුදුගුණ මෙනෙහි කිරීම සහ මේ අයුරින් ධර්ම කරනා මෙනෙහි කිරීම පාරමිතා පිරීමට හේතු වෙනවද? ***
  5. තීන මිද්ධයෙන් මුදවා සිත ප්‍රබෝධමත් කරගැනීම සහ සිතේ ඇතිවන අනාගතය පිලිබඳ බිය නැති කරගන්නා ආකාරය පැහැදිලි කරන්න. *** (ගෞරවනීය ස්වාමින්වහන්සේගේම අත්දැකීමක් යොදාගනිමින් අෂ්ටලෝක ධර්මයෙන් නොසැලෙන මාර්ගය දියුණු කරගන්නා ආකාරයක් පැහැදිලි කෙරෙන ඉතා වටිනා පිළිතුරකි.)
  6. සිහියෙන් සහ සතියෙන් නින්දට යන ආකාරය තවදුරට පැහැදිලි කරන්න. *** ( මෙහිදී ගෞරවනීය ස්වාමින්වහන්සේ සති දෙකකට පෙර විමසීමට ලක් කල පැනයන් දෙකකට සවන් දෙන ලෙස යොමු කිරීමක් සිදු කල සේක. එම පැන/පිළිතුරු මෙහි දැක්වේ: ථීනමිද්දය නැතිව නිදා ගැනීම පුහුණු කරන්නේ කෙසේද සහ එහි වැදගත්කම කුමක්ද? සහ නින්දට පෙර ඕනෑම භාවනාවක් කර සිහියෙන් නින්දට යා හැකිද?
  7. ප්‍රඥාව පිළිබඳව ගොනුකර ග්‍රන්ථයක් ආකාරයෙන් මුද්‍රණය කිරීමේ බලාපොරොත්තුව ගැන දැනුම් දීම.
  8. සංස්කාරයෝ රෝගයෝය යන්න පැහැදිලි කරන්න.
  9. මෙකල ධර්ම දේශකයන් දහමට විරෝධී දේශනාවන් සිදුකරනවිට නිවැරදි දහම හඳුනා ගන්නේ කෙසේද? ***
  10. පූර්ව කුසල් මතුකරගැනීමට වඩාත්ම සුදුසු භාවනාවක් තිබේද? *** (ඉතාම වැදගත් පිළිතුරකි.)
  11. බුදුදහමට අනුව පැය 4ක් හෝ 4.5 ක් හෝ නිදා ගැනීම ප්‍රමාණවත්ද?
  12. සැරියුත් මහ රහතන් වහන්සේගේ ප්‍රඥාව පිළිබඳව පැහැදිලි කරන්න. ***
  13. අවසානය.

මෙදින සාකච්ඡාවේදී අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සදහන් කරන ලද අති පූජ්‍ය රේරුකාණේ චන්දවිමල මහනාහිමියන් විසින් රචිත ”පාරමිතා ප්‍රකරණය” මෙතැනින් බාගත කරගන්න;
පාරමිතා ප්‍රකරණය.
(ප්‍රඥා පාරමිතාවට අදාළ ධර්ම කරුණු සදහා පිටු අංක 189-201 අධ්‍යනය කරන්න.)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.