Saturday Dhamma Discussion – 61 (28-04-2022)

Saturday Dhamma Discussion – 61 was conducted on 23 April 2022 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Saturday Dhamma Discussion – 61 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ හැට එක්වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2022 අප්‍රේල් මස 23 වන දින සිදුකරන ලදී.

මෙවර ධර්ම සාකච්ඡාවේදීද අනුරුද්ධ සූත්‍රයේ හත්වන මහා පුරුෂ විතර්‍කය වන “මේ ධර්මය, ප්‍රඥාවන්තයා හට ය, මේ ධර්මය, අඥානයා හට නොවේ.” යන කරුණ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන ලදී.  එමෙන්ම මෙදින ධර්ම දේශනාවේදී ප්‍රඥාව ඇති කරගැනීමට උපකාරක හේතු මොනවාද යන්න සම්බන්ධයෙන් පසුගිය සතියේ ආරම්භ කල කරුණු වල ඉතිරි කොටස් පැහැදිලි කරන ලදී.

ත්‍රිපිටකයේ එම අනුරුද්ධ සූත්‍රය මෙතනින් කියවන්න: අනුරුද්‌ධ සූත්‍රය.


  1. ප්‍රඥාව ඇති කරගැනීමට උපකාරක හේතු මොනවාද යන්න පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන්න. *** (ශ්‍රී ලංකාවේ වර්ථමාන තත්වයට ගැලපෙන ආකාරයේ ඉතා වටිනා දේශනාවකි.)
  2. වර්ෂ 2022 මැයි මස 26 සහ 27 දින වල රුවන්වැලිසෑයේ සිදුකෙරෙන විශේෂ පිංකම පිලිබඳ දැනුම් දීම. 
  3. විමසන බව තුලින් ප්‍රඥාව දියුණු කරන ආකාරය පිලිබඳ උදාහරණයක්.*** (වර්ථමානයේ ශ්‍රී ලංකාවේ වාසය කරන අයට සිතේ ඇතිවන ගැටීම්කාරී ස්වභාවයෙන් අත්මිදුන දහම් ක්‍රම වේදයක් පිලිබඳ වටිනා පැහැදිලි කිරීමකි.)
  4. ථීනමිද්දය නැතිව නිදා ගැනීම පුහුණු කරන්නේ කෙසේද සහ එහි වැදගත්කම කුමක්ද?*** (දහම් මග ප්‍රායෝගිකව පුහුණු කිරීමේදී දියුණු කරගැනීමට වටිනා පුහුණුවකි.)
  5. කාර්යාලයේ සිදුකිරීමට ඇති දේ නින්දට ගියවිට සිහිවූ විට නින්ද නොයන්න්නේ ඇයි? ***
  6. අප ප්‍රඥාව ලෙස මෙහිදී කථා කරන්නේ ප්‍රඥා චෛතසිකය ගැනද?
  7. නාම රූප පරිච්චේදය උදාහරණයක් සමග පැහැදිලි කරන්න. ***
  8. නින්දට පෙර ඕනෑම භාවනාවක් කර සිහියෙන් නින්දට යා හැකිද?
  9. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.