
සෙනසුරාදා ධර්ම සාකච්ඡාව – අංක: 60 (ප්‍රඥාව 05 – අනුරුද්ධ සූත්‍රය: 13) 26-03-2022
Saturday Dhamma Discussion – 60 was conducted on 26 March 2022 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Saturday Dhamma Discussion – 60 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ හැටවන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2022 මාර්තු මස 26 වන දින සිදුකරන ලදී.
මෙවර ධර්ම සාකච්ඡාවේදීද අනුරුද්ධ සූත්‍රයේ හත්වන මහා පුරුෂ විතර්‍කය වන “මේ ධර්මය, ප්‍රඥාවන්තයා හට ය, මේ ධර්මය, අඥානයා හට නොවේ.” යන කරුණ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන ලදී. එමෙන්ම මෙදින ධර්ම දේශනාවේදී ප්‍රඥාව ඇති කරගැනීමට උපකාරක හේතු මොනවාද යන්න පිළිබඳව යන්න පිළිබඳව පැහැදිලි කිරීම ආරම්භ කරන ලදී.
ත්‍රිපිටකයේ එම අනුරුද්ධ සූත්‍රය මෙතනින් කියවන්න: අනුරුද්‌ධ සූත්‍රය.
ගෞරවනීය ස්වාමින්වහන්සේ වර්ෂ 2013 දී අනුරුද්ධ සූත්‍රය ඇසුරු කරගෙන සිදුකල දීර්ඝ දේශනා මාලාවට මෙතනින් පිවිසෙන්න: Anuruddha Sutta – අනුරුද්ධ සූත්‍රය 2013.
- අද දින ධර්ම සාකච්ඡාවේදී ගරු ස්වාමින්වහන්සේ විසින් වැදගත් ඉල්ලීමක් කරන ලදී. එනම් අසන ප්‍රශ්නයන් කෙටියෙන් සහ අනෙක් අයගේ කල වේලාව සලකා අසන ලෙසයි.
- ප්‍රඥාව ඇති කරගැනීමට උපකාරක හේතු මොනවාද යන්න පිළිබඳව යන්න පිළිබඳව පැහැදිලි කරන්න. *** (අති පූජනීය රේරුකානේ චන්දවිමල හිමියන් විසින් සම්පාදිත පාරමිතා ප්‍රකරණය ධර්ම ග්‍රන්ථයේ ඇතුලත් කරුණු 20 කින් ප්‍රථම කරුණු 5 පිළිබඳව මෙහිදී දේශනා කෙරිණි. එම කරුණු පටිසම්භිදා මග්ගය, චරියා පිටක අටුවාව,ධම්ම විචය සම්බොජ්ඣංගය දියුණු කිරීමට එහි අටුවාවේ දක්වා ඇති තොරතුරු ඇතුළු විවිධ තැන වල දැක්වෙන තොරතුරු වලින් උපුටා ගන්නා ලද කරුණු වේ.)
- ත්‍රිහේතුක කුසලයක් සාමාන්‍ය ජීවිතය තුලදී සිදුකිරීම පිලිබඳ උදාහරණයක්. *** (මෙම උදාහරණයේදී එවැනි හැකියාවන් තුලින් අප අවට ලෝකය සුවපත් කරමින් තමන්ද සුවපත් වෙන ආකාරය, රටේ වර්තමාන තත්වයටද ආදේශ කරමින් පැහැදිලි කෙරේ.)
- ත්‍රිහේතුක කුසලයක් සතුටින් සිදුකලත් ඒ ගැන පසුව එතරම් නොසිතීම ගැටලුවක් වේද? *** (මෙහි දී ගරු ස්වාමින්වහන්සේ දෙන පිළිතුර ඉතා වැදගත් වේ.)
- ත්‍රිහේතුක කුසලයක් සතුටින් සිදුකලත් ඒ ගැන පසුව සිතේ කැළඹීමක්, දොම්නස් ස්වභාවයක් ඇතිවීම ගැටලුවක් වේද? *** (මෙම පිළිතුරද ප්‍රායෝගික වැදගත් කමකින් යුතු වේ.)
- ගුරුවරියක් ලෙස මා විසින් සිදුකල මෙම කරුණු ධර්මානුකුල නොවේද?
- මරණාසන්න මොහොතේ අනිත්‍ය දුක්ඛ අනාත්ම සිහි කිරීම වඩාත් සුදුසු නොවේද?
- සති සම්පජන්ඥය ඇති සෑම විටදීම ප්‍රඥාව අවධි වෙනවද? ***
- විශේෂ විදර්ශනා ඥාන පිළිබඳව පැහැදිලි කර දෙන්න.
- අප රටේ නායකයින් ඉතා පූජනීය ස්ථානයක දියුරුම්දී රටේ ජනතාව හිතුමතේට ඉතා අපහසු තත්වයකට පත්කළත් ඒ අය යහතින් සිටින්නේ කෙසේද? *** (මෙහි දී ගරු ස්වාමින්වහන්සේ දෙන පිළිතුර ඉතා වැදගත් වේ.)
- අවසානය.
- සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණ කයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma. - මෙම ( ප්‍රඥාව 05 – අනුරුද්ධ සූත්‍රය: 13) ධර්ම සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න.
- පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- Dhamma Yathra දහම් සංසදයට එක්වීමට.