Saturday Dhamma Discussion – 59 (19-03-2022)

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව – අංක: 59 (ප්‍රඥාව 04 – අනුරුද්ධ සූත්‍රය: 12) 19-03-2022

Saturday Dhamma Discussion – 59 was conducted on 19 March 2022 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Saturday Dhamma Discussion – 59 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening. 

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ පනස් නව වන මෙම ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2022 මාර්තු මස 19 වන දින සිදුකරන ලදී.

මෙවර ධර්ම සාකච්ඡාවේදීද අනුරුද්ධ සූත්‍රයේ හත්වන මහා පුරුෂ විතර්‍කය වන “මේ ධර්මය, ප්‍රඥාවන්තයා හට ය, මේ ධර්මය, අඥානයා හට නොවේ.” යන කරුණ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන ලදී.  එමෙන්ම මෙදින ධර්ම දේශනාවේදී පටිසම්භිදා මග්ග පාළියේ සඳහන් ප්‍රඥාව දියුණු කිරීමට කෙනෙකු තුල තිබිය යුතු අත්‍යාවශ්‍ය ගති ලක්‍ෂණ සහ සුදුසුකම් මොනවාද යන්න පිළිබඳව දේශනා කරන ලදී.

ත්‍රිපිටකයේ එම අනුරුද්ධ සූත්‍රය මෙතනින් කියවන්න: අනුරුද්‌ධ සූත්‍රය.

ගෞරවනීය ස්වාමින්වහන්සේ වර්ෂ 2013 දී අනුරුද්ධ සූත්‍රය ඇසුරු කරගෙන සිදුකල දීර්ඝ දේශනා මාලාවට මෙතනින් පිවිසෙන්න: Anuruddha Sutta – අනුරුද්ධ සූත්‍රය 2013.


  1. ප්‍රඥාව දියුණු කිරීමට කෙනෙකු තුල තිබිය යුතු අත්‍යාවශ්‍ය ගති ලක්‍ෂණ සහ සුදුසුකම් මොනවාද යන්න පැහැදිලි කරන්න. *** (මෙම ධර්ම දේශනාවෙන් පටිසම්භිදා මග්ග පාළියේ සඳහන් ප්‍රඥාව දියුණු කිරීමට කෙනෙකු තුල තිබිය යුතු අත්‍යාවශ්‍ය ගති ලක්‍ෂණ සහ සුදුසුකම් මොනවාද යන්න පැහැදිලි කෙරේ.)
  2. ප්‍රඥා චරිතයා හට වඩාත්ම සුදුසු භාවනාව කුමක්ද?
  3. ප්‍රඥාව ඉහත ආකාරයට දියුණු කරන තැනැත්තාට එම නැමියාව නිසා මරණින් පසු සුගතිගාමී වීම ස්ථීරද, නැතහොත් එය කෙරේ වැඩි සම්භාවිතාවයක් ඇති ද? *** (මෙම පිළිතුරින් දැනට සමාජයේ ඇතැම් අය තුල තිබෙන වැරදි අදහසක් නිවැරදි කෙරේ.)
  4. තමන්ගේ අධ්‍යාත්මික දියුණුව සඳහා බුද්ධ රූපයක් නිතරම ළඟ තබාගැනීම වරදක්ද?
  5. අපගේ උප්පත්ති සිත, භවංග සිත සහ චුති සිත පිළිබඳව සඳහන් වෙන ”එකම අරමුණක ඇති සිත් පරම්පරාවක්” යන කරුණ එහි වැදගත් කමත් සමග පැහැදිලි කරන්න. ***
  6. මිය යන මොහොතේ දකින දෙයක් අනිත්‍ය යයි සිතීමෙන් සෝවාන් වැනි තත්වයක් ලඟා කරගත හැකි වේද? *** (මෙම පිළිතුරින් දැනට සමාජයේ තිබෙන වැරදි ක්‍රමවේදයක් පිලිබඳ වූ අදහසක් නිවැරදි කෙරේ.)
  7. සිහිනය අපට හසුරුවන්නට බැරි ආකාරය අනුවම මරණ මොහොතේදීත් අපට අපගේ මනස හැසිර වීමට බැරි වෙනවා නොවේද? ***  (සිහිය පිහිටුවා ගෙන නිදාගන්නා විට සිහිනයත් හසුරවන්නට පුළුවන් බවත් ඒ ආකාරයෙන් පුහුණු කල මනසක් මරණයේදී හැසිරවිය හැකි බව මෙම වටිනා පිළිතුරින් පැහැදිලි කෙරේ.) 
  8. භාවනාවක් කරන විට පංච නීවරණ නිසා උද්ධච්චය සහ විචිකිච්චාව ඇතිවෙන විට එම සිත් මෝහ මුලික සිත් වෙනවද?
  9. උප්පත්තියෙන් මද නුවණක් ඇති අයෙකුට කල්‍යාණ මිත්‍ර ඇසුරක් නොමැති වීම නිසා ප්‍රඥාව දියුණු කරගැනීමට අපහසු වෙනවා නේද?
  10. සත්ව මාංශ නොකන අයෙකු මිය ගිහින් මාංශ භක්ෂික සතෙකු වූවොත් එම සතා ආහාරය පිණිස මස් නොමරා සිටිය හැකිද?
  11. සිත පිරිසිදු කර ගැනීමට යහපත් දේ සහ පින්කම් කලත් ඒවා සිත තුල නොරැඳී අමතක වීම ගැන පැහැදිලි කිරීමක් කරන්න. *** (කුසලය ඉලක්කගත කරනා ආකාරය පිළිබඳව වටිනා පිළිතුරකි.)
  12. දානයේ මානුෂීය සහ අධ්‍යාත්මික පරමාර්ථයන් දියුණු කරගන්නා ආකාරය. ***
  13. භාවනාවකින් තොරව සිතේ අරමුණු නොගෙන සිටීම පැහැදිලිකර දෙන්න.
  14. “ලෙඩවෙන කයත් සමග භාවනා කරන්නට බැහැ” කියනා අයට කුමක් පැහැදිලි කල යුතුද?
  15. අරූප ලෝකයේ සිටින බ්‍රහ්මයන්ගේ සිත පවතින්නේ කෙසේද?
  16. මෙත් වැඩීමේදී ”මම නිදුක් වෙම්වා” යනුවෙන් වැඩීමෙන් මමායනය වැඩිවේවිද?
  17. සත්වයෙක්, පුද්ගලයෙක් හෝ ආත්මයක් හෝ නොවන විට දානාදී දස පාරමිතා සහ කම්ම නියාමය ක්‍රියාත්මක වෙන ආකාරය පහදා දෙන්න.
  18. කල පින්කම් මතක සිටින්නේ නැතිවිට ප්‍රර්ථනා ඇති කරගන්නේ කෙසේදැයි පහදා දෙන්න.
  19. ටෙලිනාට්‍ය සහ චිත්‍රපට බැලීමෙන් කාම ගරුක බව වැඩි වෙනවාද සහ ඒ ගැන අප කුමක් කල යුතුද? *** (වර්තමානයේදී සාමාන්‍ය ජීවිත ගතකරමින් දහම් මග දියුණු කිරීමට වෙර දරන බොහෝ දෙනෙකු පසුබෑමට ලක්කිරීමට හේතු වෙන කරුණක් පිළිබඳව පැහැදිලි කිරීමකි.
  20. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.