Saturday Dhamma Discussion – 58 (12-03-2022)

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව – අංක: 58 (ප්‍රඥාව 03 – අනුරුද්ධ සූත්‍රය: 11) 12-03-2022

Saturday Dhamma Discussion – 58 was conducted on 12 March 2022 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Saturday Dhamma Discussion – 58 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening. 

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ පනස් අට වන ධර්ම සාකච්ඡාව වර්ෂ 2022 මාර්තු මස 12 වන දින සිදුකරන ලදී.

මෙවර ධර්ම සාකච්ඡාවේදීද අනුරුද්ධ සූත්‍රයේ හත්වන මහා පුරුෂ විතර්‍කය වන “මේ ධර්මය, ප්‍රඥාවන්තයාහටය, මේ ධර්මය, අඥානයන් හට නොවේ.” යන කරුණ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන ලදී.  එමෙන්ම මෙදින ධර්ම දේශනාවේදී ප්‍රඥාව දියුණු කිරීමට අවශ්‍ය ගුණාංග සහ ප්‍රඥාව ක්‍රියාත්මක කරන, වැඩෙන පියවර පිළිබඳව දේශනා කරන ලදී.

ත්‍රිපිටකයේ එම අනුරුද්ධ සූත්‍රය මෙතනින් කියවන්න: අනුරුද්‌ධ සූත්‍රය.

ගෞරවනීය ස්වාමින්වහන්සේ වර්ෂ 2013 දී අනුරුද්ධ සූත්‍රය ඇසුරු කරගෙන සිදුකල දීර්ඝ දේශනා මාලාවට මෙතනින් පිවිසෙන්නAnuruddha Sutta – අනුරුද්ධ සූත්‍රය 2013.


  1. ප්‍රඥාව දියුණු කිරීමට අවශ්‍ය ගුණාංග සහ ප්‍රඥාව ක්‍රියාත්මක කරන, වැඩෙන පියවර පිළිබඳව පැහැදිලි කරන්න. ***
  2. ශීලය සහ භාවනාව වෙනස් වන්නේ කෙසේද? ***
  3. සතර සතිපට්ඨාන භාවනාවේදී සමාධිය තුලින් ප්‍රායෝගික ඥානය දියුණු කරගැනීමට පිවිසෙන්නේ කෙසේද? ***
  4. පැවිදි ඇතැමුන් විසින් ධර්මය විකෘති කරන විට අප කුමක් කල යුතුද? ***
  5. සබ්බාසව සුත්‍රයේ ඇති පටිසේවනා පහා තබ්බා යන්න පැහැදිලි කරන්න. ***
  6. වර්තමානයේ ලෝකයේ ඇතිවන ප්‍රශ්න ගැන අප බැලිය යුත්තේ හේතු ඵල සම්බන්දතාවය අනුවද?  ***
  7. අපගේ සිත අභ්‍යන්තර හෝ බාහිර කරුණක් නිසා කැළඹුණු විට හෝ බිය වූ විට එය යථා තත්වයට පත්කර ගැනීමට සුදුසු අභ්‍යාසයක් තිබේද?
  8. ඇසේ විඥානය යනු දකින රූපය නිසා ඇතිවන විඥානයද නැතහොත් හදය රූපය තුල ඇතිවන විඥානයද?
  9. මනසිකාරය යනු කුමක්ද?
  10. යෝනිසෝමනසිකාරය සහ අයෝනිසෝමනසිකාරය යෙදෙන අවස්ථා උදාහරණ සහිතව පෙන්වා දෙන්න. ***
  11. අනිච්ච සහ අනිත්‍ය යන වචන අතර ඇති වෙනස පහදා දෙන්න.
  12. අවසානය.

Share this with others as a gift of Dhamma!

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.