Saturday Dhamma Discussion – 56 (26-02-2022)

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව – අංක: 56 (ප්‍රඥාව – අනුරුද්ධ සූත්‍රය: 09)  26-02-2022

Saturday Dhamma Discussion – 56 was conducted on 26 February 2022 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Saturday Dhamma Discussion – 56 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening. Ven. Anuradhapura Anuruddha Thero also joined to facilitate the discussion.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ පනස් හය වන ධර්ම සාකච්ඡාව වර්ෂ 2022 පෙබරවාරි මස 26 වන දින සිදුකරන ලදී.

මෙවර ධර්ම සාකච්ඡාවේ දී අනුරුද්ධ සූත්‍රයේ හත්වන මහා පුරුෂ විතර්‍කය වන “මේ ධර්මය, ප්‍රඥාවන්තයාහටය, මේ ධර්මය, අඥානයහට නොවේ.” යන කරුණ පැහැදිලි කරන ලදී.  මෙම මහා පුරුෂ විතර්‍කයට “ප්‍රඥාවේ ගති ලක්ෂණ සහ ප්‍රඥාව දියුණු කරන ක්‍රම” යන තේමාවෙන් ප්‍රවිෂ්ට වෙන ලදී.

ත්‍රිපිටකයේ එම අනුරුද්ධ සූත්‍රය මෙතනින් කියවන්න: අනුරුද්‌ධ සූත්‍රය.

ගෞරවනීය ස්වාමින්වහන්සේ වර්ෂ 2013 දී අනුරුද්ධ සූත්‍රය ඇසුරු කරගෙන සිදුකල දීර්ඝ දේශනා මාලාවට මෙතනින් පිවිසෙන්න: Anuruddha Sutta –අනුරුද්ධ සූත්‍රය 2013.


  1. අනුරුද්ධ සූත්‍රයේ හත්වන මහා පුරුෂ විතර්‍කය වන “මේ ධර්මය, ප්‍රඥාවන්තයාහටය, මේ ධර්මය, අඥානයහට නොවේ.” යන කරුණ පිළිබඳව පැහැදිලි කරන්න. *** (ගරු ස්වාමින්වහන්සේගේ මෙවර ධර්ම දේශනාවේදී ප්‍රඥාවේ ලක්‍ෂණ පිළිබඳව බොහෝ කරුණු පැහැදිලි කෙරිණි. ඉදිරි සති වලදී ප්‍රඥාව දියුණු කරන ක්‍රම ඉදිරිපත් කෙරෙනු ඇත.)
  2. කායික දුක්ඛ වේදනාව සහ දොම්නස තුලින් අප දුක හඳුනා ගැනීම නිසා අපට ප්‍රඥාව පහල වන තුරු නියමාකාර දුක්ඛ ලක්‍ෂණය වැසී යන ආකාරය පැහැදිලි කරන්න. ***
  3. සමාධිය සහ ප්‍රඥාව ඇතිවන්නේ ශීලයේ පිහිටි විටදී පමණක් ද? ***
  4. දේවතා අනුස්සතිය භව තණ්හාව ඇති කිරීමට හේතු වේද? ***
  5. පිංකමක් කර අපේ සිතට ඇතිවෙන සතුට ප්‍රඥාවේ සඳහන් වෙන ආලෝකමත් කරන ගතියද? *** (සතුට සහ ප්‍රඥාව අතර ඇති වෙනස පැහැදිලි කෙරෙන වටිනා පිළිතුරකි.)
  6. මාර්ග ඵලයන්ට පත් වීමේදී ඵලයන්ට අදාල කෙලෙස් නැති වෙන්නේ ඒ මොහොතේදී මද?
  7. සුතමය ඥානයෙන් පවා ප්‍රඥාව අවධි කිරීමට හැකි වේද? ***
  8. ධ්‍යාන, මාර්ග ඵල ආදියට පත්විය හැක්කේ ත්‍රිහේතුක ප්‍රතිසන්ධි උප්පතියක් ඇත්නම් පමනද?
  9. සෝවාන් ඵල ලාභියෙකුට අනෙකුත් කෙලෙස් තදංග ලෙස යටපත් කර තැබිය හැකිද?
  10. චූළසුඤ්ඤත සහ මහාසුඤ්ඤත වැනි සූත්‍ර වලදී බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ තදංග නිබ්බුතිය වැනි අවස්ථාවක් ගැනද? *** (සුඤ්ඤත තත්වය පිලිබඳ බුදු දහමේ පැහැදිලි කරන කරුණු සහ වර්තමානයේ ඇතිවී ඇති ඇතැම් සිදුවීම් පිලිබඳ වටිනා පිළිතුරකි.)
  11. සමාජ අසාධාරණයන් පිලිබඳ සංවේදී වීම කෙලෙස් ඇතිකර ගැනීමක් ද? ***
  12. අපට වෙනස් කිරීමට නොහැකි දේශ පාලන පුවත් ආදිය දෙයින් වැලකී සිටීම හොඳ ද? ***
  13. අප සමාජයේ කරුණු වලදී සංවේදී වීමේදී ලෝභය සහ ද්වේශය වඩවා ගන්නවා නොවේද?  ***
  14. සමාදම් වූ ශීලයට අයත් නොවූ කරුණකින් සිත දුෂ්‍ය වේ නම් ඒ ගැන කුමක් කල යුතුද?
  15. අවසානය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.