Saturday Dhamma Discussion – 53 (05-02-2022)

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව – අංක: 53 ( වීර්‍ය්‍යය – අනුරුද්ධ සූත්‍රය: 06) 05-02-2022

Saturday Dhamma Discussion – 53 was conducted on 05 February 2022 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Saturday Dhamma Discussion – 53 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ පනස් තුන්වන ධර්ම සාකච්ඡාව වර්ෂ 2022 පෙබරවාරි මස 05 වන දින සිදුකරන ලදී.

මෙවර ධර්ම සාකච්ඡාවේ දී අනුරුද්ධ සූත්‍රයේ සිව්වන මහා පුරුෂ විතර්‍කය වන ”වීර්‍ය්‍යය”, එනම් පටන්ගන්නා ලද කායික, චෛතසික වීර්‍ය්‍යය ඇත්තා යන කරුණ පැහැදිලි කරන ලදී.  කුසල වීර්යය සහ අකුසල වීර්යය යන මාතෘකාව තුලින් මෙම මහා පුරුෂ විතර්‍කයට ප්‍රවේශ වෙන ලදී.

ත්‍රිපිටකයේ එම අනුරුද්ධ සූත්‍රය මෙතනින් කියවන්න: අනුරුද්‌ධ සූත්‍රය.


  1. අනුරුද්ධ සූත්‍රයේ සිව්වන මහා පුරුෂ විතර්‍කය පිළිබඳව පැහැදිලි කරන්න. ***
  2. අකුසල වීර්‍ය්‍යය ධර්ම කටයුතු තුලින් ඇතිවෙන විට අපට ඇතැම් අවස්ථාවල එය තේරුම් ගන්නට අපහසු වෙනවා නොවේද? ***
  3. ආරම්භ ධාතු, නික්කම ධාතු සහ පරක්කම ධාතු තුලින් බුදුරජාණන් වහන්සේ අදහස් කලේ නිවන් සඳහා වඩන වීර්‍ය්‍යය ගැන පමණක් නොවේද? ***
  4. යමක් ආරම්භ කලාට පසු දිගට කරගෙන යාමට එපා වීම නැතිව දිගට කරගෙන යාමට ගත හැකි පියවර මොනවාද? ***
  5. නිවන්මග දියුණු කිරීමට කටයුතු කලත් සංගීතයට ඇති දැඩි කැමැත්ත යන දුබල කමට කුමක් කල යුතුද? ***
  6. හොඳ දේ කරන විට ඇතිවන මෝහ මුලික සහ ලෝභ මූලික සිතුවිලි වටහා ගන්නේ කෙසේද? ***
  7. හොඳ දෙයක් කරන විට පවා කුසල මුලික සහ අකුසල මුලික සිත් දෙකම ඇතිවීම පෙනෙනවා. එය එසේ විය හැකිද? ***
  8. කුසල්, අකුසල් සිත් ඇතිවන විට ඇතිවන මානසික තත්වයන් හඳුනා ගැනීම තුලින් කුසල අකුසල වීර්‍ය්‍යයන් හඳුනා ගත හැකිද? 
  9. වැඩ නිසා බැහැ කියා අතපසු කොලොත් මේ ලැබූ මනුෂ්‍ය ජීවිතයෙන් පලක් නැහැ නොවේද?
  10. අවසානය.

Share this with others as a gift of Dhamma!

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.