Saturday Dhamma Discussion – 39 (09-10-2021)

Saturday Dhamma Discussion – 39 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාවඅංක: 39)

Saturday Dhamma Discussion – 39 was conducted on 09 October 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Saturday Dhamma Discussion – 39 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ තිස් නව වැනි ධර්ම සාකච්ඡාව වර්ෂ 2021 ඔක්තෝබර් මස 02 දින සිදුකරන ලදී.

මෙවර ධර්ම සාකච්ඡාව චිත්තොපක්ලෙශ ධර්ම වල ව්‍යාපාදය, ක්‍රොධය සහ උපනාහය පාදක කරගෙන සිදුකරනු ලැබීනි.


  1. චිත්තොපක්ලෙශ ධර්ම වල ව්‍යාපාදය, ක්‍රොධය සහ උපනාහය පහදා ඒවා දුරුකරන ආකාරය පැහැදිලි කරන්න.***
  2. අරමුණක් සමග ගැටෙන ඕනෑම අවස්ථාවකදී කර්ම පථයක් සකස් වෙනවද? ***
  3. චාගානුස්සති භාවනාව වඩන ආකාරය පැහැදිලි කරන්න. (චාගානුස්සති භාවනාව වඩන ආකාරය පිළිබඳව වටිනා සහ ප්‍රායෝගික විස්තරයකි)***
  4. කුසලයක් කරන විටදීත් භවය දික්වීමක් සිදුවෙනවාද? (බොදු සමාජයේ පවතින වැරදි මතයක් නිවැරදි කරන මෙම පිළිතුර ඉතා වටිනා එකකි.) ***
  5. අශ්‍රුතවත් පෘතග්ජනයා සහ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා යන පුද්ගලයන් පැහැදිළි කරන්න.
  6. අප කෙරේ බද්ධ වෛරය වෙන කෙනෙකුන් තුල ඇතිවී ඇතිවිට කටයුතු කලයුත්තේ කෙසේද? (මේ පැනයට වටිනා ප්‍රායෝගික පිළිතුරක් සහ දියුණු කලයුතු ක්‍රමවේදයක්  මෙහි ඇතුලත් වේ.) ***
  7. වෛරී පුද්ගලයෙකුට මෛත්‍රී කිරීම වංචනික නොවේ යැයි දැනගන්නේ කෙසේද?
  8. යම් පුද්ගලයෙකු පිළිබඳව ද්වේශයක් ඇතිවූ විට එම සිතුවිල්ල පිලිබඳ විමර්ශනය කරන ඇතැම් විට එම ද්වේශය වැඩිවීම පිලිබඳ කුමක් කල යුතුද? ***
  9. ද්වේශය ඇතිවූ පුද්ගලයෙකු පිළිබඳව දැන් එසේ ද්වේශය පහල නොවී තරහක් පමණක් ඇතිවන තත්වය පැහැදිලිකර දෙන්න.
  10. එදිනෙදා ජීවිතයේ අප අතින් මැරෙන සතුන් කෙරෙහි අප කෙසේ පැවතිය යුතුද?
  11. දෙදෙනෙක් අතර ගැටුමක් තියෙනවිට කෙලෙස් ධර්ම වලින් ගැලවීමට උපාදානය නොකර සිටීම හැකිවේද?
  12. භවාංග සිත යනු කුමක්ද?
  13. යෝනිසෝමනසිකාර යනු ලෝභ, ද්වේශ සහ මෝහ ඇතිවන විටදී එම චෛතසික විදර්ශනා කිරීමද?
  14. සැමවිටම ඉවසීම පුරුදු පුහුණු කලොත් කෙනෙක් සමග නොගැටී ඉන්නට පුලුවන්ද?
  15. වෛද්‍ය උපකරණයක් රෝහලකට පරිත්‍යාග කිරීම වෙනුවට එම මුදලින් පන්සලකට පුජාවක් කිරීමට වඩා සුදුසුද? ***
  16. තමන්ට අවැඩක් කල කෙනෙකු ගෙන් අනාගතයේ ආරක්ෂාවීමට ඒ පුද්ගලයා ගැන සිහි කල යුත්තේ කෙසේද? (දහමේ උගන්වන සතියෙන් සිහි කරනවා සහ සිහි වෙනවා යන වැදගත් කරුණ පිලිබඳ ප්‍රායෝගික උදාහරණයකි. ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් පවත් වූ මෙම වටිනා ධර්ම දේශනාවෙන් මෙම කරුණ වඩාත් පැහැදිලි වෙනු ඇත: වර්ථමානය තුළ ජීවත්වීම (04-09-2021)) ***
  17. චිත්‍රපටියක් නරඹන විට ව්‍යාපාදය මතු වෙනවාද? ***
  18. බාහිර පුද්ගලයා ස්ඛන්ධ, ධාතු යනාදී වශයෙන් බැලීමෙන් ව්‍යාපාදය දුරුකර ගන්නා ආකාරය.
  19. සංඛාර දුක පිලිබඳ නැවත පැහැදිලි කිරීමක් කරන්න.
  20. එදිනෙදා වැඩකටයුතු වලදී පන නැති ද්‍රව්‍ය, භාණ්ඩ නිසා ගැටීම ඇතිවූ විට එය අයිති වන්නේ ව්‍යාපාදය, ක්‍රොධය සහ උපනාහය යන කවර කොටසටද? (සතිය සමග සම්මා වායාම සහ ප්‍රඥාව යොදාගැනීම පිලිබඳ වැදගත් උදාහරණයකි) ***
  21. සමාජ මාධ්‍ය භාවිතා කිරීමේදී අප කෙසේ පිළිපැදිය යුතුද?
  22. සියළු සංස්කාරයන් අනිත්‍ය බව විපස්සනා නුවනින් බලන්නේ කෙසේද?
  23. අවසානය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.