Saturday Dhamma Discussion – 38 (18-09-2021)

Saturday Dhamma Discussion – 38 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාවඅංක: 38)

Saturday Dhamma Discussion – 38 was conducted on 02 October 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Saturday Dhamma Discussion – 38 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening. Ven. Anuradhapura Anuruddha Thero also joined to facilitate the discussion.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ තිස් අට වන ධර්ම සාකච්ඡාව වර්ෂ 2021 ඔක්තෝබර් මස 02 දින සිදුකරන ලදී.  පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්ඡාව මෙහෙයවීමට වැඩසටහන දායක වූ සේක.

මෙවර ධර්ම සාකච්ඡාව චිත්තොපක්ලෙශ ධර්ම වල අභිධ්‍යා සහ විෂමලොභය පාදක කරගෙන සිදුකරනු ලැබීනි.


  1. චිත්තොපක්ලෙශ ධර්ම පහදා එහි අභිධ්‍යා විෂමලොභය පැහැදිලි කරන්න.
  2. යාපනයේ විහාරස්ථානය පිලිබඳ විශේෂ ඉල්ලීම.
  3. වෙන අයෙකුගේ රථ වාහනයක් දැක එවැන්නක් ගන්නට සිතීම විෂමලොභයද?
  4. නිරන්තරයෙන් ඇතිවෙන චිත්තොපක්ලෙශ ධර්ම සමනය කිරීමට වෙහෙසෙනවාට වඩා මාර්ග ඵලයකට උත්සහ කිරීම සුදුසු නැතිද?
  5. යමෙක් සතර සතිපට්ඨානය හොඳින් ප්‍රගුණ කරන විට තමාට තිබෙන භෞතික සම්පත් වලින් සෑහීමට පත්වෙනවා නොවේද?
  6. අන් අයගේ ප්‍රකාශන නිසා සිත කැළඹෙන විට කුමක් කල යුතුද?
  7. සෝමනස්ස සහගත ඥානසම්ප්‍රයුක්ත අසංකාරික කුසල චිත්තයක් සැමවිටම පවත්වාගෙන යන්නේ කෙසේද?
  8. නොදැන කරන වරද, දැනගෙන කරන වරදට වඩා බරපතලවෙන ආකාරය පැහැදිලි කරන්න.
  9. සම්මා වායාමයයි සම්මා සතියයි අතර වෙනස පැහැදිලිකර දෙන්න.
  10. සෝවාන් ඵල ලාභියෙක් ඊළඟ ඵලයට පත්වන තුරු ලෞකික සම්මා දිට්ඨියෙන් පුහුණුවීම පැහැදිළි කරදෙන්න.
  11. දානයක් දීම වැනි කටයුත්තකදී සිදුවූ කුසලය සෑහෙන කාලයක් කුසල් සිතක් පවත්වා ගන්නේ කෙසේද?
  12. චාගානුස්සතිය යන්න පැහැදිලි කරන්න.
  13. දුගියෙකුට දෙන දාන කටයුත්තකදී ඇතිවන ගැටලුවකදී ක්‍රියාකළ යුත්තේ කෙසේද?
  14. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ විමුක්තිය තිබෙන්නේ කොතනකද?
  15. ආර්යයන් වහන්සේ නමකට ඵල සමාපත්තියට සම වැදීමට ධ්‍යාන වශී භාවය පුරුදුකර තිබිය යුතුද?
  16. ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ඇතිවන්නේ කෙසේද?
  17. සම්මා ඥාන තුලින් විමුක්තියට සහ නිවනට යන්න පැහැදිලිකර දෙන්න.
  18. සිතුවිලි වල කෙලෙස් ඉපදීම දැක ඒවා නිවැරදි කරගැනීම සම්මා දිට්ඨියේම කොටසක් ද?
  19. ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක ඥාන සම්ප්‍රයුක්තබව තවදුරට පැහැදිළි කරන්න.
  20. ආහාර සඳහා සතුන් අනුභව කිරීම වංචනික ධර්මයක් නොවේද?
  21. ලෝභය සහ ද්වේශය එකම කාසියේ දෙපැත්ත වාගේ නොවේද?
  22. පින්කමක් සිදුකරනවිට කුසල් හෝ අකුසල් වලට පත් නොවන ලෙස මනෝ භාවය පවත්වන්නේ කෙසේද?
  23. බුද්ධ පූජාවන් නිවසේදී කිරීමේදී අප පිලිපැදිය යුතු කරුණු පහදා දෙන්න.
  24. විලාසිතා කිරීම වංචනික ධර්මයක් ද?
  25. කර්ම රැස්කර ගැනීම අඩුකර ගන්නේ කෙසේද?
  26. සැරියුත් රහතන්වහන්සේ පෙර භවයක ඇතිකරගත් අධිෂ්ඨානය ප්‍රබල කුසල චිත්තයක් සමග ඇතිවූවක්ද?
  27. අවසානය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.