Saturday Dhamma Discussion – 24 (19-06-2021)

Saturday Dhamma Discussion – 24 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව – අංක: 24)

Saturday Dhamma Discussion – 24 was conducted on 19 June 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 24 was audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening. Ven. Anuradhapura Anuruddha Thero also joined to facilitate the discussion.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ විසි හතර වන  ධර්ම සාකච්චාව වර්ෂ 2021 ජූනි මස 19 දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට වැඩසටහන දායක වූ සේක.

මෙවර ධර්ම සකච්චාව සතර සතිපටිඨානයේ ධම්මානුපස්සනාවේ ථීනමිද්ධ නීවරණය පාදක කරගෙන සිදුකරනු ලැබීය.


මෙවර සතර සතිපටිඨානයේ ධම්මානුපස්සනාවේ “ථීනමිද්ධ නීවරණය” සජීවී ධර්ම සාකච්චාවේ ශබ්ද සංස්කරණය කල ප්‍රශ්න හා පිළිතුරු පහතින් දැක්වේ.

  1. ථීනමිද්ධ නීවරණ ධර්මය යනු කුමක්ද, එය ඇතිවන ආකාරය සහ දුරුකරගන්නා ආකාරය පිළිබඳව පැහැදිලි කරන්න.
  2. ජලය පානය කිරීම සහ අහාර ගැනීම අතර ඇති සම්බන්ධතාවයක් පිළිබඳව බුදු දහමේ සඳහන් කර තිබේද?
  3. භාවනා කිරීමේදී ඇතුලතින් ඇතිවන ආලෝකය බාහිරව ඇති විදුලි ආලෝකය සමග පැටලීමක් විය හැකිද?
  4. පර්යංක භාවනාවට ප්‍රථම සරල ශාරීරික ව්‍යායාම කිරීම බුදුදහමට එකඟද?
  5. යෝග ව්‍යායාම පන්සල් වල සිදුකිරීම සුදුසුද?
  6. නිබ්බිදාව ඇතිකරගැනීමට ලෝකය දෙස බලන දෘෂ්ටිය වෙනස්කර ගන්නට ඕනෑ නොවේද?
  7. රාජ කථා, චෝර කථා ආදිය කිරීමට සිදුවන නිසා භික්ෂූන්ට දේශපාලනය අකැප වෙනවා නේද?
  8. මට චිත්තානුපස්සනාව වැඩීමේදී ත්‍රිලක්ෂණය අනුව මෙනෙහි කිරීමට උත්සහ කිරීමේදී ගැඹුරකට යාමට නොහැකි වන්නේ ඇයි?
  9. දූෂිත දේශපාලඥයකුට අනුග්‍රහය දැක්වීම භික්ෂුවකට යෝග්‍ය ද?
  10. ගිහියෙකු රහත් භාවය ලැබුණු පසු පැවිදි වීම හෝ පිරිනිවන් පෑම සිදුවිය යුතුයැයි සඳහන් වන්නේ ඇයි?
  11. අහාර අනුභව කිරීමේදී සංස්කාර රැස්කිරීම නවත්වා ගන්නේ කෙසේද?
  12. නිබ්බිදා මනෝභාවය යනු මෛත්‍රියෙන් ලබන සතුට දැයි පැහැදිලි කරන්න.
  13. ධර්ම මාර්ගයේ ගමන්කරන කෙනෙකුගේ ජීවිතය පහසුවීම නිසා ඔහුට නිවන් මග අතපසුවේද?
  14. සෝවාන් ඵලය ඉලක්ක කරගෙන පුහුණුවීම රහත් ඵලය ඉලක්ක කරගෙන යාමට වඩා සුදුසු නේද?
  15. රසවත් ආහාරයක් ගන්නාවිට අපගේ සංස්කාර රැස්වීම වැඩිවේද?
  16. සම්මෝහය පැහැදිලි කරන්න.
  17. මෙවැනි ව්‍යසන කාලයකදී දරුවකු බිහිකිරීම පාපයක්ද?
  18. කුසල් කිරීමට අපහසු කාලයක ඉපදුනු විට කුසල් කරන්නේ කෙසේද?
  19. අවසානය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.