දස පාරමිතා අංක: 26 (ක්ෂාන්ති පාරමිතාව 01) 19-10-2024

දස පාරමිතා අංක: 26 (ක්ෂාන්ති පාරමිතාව 01) 19-10-2024

දස පාරමිතා අංක: 26 (ක්ෂාන්ති පාරමිතාව 01) 19-10-2024

දස පාරමිතා අංක: 26 (ක්ෂාන්ති පාරමිතාව 01) – Saturday Dhamma Discussion was conducted via Zoom on 19 October 2024 by Most Ven. Kukulpane Sudassi Thero.  This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය පනස් තුන්වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2024 ඔක්තෝබර් මස 19 වන දින සිදුකරන ලදී. 

මෙවර ධර්ම දේශනාව තුලින් ක්ෂාන්ති පාරමිතාව කුමක්දැයි මහා බෝසත්වරු වඩන ක්ෂාන්තිය තුලින් පැහැදිලි කරන ලදී.  මෙහිදී ක්ෂාන්ති පාරමිතාව පිළිබඳව වර්තමාන සමාජය වැරදි ආකාරයෙන් වටහා ගෙන ඇති කරුණු පැහැදිලි කරන ලදී. එමෙන්ම සමාජයේ බහුල ලෙස දැකීමට ලැබෙන ඉවසීම, ක්ෂාන්ති පාරමිතාව නොවන්නේ කුමන හේතු නිසාවෙන් දැයි පැහැදිලි කරන ලදී.  කයට හෝ සිතට පීඩා පැමිණෙන විට අපගේ සිත විපරීත නොවී පවත්වා ගැනීම මෙහි දී අවධාරණය කෙරිණි.

විශේෂයෙන්ම අන් සියළු ගුණ වර්ධනය කර ගැනීමට ක්ෂාන්ති පාරමිතාව හේතුවන බව මෙහි දී පැහැදිලි කෙරිණි.

එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේදී ඉතා වටිනා ප්‍රායෝගික ප්‍රශ්න සහ පැහැදිලි කිරීම් රැසක් මතු කෙරිණි.


  1. ධර්ම දේශනාව: ක්ෂාන්ති පාරමිතාව පැහැදිලි කරන්න. *** (ක්ෂාන්ති පාරමිතාව පිළිබඳව ඉතා වටිනා පැහැදිලි කිරීම් ඇතුලත් වෙන ධර්ම දේශනාවකි.)
  2. ක්ෂාන්ති පාරමිතාව ඇතිකර දියුණු කිරීමට මෙම කරුණු සහ සමාධිය උපකාර වෙනවා ද? *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි. එම පිළිතුර තුලින් සමාධියේ වර්ධනය පිණිස ක්ෂාන්ති පාරමිතාව හේතුවෙන ආකාරය ද පැහැදිලි කෙරේ.  ක්ෂාන්ති පාරමිතාව දියුණු වීමට ශීලය බෙහෙවින් උපකාර වෙන බව පැහැදිලි කෙරේ.)
  3. සෝවාන් ආදී මාර්ගඵල සඳහා කෙතරම් දුරකට මෙම පාරමිතා දියුණු කල යුතු ද? ***
  4. ඉවසීම ඇතිවන්නේ සමාධිය තුලින් නීවරණ යටපත් වූ විට නොවේ ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  5. ශීල පාරමිතාවක් ඇති විට ක්ෂාන්ති පාරමිතාවක් සඳහන් වන්නේ ඒ දෙක අතර විශේෂ වෙනසක් මේ ලෙසින් ඇති නිසා ද? *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  6. ධුතංග රැකීම රහත් වීමට විශේෂ උදවුවක් වෙනවා ද? ***
  7. ශීලය තිබුනා වුවත් ඇතැම්විට ක්ෂාන්තිය දුබල විය හැකි නිසා ක්ෂාන්තිය දියුණු කල හැක්කේ කෙසේදැයි පහදා දෙන්න. *** (ඉතා වටිනා වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
  8. ක්ෂාන්ති පාරමිතාව දියුණු කිරීමට ජීවිතය අත්හැරීමට පවා සුදානම් වීම එම ගුණය වැඩීම හේතු වේද? *** (වටිනා සාකච්ඡාවක් සහ පැහැදිලි කිරීමකි. මෙය ඉහත අංක 07 ට සම්බන්ධ වේ.)
  9. මධ්‍යම ප්‍රතිපදාව ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලෙස පැහැදිලි කල හැකි ද?
  10. නවසීවතික සහ මරණානුස්සති භාවනා වල වෙනස පහදා දෙන්න. (වටිනා පැනයන් සහ වටිනා පැහැදිලි කිරීමකි.)
  11. විතක්කය සහ විචාරය පැහැදිලි කරන්න.
  12. ක්ෂාන්තිය නිතරම පුරුදු කරන්නේ තමා සඳහා පමණද? ***
  13. ශීත රටක ජීවත් වෙන ස්වාමීන්වහන්සේලාට ශීත ඇඳුම් පුජා කිරීම සුදුසු ද? ***
  14. මෙම ජීවන අත්දැකීම ක්ෂාන්ති පාරමිතාවට සම්බන්ධ වුවක් ද? *** (මෙය දාන සහ නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතා සමග බැඳුනු ශීල පාරමිතාව දැක්වෙන ජීවිත අත්දැකීමක් වන බව පැහැදිලි කෙරේ.  අප තුල විවිධ ගුණාංග පාරමිතා වශයෙන් දියුණු කිරීමේ වැදගත්කම මෙහිදී මතු කෙරේ.)
  15. අපරාධයන්ට නොසෙල්වී සිටීමට අමතරව ලාභයට කම්පා නොවීම ක්ෂාන්තිය ද? *** (මෙම පැනය සහ පිළිතුර ඉහත අංක 14 ට සම්බන්ධ වේ.)
  16. අවසානය.

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.