දස පාරමිතා අංක: 09 (ශීල පාරමිතාව – 03) 06-04-2024

දස පාරමිතා අංක 09 ශීල පාරමිතාව 03 06 04 2024

දස පාරමිතා අංක: 09 (ශීල පාරමිතාව – 03) 06-04-2024

දස පාරමිතා අංක: 09 (ශීල පාරමිතාව – 03) – Saturday Dhamma Discussion was conducted via Zoom on 06th April 2024 by Most Ven. Kukulpane Sudassi Thero.  This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය තිස් හය වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2024 අප්‍රේල් මස 06 වන දින සිදුකරන ලදී. 

මෙවර ධර්ම දේශනාව තුලින් වාරිත්‍ර ශීලයේ ප්‍රතිපත්ති ක්‍රමය පැහැදිලි කර අවසන් කෙරිණි.  අපගේ සිත් තුල වංචනික ආකාරයෙන් ඇති වෙන්නා වූ සිතුවිලි වලින් මුලා නොවී ප්‍රඥා සම්පන්න ලෙස ක්‍රියා කල යුතු ආකාරය ප්‍රයෝගික උදාහාරණයන් තුලින් පෙන්වා දෙනු ලැබිණි.  එමෙන්ම කෙලෙස් ප්‍රවාහයන්ට හසුවන මිනිස් මනස සමාජයක් ලෙස නීති සකස් කර ගන්නා ආකාරය මෙහි දී පැහැදිලි කෙරිණි.

එමෙන්ම ගිහිව වසන අය ලෝක ධර්ම නියාමයන්ට අනුව රාගය පැවැත් විය යුතු ආකාරය සහ උත්තරී මනුෂ්‍ය ධර්ම දියුණු කරන පැවිද්දන් වශයෙන් පුහුණු කල යුතු බ්‍රහ්මචාරී ශීලය පැහැදිලි කෙරිණි.  

මෙදින ධර්ම සාකච්ඡාවේදී ද ශීල පාරමිතාව සම්බන්ධ ඉතා වටිනා කරුණු මතු කෙරිණි.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව: වාරිත්‍ර ශීලයේ ප්‍රතිපත්ති ක්‍රමය පහදා අවසන් කරන්න. *** (මෙහි දී මෙම කරුණ ගිහි පැවිදි දෙපිරිසටම යෙදෙන ආකාරය ගැඹුරින් සහ ප්‍රායෝගිකව පැහැදිලි කෙරේ.)
  2. වාරිත්‍ර ශීලය පුහුණු කිරීම චතුසච්ච සම්මා දිට්ඨිය ඇති වීමටත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය දියුණු වීමටත් යොමුවෙන ආකාරය පැහැදිලි කරන්න. *** (ඉතා වටිනා සාකච්ඡාවක් සහ පැහැදිලි කිරීමකි.  මෙහි දී ආර්ය භාවයට පත්වීමේ දී ඇති වෙන විපස්සනා ඥානයන් සමහරක් පැහැදිලි කෙරෙන අතර ඇතැම් ඥාන කඩයිම් වල දී ඇති වෙන දුෂ්කරතාවයන් පරයා යන ආකාරයන් විමසීමට ලක් කෙරේ.  එමෙන්ම හේතු සහ ඵල ප්‍රඥාව දියුණු කර ගැනීමේ ඇති අවශ්‍යතාවය ගැඹුරින් පැහැදිලි කෙරේ.
  3. නවාංග උපෝසථ ශීලයේ නවවන ශීලය ආරක්‍ෂා කරන්නේ කෙසේ ද? ***
  4. ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත් වල දී සම්මා දිට්ඨිය ඇති වෙනවා නොවේ ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමක් සහ සාකච්ඡාවකි.  එමෙන්ම මෙම පැහැදිලි කිරීමේ දී ඉහත පැන අංක: 02 සම්බන්ධ කරුණු මතු කෙරේ.)
  5. ආජීව අෂ්ටමක ශීලය පිළිබඳව ත්‍රිපිටකයේ සඳහන් කර තිබෙනවා ද? ***
  6. භික්ෂුන්වහන්සේ නමක් පොලීසියෙන් තමන් වහන්සේ අතීතයේ කල වැරැද්දකට දඬුවම් ඉල්ලීම වංචක ධර්මයක් තුලින් ඇති වූවක් ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  7. භූත ආත්මයකට සාපේක්‍ෂව බිත්තියක් වැනි ඝන ද්‍රව්‍යයක් නැහැ නොවේ ද? *** (වටිනා පැහැදිලි කිරීමකි. හුදු තර්කයන් නිසා ඇතිවිය හැකි ධර්ම විරෝධී පටලවීමක් මෙහි දී පැහැදිලි කෙරේ.)
  8. අටසිල් සමාදම් වූ දවසේ දී දහවල් 12.30 ට දානය වැළදීමෙන් වරදක් සිදු වෙනවා ද? ***
  9. අටසිල් සමාදම් වූ දවසේ දී සිල් පවාරණයෙන් පසු රාත්‍රී ආහාර ගැනීම වරදක් ද? ***
  10. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.