දස පාරමිතා අංක: 04 (දාන පාරමිතාව) 02-03-2024

දස පාරමිතා අංක: 04 (දාන පාරමිතාව) 02-03-2024

දස පාරමිතා අංක: 04 (දාන පාරමිතාව) 02-03-2024

දස පාරමිතා අංක: 04 (දාන පාරමිතාව) – Saturday Dhamma Discussion was conducted via Zoom on 02nd March 2024 by Most Ven. Kukulpane Sudassi Thero.  This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය තිස්එක් වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2024 මාර්තු මස 02 වන දින සිදුකරන ලදී. 

මෙවර ධර්ම දේශනාව තුලින් දාන පාරමිතාව යනු කුමක්දැයි පැහැදිලි කිරීම ආරම්භ කෙරිණි.  මෙහිදී දාන පාරමිතාව නිවැරදිව සිදු කරන්නේ කෙසේද යන්න ගැඹුරින් පැහැදිලි කෙරිණි.  එමෙන්ම දානයක් පාරමිතාවක් වීමට නම් ඒ තුලින් ප්‍රඥාව අවධි විය යුතු බව අවධාරණය කෙරිණි.  එසේ නම් දානයක් පාරමිතාවක් වීමට නම් එය සිදුකරන්නා තුල සති සම්පජඤ්ඤය තුලින් දියුණු වූ ප්‍රත්‍යවේක්ෂණයෙන් යුතු සිතක් තිබීම අවශ්‍ය වේ.   

එසේම දානයක් පාරමිතාවක් වීමට වඩාත්ම වැදගත් වන්නේ අපගේ මානසික තත්වයේ ස්වභාවය මත බව පැහැදිලි කෙරිණි.  එමෙන්ම ධර්ම දේශනාවේ දී ඇතුලත් වූ තවත් ඉතා වටිනා කරුණක් වනුයේ දානයක් සිදු කිරීමේ දී වංචක ධර්ම වලට හසුවෙන ආකාරය පැහැදිලි කිරීමයි.

එමෙන්ම අද දින ධර්ම සාකච්ඡාවේදී දාන පාරමිතාව පුහුණු කිරීමට සම්බන්ධ ඉතා වටිනා කරුණු මතු කෙරිණි.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව: දානය, පාරමිතාවක් වීමට සිදුකල යුතු ආකාරය පහදා දෙන්න.*** (දාන පාරමිතාව යනු කුමක්දැයි පැහැදිලි කෙරෙන මෙම ධර්ම දේශනාව ඉතා වටිනා වන්නේ දානය පාරමිතාවක් ලෙස දියුණු කිරීමට අවශ්‍ය බොහෝ දෙනා නොදන්නා කරුණු රැසක් පැහැදිලි කෙරෙන බැවිනි.)
  2. අකුසල මානසිකත්වයකින් සිටින කෙනෙක් එයින් මුදවා ගැනීම අප සති සම්පජඤ්ඤයෙන් කිරීමත් දාන පාරමිතාවක් ද? *** (ධර්ම දානයක් සිදු කිරීම උසස්ම දාන පාරමිතාවක් බවත් එය නිවැරදිව උසස් ආකාරයෙන් සිදුකිරීමේ දී චිත්තානුපස්සනාව තුලින් බොජ්ඣංග ධර්මයන් දියුණු කිරීමත් සමග එය ඇතිවිය හැකි බව මෙහිදී පැහැදිලි වේ.)
  3. දහම් සෙවනේ ස්වාමීන්වහන්සේ දැක්වූ අදහස්.
  4. මුදිතාව දාන පාරමිතාවක් ලෙස සැලකිය හැකි ද?
  5. තමන්ගේ කෙනෙක් සතුටින්, හොඳින් සිටීම දැක සතුටු වීම මුදිතාවේ කොටසක් ද? ***
  6. චුන්‍දකර්‍මාර පුත්‍ර‍යා විසින් සිදුකරන ලද අවසන් දානයෙන් බුදුරජාණන්වහන්සේට විශේෂ ශක්තියක් ලැබුනා ද?
  7. දහම් සෙවනේ ස්වාමීන්වහන්සේ දැක්වූ අදහස්.
  8. වනාන්තර වල ජීවත් වෙන භාවනා යෝගී ස්වාමීන්වහන්සේලාට Amazon Kindle උපකරණ පූජා කිරීම සුදුසු ද? *** (වටිනා පැනයක් සහ  වටිනා පැහැදිලි කිරීමකි.)
  9. නිවසට පැමිණෙන යාචකයන්ට නොයෙක් දානයන් දෙන විට තව තවත් යාචකයන් බොහෝ දෙනා පැමිණෙන විට එය ගැටළුවක් බවට පත් වේ. මේ පිලිබඳ උපදෙස් ලබා දෙන්න. *** (වටිනා පැනයක් සහ  වටිනා පැහැදිලි කිරීමකි.)
  10. පිටරටක සිට මුදලින් දානමය පරිත්‍යාගයක් කරන විට ඇතිවෙන මෙම ගැටළුව පිලිබඳ පහදා දෙන්න. *** (වටිනා පැනයක් සහ  වටිනා පැහැදිලි කිරීමකි.)
  11. ජනාකීර්ණ ප්‍රදේශයක ජීවත් වෙන විට හමුවෙන යාචකයින් ගැන විමසා බලමින් දීම සිදු කිරීමේ දී දාන පාරමිතාව දියුණු කිරීම අපහසු වෙනවා නොවේ ද?
    *** (වටිනා පැනයක් සහ  වටිනා පැහැදිලි කිරීමකි.)
  12. පාසැල් යා යුතු දරුවන් සමග සිඟමන් යදින යාචකයින් හමු වූ විට ඇතිවෙන මෙම ගැටළුව ගැන කෙසේ කටයුතු කල යුතු ද? *** (වටිනා පැනයක් සහ  වටිනා පැහැදිලි කිරීමකි.)
  13. අවසානය සහ ඊළඟ වැඩසටහන පිළිබඳව දැනුම් දීම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.