දස පාරමිතා අංක: 03 (හැඳින්වීම) 10-02-2024

දස පාරමිතා අංක: 03 (හැඳින්වීම) 10-02-2024

දස පාරමිතා අංක: 03 (හැඳින්වීම) 10-02-2024

දස පාරමිතා අංක: 03 (හැඳින්වීම) – Saturday Dhamma Discussion was conducted via Zoom on 10th February 2024 by Most Ven. Kukulpane Sudassi Thero.  This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය තිස්වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2024 පෙබරවාරි මස 10 වන දින සිදුකරන ලදී. 

මෙවර ධර්ම දේශනාව තුලින් පාරමිතා යනු කුමක්දැයි හඳුන්වා දීම අවසන් කෙරිණි.  මෙහිදී ප්‍රාර්ථනාවේ ඇති වැදගත්කම ඉතා හොඳින් පැහැදිලි කෙරිණි. ප්‍රාර්ථනාවේ පැහැදිලි බව, ස්ථාවර බව සහ සෑම භවයකදීම සිහිකර ගැනීමේ වැදගත්කම මෙහි දී අවධාරණය කරන ලදී.

එමෙන්ම අද දින ධර්ම සාකච්ඡාවේදී ප්‍රාර්ථනා පුහුණු කිරීමට සම්බන්ධ ඉතා වටිනා කරුණු මතු කෙරිණි.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව: පාරමිතා දියුණු කිරීමේ දී ප්‍රාර්ථනාවේ ඇති වැදගත්කම පහදා දෙන්න. *** (තණ්හා, මාන සහ දිට්ඨි වලින් තොරව ප්‍රර්ථනා දියුණු කරන ආකාරය සහ එහි අවශ්‍යතාවය ගැඹුරින් මෙහි දී පැහැදිලි කරන ලදී.)
  2. යහ ගුණයන් ගැඹුරින් සහ තදින් කෙනෙකු තුල කා වැදී තිබීම එය සිද්ධි වීමක් සහ භවයෙන්, භවයට යන ‘ප්‍රාර්ථනයක්’ වැනි ශක්තියක් බවට පත්වීමක් නොවේ ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.  මෙවන් මානසික හැඩගැසීම් වල ශක්තිමත් බව මත ඒවා භවයෙන් භවයට යා හැකි බලයන් සහ ගුණයන් බවට පත්වෙන ආකාරය මෙහි පැහැදිලි කෙරේ.  මෙය එක්තරා ආකාරයක භවයෙන්, භවයට දියුණු විය හැකි, සිහිකර දෙන ‘සිද්ධි වෙන’ හැකියාවක් බව පැහැදිලි කෙරේ. එවන් හැකියාවකට තණ්හා, මාන, දිට්ඨි වලින් තොර ‘ප්‍රාර්ථනාවක්’ එක්වූ විට භවයෙන්, භවයට දියුණු වෙන ඉතා බලවත් ශක්තියක් ඇතිවේ.
  3. සතර සතිපට්ඨානය දියුණු කිරීමට අනුගාමීව මෛත්‍රී, කරුණා වැනි ගුණයන් භාවනාමය වශයෙන් පුහුණු කිරීම තුලින් අප විසින් සසර තුල කල යහපත් කර්ම උපක්‍රමශීලීව මතුකර ගැනීමට හැකි වෙනවා නොවී ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.  මේ අයුරින් යහපත් කුසල කර්මයන්ගේ විපාක උපක්‍රමශීලීව මතුකර ගැනීම නිවන් ගමන සුවසේ දියුණු කර ගැනීමට හේතු වේ.  මෙම පිළිතුර ඉහත පැන අංක:02 ටද සම්බන්ධ වේ)
  4. සිත දියුණු කිරීම් වශයෙන් විපස්සනාවම මරණ මොහොතේදී ඇතිවීම වඩා සුදුසු නොවේ ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  5. අපගේ පෙර භවයන්ගේ ප්‍රාර්ථනාව සිහිකළ නොහැකි වුවත් අප දියුණු කරනා ගුණ ධර්ම පාරමිතාවන් විය හැකි ද? ***
  6. අපගේ නිවන් ප්‍රාර්ථනාව නිවැරදි ආකාරයෙන් ඇතිකර ගන්නා ආකාරය තව දුරටත් පැහැදිලි කරන්න. *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  7. අපට කිරීමට නොහැකි වූ කුසල් ගැන සිතීමෙන් සක්කාය දිට්ඨිය වැඩෙන්නට පුළුවන් නොවේ ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  8. ශක්තීන් එකතු වීමෙන් රූපයන් ඇතිවෙන බව තේරුම් ගැනීම නිවැරදි ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  9. අප ආත්මයක් නැති නාම රූප එකතුවක් බැවින් අපගේ මරණයෙන් පසු අනාගත භවයේ පවතින්නේ කුමක් ද?*** (වටිනා පැහැදිලි කිරීමකි.)
  10. ධාතු සහ ආයතන යන වචන පහදා දෙන්න.
  11. සීවලී මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේට වඩා වැඩි දාන පාරමිතා ශක්තියක් තිබුනා ද?
  12. චිත්ත වීදි පිලිබඳ මෙම කරුණ පැහැදිලි කරන්න.
  13. කරුණාව නොමැති නිවන් ප්‍රර්ථනා කිරීම වංචනික ද? *** (වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
  14. චක්කු විඤ්ඤාන ධාතුව පැහැදිලි කරන්න.
  15. අවසානය සහ ඊළඟ වැඩසටහන පිළිබඳව දැනුම් දීම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.