බෝධි පාක්ෂික ධර්ම අංක: 12 (25-11-2023)

බෝධි පාක්ෂික ධර්ම අංක 12 - සෙනසුරාදා ධර්ම සාකච්ඡාව (25-11-2023)

බෝධි පාක්ෂික ධර්ම අංක 12 – සෙනසුරාදා ධර්ම සාකච්ඡාව (25-11-2023)

බෝධි පාක්ෂික ධර්ම අංක: 12 – Saturday Dhamma Discussion was conducted via Zoom on 25th November 2023 by Most Ven. Kukulpane Sudassi Thero.  This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය විසි පස් වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2023 නොවැම්බර් මස 25 වන දින සිදුකරන ලදී. 

මෙවර ධර්ම දේශනාවේ දීද බෝධි පාක්ෂික ධර්ම වල එක් අවස්ථාවක දී පමණක් යෙදෙන ඉතිරි පරමාර්ථ ධර්ම වඩන ආකාරය පැහැදිලි කරන ලදී.  අද දිනයේ දී පස්සද්ධි සම්බොජ්ඣංගය දියුණු කරන ආකාරය පැහැදිලි කරන ලදී.

එසේම අද දින සාකච්ඡාවේ දී පස්සද්ධි සම්බොජ්ඣංගය සහ භාවනා මාර්ගය පිලිබඳ ඉතා වටිනා පැහැදිලි කිරීම් මතු කෙරිණි.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව: බෝධි පාක්ෂික ධර්ම වල පස්සද්ධි සම්බොජ්ඣංගය දියුණු කරන ආකාරය පැහැදිලි කරන්න. *** (පස්සද්ධි සම්බොජ්ඣංගය දියුණු කිරීම පිලිබඳ ඉතා වටිනා කරුණු ඇතුලත් වෙන දේශනාවකි. එමෙන්ම කාය සහ චිත්ත පස්සද්ධිය පිළිබඳව වර්ථමානයේ භික්ෂුන්වහන්සේලා අතර පවා පවතින වැරදි මතයක් මෙහිදී නිවැරදි කර පෙන්වා දෙන ලදී.)
  2. දහම් සෙවනේ ගරු ස්වාමින්වහන්සේ විසින් පස්සද්ධි සම්බොජ්ඣංගය පිලිබඳ දැක්වූ අදහස් සහ අත්දැකීම්. ***
  3. ආනාපානසතිය දිනපතා පුරුදු කිරීමත් සමගම යෝනිසෝමනසිකාරය දවසේ හැකි වේලාවක් පැවැත්වීම තුලින් ඒ ඒ අවස්ථා වල දී පස්සද්ධි සම්බොජ්ඣංගය ඇතිවිය හැකි නොවේ ද? *** (පස්සද්ධි සම්බොජ්ඣංගය ඇතිවෙන තවත් ආකාරයක් මෙහි දී පැහැදිලි කෙරේ.)
  4. සෝභන සාධාරණ චෛතසික පිලිබඳව පැනය. 
  5. සෝවාන් වීමට භාවනාව අනිවාර්යයෙන්ම සිදුකල යුතු ද? *** (භාවනාව සහ සෝවාන් වීම පිළිබඳව ඉතා වටිනා පිළිතුරකි.  මෙහිදී භාවනාව පිළිබඳව වර්ථමාන සමාජයේ පවතින වැරදි මත සහ ආකල්ප නිවැරදි කෙරේ.)
  6. කාය පස්සද්ධිය ඇතිවන විට භාවනාවේ දී සිත නින්දට වැටේ. මෙයට පිළියම කුමක් ද? *** (පස්සද්ධිය සහ භාවනාව පිලිබඳ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  7. අවසානය සහ මීළඟ වැඩසටහන පිලිබඳ දැන්වීම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.