බෝධි පාක්ෂික ධර්ම අංක: 03 (19-08-2023)

බෝධි පාක්ෂික ධර්ම අංක: 03 - සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව (19-08-2023)

බෝධි පාක්ෂික ධර්ම අංක: 03 – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව (19-08-2023)

බෝධි පාක්ෂික ධර්ම අංක: 03 – Saturday Dhamma Discussion was conducted via Zoom on 19th August 2023 by Most Ven. Kukulpane Sudassi Thero. This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය පහළොස්වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2023 අගෝස්තු මස 19 වන දින සිදුකරන ලදී.  මෙවර සජීවී ධර්ම දේශනාව සහ සාකච්ඡාව තුලින් බෝධි පාක්ෂික ධර්ම තව දුරටත් විස්තර කෙරිණි.

මෙවර ධර්ම දේශනාවේ දී බෝධි පාක්ෂික ධර්ම වල වීර්ය යෙදෙන අනෙකුත් අවස්ථා පැහැදිලි කරන ලදී.  එහි දී වීර්ය ඉද්ධිපාදයක් ලෙස, ඉන්ද්‍රිය ධර්මයක් ලෙස, බල ධර්මයක් ලෙස, බොජ්ඣංග ධර්මයක් ලෙස සහ මාර්ග අංගයක් ලෙස යෙදෙන අවස්ථා පැහැදිලි කෙරිණි. 

මෙදින ධර්ම දේශනාවට සම්බන්ධ වටිනා පැනයන් සාකච්ඡාව තුලින් මතු කෙරිණි. එමෙන්ම මෙදින මතුකළ සියළුම පැනයන් වටිනා පැහැදිලි කිරීම් මතුකළ ඒවා විය.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව: බෝධි පාක්ෂික ධර්ම වල වීර්ය යෙදෙන අනෙකුත් අවස්ථා පැහැදිලි කරන්න. *** (නිවන් දැකීම සඳහා වීර්යයේ ඇති වටිනාකම මෙහි දී මනාකොට පැහැදිලි කෙරිණි.)
  2. මේ කාලයේ දී බෝධි පාක්ෂික ධර්ම වලට අනුව වීර්ය දියුණු කිරීමේ වැදගත්කම මතු කරන ස්වභාවය අඩුයි නොවේ ද? *** (මෙය වැදගත් සාකච්ඡාවක් වන්නේ වැදගත්  සතිමත් වූ බව පිළිබඳව පමණක් වැඩි අවධානයක් දෙන ආධ්‍යාත්මික සහ සමාජීය තත්වයක දී අනෙකුත් බෝධි පාක්ෂික ධර්ම පිලිබඳ අඩු අවධානයක් දීම ආධ්‍යාත්මික ගමනේ පරිපුර්ණත්වය සඳහා ගැටළුකාරී තත්වයක් ඇතිකළ හැකි බව හෙළිකෙරෙන බැවිනි.
  3. ඉද්ධිපාද වලදී සඳහන් කල ධ්‍යාන වශීභාවය නොකලා වුවත් ධ්‍යාන ලාභියෙකුට යම් යම් විශේෂ හැකියාවන් ඇති විය හැකි ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  4. ඉද්ධිපාද වලදී සඳහන් කල අකාරයේ ධ්‍යාන නොමැති රහතන් වහන්සේලා ඇති විය හැකි නොවේ ද? ***
  5. අනුප්පාද නිරෝධය සිදුවීමට විදර්ශනාව කෙතරම් වැඩිය යුතු ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීම් ඇතිකළ පැනයකි.)
  6. වීර්යයේ සීමාවන් පවතිනවා නොවේ ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීම් ඇතිකළ පැනයකි.)
  7. චිත්ත චෛතසික ධර්ම මමායනයෙන් ගැනීම තුලින් කුසල ධර්ම දියුණු කිරීමේ ගැටළු මතුවෙනවා නොවේ ද? *** (කුසලයන් බෝධි පාක්ෂික ධර්ම වශයෙන් වැඩීමේ දී නිතර පුරුදු කල යුතු කරුණක් මෙහිදී නැවතත් මතු කෙරිණි.)
  8. බොජ්ඣංග ධර්ම භාවනාවක් නොකර වැඩිය හැකි ද? *** (භාවනාව යනු කුමක්දැයි කියා මෙහි දී පැහැදිලි කෙරිණි.)
  9. බොජ්ඣංග ධර්ම වැඩීමේ දී විරාග නිශ්‍රිත යනා දී ආකාර හතරින් වැඩීමට නම් කෙලෙස් ධර්ම අඩුවී තිබීම වැදගත් වෙනවා නොවේ ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීම් ඇතිකළ පැනයකි.)
  10. පන්සලේ දී පූජාවක් සිදුකරන විට දී අප එය නොකර භාවනා කිරීම සුදුසු ද? *** (ප්‍රායෝගික වටිනා කමක් ඇති වටිනා පැහැදිලි කිරීමකි.)
  11. ධ්‍යාන තත්වයන් කාලයක් පුහුණු කිරීමෙන් එයට හසුවෙන තණ්හා ස්වභාවයෙන් මිදී පසුව එහි ගුණයන් සාමාන්‍ය ජීවිතයේ අවස්ථා වලටත් යොදාගැනීමට හැකි වෙනවා නොවේ ද? *** (ධ්‍යාන වශී භාවය සහ ධ්‍යාන මට්ටමින් ඔබ්බට පැමිණ සාමාන්‍ය ජීවිතයේ දී  බොජ්ඣංග ධර්ම වැඩෙන ආකාරයට යොදාගැනීම මෙහි දී පැහැදිලි කෙරේ.)
  12. අවසානය.

2 thoughts on “බෝධි පාක්ෂික ධර්ම අංක: 03 (19-08-2023)

  1. The Q & A section was outstanding! so many question i had myself also. Sadhu for splitting them in audio parts with titles here. otherwise would not have looked at them.

  2. The Q & A section was outstanding! so many question i had myself also. MANY MANY MERITS for splitting them in audio parts with titles here. otherwise would not have looked at them.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.