පටිච්චසමුප්පාදය අංක: 10 (08-07-2023)

පටිච්චසමුප්පාදය අංක: 10 - සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2023 ජූලි 08 දින සිදු කරන ලදී.

පටිච්චසමුප්පාදය අංක: 10 – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව (08-07-2023)

පටිච්චසමුප්පාදය අංක: 10 – Saturday Dhamma Discussion was conducted via Zoom on 08th July 2023 by Most Ven. Kukulpane Sudassi Thero. This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය නව වෙනි ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2023 ජූලි මස 08 වන දින සිදුකරන ලදී.  මෙවර සජීවී ධර්ම දේශනාව සහ සාකච්ඡාව පටිච්චසමුප්පාදය පිලිබඳ දස වන වැඩ සටහන විය.

මෙවර ධර්ම දේශනාවේ දී පටිච්චසමුප්පාදයේ භව පැවැත්ම දැක්වෙන අංග දොළහක්, පටිච්චසමුප්පාදයේ සන්ධි තුනක්, ආකාර විස්සක්, වෘත්ත තුනක් වශයෙන් සම්පිණ්ඩනය කර පැහැදිලි කරන ලදී.  එමෙන්ම මෙවර ධර්ම සාකච්ඡාවේදී ද ධර්ම දේශනාවට සම්බන්ධ වටිනා ප්‍රශ්න ඇසීම සහ ඉතා වටිනා පැහැදිලි කිරීම් සිදුවිණි.


ධර්ම දේශනාවේ දී සඳහන් කල අති පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේ විසින් රචනා කරන ලද “පටිච්ච සමුප්පාද විවරණය” ධර්ම ග්‍රන්ථයේ pdf පිටපත මෙතැනින් බාගත කර ගන්න: පටිච්ච සමුප්පාද විවරණය.

එම ධර්ම ග්‍රන්ථයේම html පිටපත කියවීම සඳහා මෙම යොමුව භාවිතා කරන්න: පටිච්ච සමුප්පාද විවරණය.


මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව: පටිච්චසමුප්පාදය සම්පිණ්ඩනය කර පැහැදිලි කරන ආකාර දක්වන්න.*** (පටිච්චසමුප්පාදය සම්පිණ්ඩනය කරමින් සහ භව ගමන ප්‍රායෝගිකව නිමකළ හැකි සංධිස්ථාන පිළිබඳව සිදුකල වටිනා ධර්ම දේශනාවකි.)
  2. භව ගමන ප්‍රායෝගිකව නිමකළ හැකි ප්‍රධාන සංධිස්ථානය විපස්සනා භාවනාමය වශයෙන් දියුණු කිරීම. *** (ප්‍රායෝගිකව භාවනාමය වශයෙන් ඉතා වැදගත් වන සාකච්ඡාවකි.)
    මෙහි දී සඳහන් කල විජ්ජාචරණ අංක: 02 වැඩසටහනේ වෙබ් පිටුවට මෙතනින් පිවිසිය හැක.
  3. පළමුව ඇතිවන්නේ විඥානය ද නැතහොත් කළල රූපය ද?
  4. පටිච්චසමුප්පාදයේ දැක්වෙන චක්‍රීය ස්වභාවය වෙනත් ආගම් වල දක්වා තිබේ ද? *** (වටිනා පිළිතුරකි.)
  5. භාවනාවේ දී පටිච්චසමුප්පාදය ප්‍රායෝගිකව භාවිතා වෙන තැන් භාවනා ගුරුවරු උපදේශ දෙනවා ද? *** (වැදගත් වන සාකච්ඡාවකි.)
  6. අරමුණක් එන විට කෙටියෙන් පටිච්චසමුප්පාදයට අනුව බැලීමේ දී විසි ආකාර පටිච්චසමුප්පාදය වඩාත් ගැලපෙනවා නොවේ ද? *** (ඉතා වටිනා පිළිතුරකි. ගැඹුරු න්‍යායාත්මක කරුණු වල සිර වෙනු වෙනුවට ප්‍රායෝගිකව දැක්ම දියුණු කරගත හැකි මග මෙයින් පැහැදිලි කෙරේ.)
  7. ධර්ම ශ්‍රවණයට අනතුරුව දැන ගන්නට ලැබුණු (වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ යන මේ චෛතසිකයන්ගෙන් ලැබෙන) අකුසලය වෙනුවට කුසලය වඩන්නේ කෙසේද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි. කුසල ක්‍රියාවකින් පසුව අකුසල් ඒ තුලින්ම ජනිත විය හැකි ආකාරය මෙහි පැහැදිලි කෙරේ.)
  8. කුසලය වැඩීමට ආධාර කරන ධර්මයන් සම්මුතියට සහ පරමාර්ථයට අනුව විපස්සනාවෙන් මෙනෙහි කිරීමෙන් ද කුසලය වැඩෙන්නේ?
  9. ආනාපානසතිය අනුපස්සනාවෙන් මෙනෙහි කරන්නේ කොහොම ද?
  10. හතරවන ධ්‍යානයේ දී හුස්ම නවතිනවා ද?
  11. සංසේචනයෙන් සත්ව උපතක් ඇතිවෙන හැටි පැහැදිලි කරන්න.
  12. දුෂ්කර විහාරස්ථාන 100 ක සිදු කරන කථින පිංකම් පිලිබඳ විශේෂ පණිවිඩය. ***
  13. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.