පටිච්චසමුප්පාදය අංක: 09 (17-06-2023)

පටිචිචසමුප්පාදය අංක: 09 – සෙනසුරාදා ධර්ම සාකච්ඡාව – භවපච්චයා ජාති (17-06-2023)

පටිච්චසමුප්පාදය අංක: 09 – Saturday Dhamma Discussion was conducted via Zoom on 17th June 2023 by Most Ven. Kukulpane Sudassi Thero. This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය අට වෙනි ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2023 ජූනි මස 17 වන දින සිදුකරන ලදී.  මෙවර සජීවී ධර්ම දේශනාව සහ සාකච්ඡාව පටිච්චසමුප්පාදය පිලිබඳ නවවන වැඩ සටහන විය.

මෙවර ධර්ම දේශනාවේ දී පටිච්චසමුප්පාදයේ දැක්වෙන භවපච්චයා ජාති සහ ජාතිපච්චයා ජරාමරණං යන්න පැහැදිලි කරන ලදී.  එමෙන්ම මෙවර ධර්ම සාකච්ඡාවේදී ද ධර්ම දේශනාවට සම්බන්ධ වටිනා ප්‍රශ්න ඇසීම සහ ඉතා වටිනා පැහැදිලි කිරීම් සිදුවිණි.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව: භවපච්චයා ජාති සහ ජාතිපච්චයා ජරාමරණං යන්න පැහැදිලි කරන්න. *** (ඉතා වටිනා දේශනාවකි. මෙහි දී බොහෝ දෙන හට නොපැහැදිලි සියුම් කරනා පැහැදිලි කෙරේ.)
    මෙම දේශනාවේ දී සඳහන් කල චූලකම්ම විභංග සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න.
    පටිච්ච සමුප්පාද විවරණය ග්‍රන්ථයේ “භවපච්චයා ජාති” යන්න පැහැදිලි කරන ආකාරය මෙතනින් කියවන්න.
  2. අප බොහෝ විට උනන්දු වන්නේ ඊළඟ ජාතිය යහපත් කර ගැනීමට පමණයි. එනමුත් සත්වයන් එසේ යහපත් ජාතියක් ලැබුවත් අති දීර්ඝ සසරක් තුල දී ක්‍රමිකව පහල වැටීමට පුළුවන් නොවේ ද? *** (වටිනා සාකච්ඡාවකි.)
  3. ඉතා විශාල ලෙස සිදු කෙරෙන සාංගික දානයන් ප්‍රමාණාත්මකව අඩු කොට එම ඉතිරියෙන් තවත් යහපතක් සිදුකිරීම පිලිබඳ ඇතිවෙන සිතුවිල්ල ප්‍රඥා සම්ප්‍රයුක්ත ද නැතහොත් ලෝභය ද? *** (ප්‍රත්‍යවේක්ෂාව, සති සම්පජඤ්ඤ තුලින් ඉතාම ප්‍රායෝගික ආකාරයෙන් එදිනෙදා ජීවිතයේ දී යොදා ගන්නා ආකාරය පිලිබඳ විශිෂ්ඨ පැහැදිලි කිරීමකි.)
  4. දානයක් දීමේදී වැදගත් ලෙසම සැලකිය යුතු දානයේ පරමාර්ථය කුමක් ද? *** (දානයක් පිළිබඳව සැලකිලිමත් විය යුතු වැදගත්ම කරුණ පිලිබඳ වටින පැහැදිලි කිරීමකි.)
  5. විඥානපච්චයා නාම රූප පැහැදිලි කිරීමේ දී නාම රූපපච්චයා විඤ්ඤාණං වීම පැහැදිලි කර දෙන්න.
  6. ප්‍රනීත ආහාරයක් පිලිබඳ ප්‍රපඤ්ච ඇතිකර ගැනීමෙන් උපාදාන ඇති වී භවය ඇති වෙන බැවින් ආහාර ගැනීමේ දී ප්‍රත්‍යවේක්‍ෂාව සිදුකල යුතු ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  7. ආනෙඤ්ඤාභිසංකාර රැස් වන්නේ ධ්‍යාන වඩන සිත් වලට ද?
  8. සසන්කාරික සිත් ඇතිවෙන අයුරු උදාහරණයක් තුලින් පැහැදලි කරන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  9. විපස්සනාව පමණක් වඩා අනාගාමී වෙන උතුමන් ශුද්ධාවාස බඹ ලොව උපදින්නේ කෙසේ ද? ***
  10. ගලක් උඩ දැමීමේ උදාහරණයේ දී ටිථි අවස්ථාව පැහැදිලි කරන්න.
  11. තරුණ කාලයේ මිය යන අයෙකුගේ චිත්ත ශක්තිය වයස්ගත වී මිය යන අයෙකුට වඩා වැඩි නිසා ඊළඟ උප්පත්තිය වඩා හොඳ වේ ද? 
  12. කුඩා කාලයේ දී මිය යන දරුවන්ගේ මේ ක්‍රියාවලිය මේ ආකාරයෙන් ම සිදු වෙනවා නොවේ ද?
  13. අවිද්‍යාව, උපාදානය, භවය ඛණ්ඩනයට ආසවක්ඛය ඥානය කවර ආකාරයකින් උදවු වේද?
  14. පින් කමක් සැලසුම් කිරීමේ දී ඒ වෙනුවෙන් අපට දැරීමට හැකි මුදලට පිංකම සැලසුම් කිරීමත් ලෝභ චේතනාවක් වෙනවා ද? *** (වටිනා පැහැදිලි කිරීමකි. මෙම පිළිතුර ඉහත පැන අංක 03 ට සම්බන්ධ වේ.)
  15. පිඬුසිඟා වඩින ස්වාමින් වහන්සේ කෙනෙකුට අප පූජා කලයුත්තේ මොනවා ද? ***(කාලීන වටිනා කමක් ඇති පැහැදිලි කිරීමකි.)
  16. ප්‍රපංච යන්න පටිච්චසමුප්පාදයට සම්බන්ධ කර උදාහරණයකින් පැහැදිලි කරන්න. *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  17. අකුසල සිතක් ඇතිවූ විට ඒ පිළිබඳව සතිය පිහිට වූ විට එය කුසල සිතක් වෙනවා නොවේ ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  18. උදය, වය යන්න උප්පාද , ටිථි , භංග යන්නට සමාන ද? ***
  19. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.