පටිච්චසමුප්පාදය අංක: 06 (20-05-2023)

පටිච්චසමුප්පාදය අංක: 06 (වේදනා පච්චයා තණ්හා) – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව (20-05-2023)

පටිච්චසමුප්පාදය අංක: 06 Saturday Dhamma Discussion was conducted via Zoom on 20 May 2023 by Most Ven. Kukulpane Sudassi Thero. This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය පස් වෙනි ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2023 මැයි මස 20 වන දින සිදුකරන ලදී.  මෙවර සජීවී ධර්ම දේශනාව සහ සාකච්ඡාව පටිච්චසමුප්පාදය පිලිබඳ හය වන වැඩ සටහන විය.

මෙවර ධර්ම දේශනාවේ දී පටිච්චසමුප්පාදයේ දැක්වෙන වේදනා පච්චයා තණ්හා යන්න ඉතා මැනවින් පැහැදිලි කරන ලදී.  අවිද්‍යාව සහ තණ්හාව නැවැත්ම එනම් නිවන් දැකීම සඳහා අප වෙත ඇති අංග දෙක බව පැහැදිලි කෙරිණි.  විශේෂයෙන්ම අප බොහෝ දෙනා ධර්මයේ හැසිරෙනවා කියා සිදු කරන්නේ සෝමනස්ස සහගත අත්දැකීම් තුල සිරවී සිටීම බව මෙහි දී හෙළිදරව් විනි.  එමෙන්ම මෙවර ධර්ම සාකච්ඡාවේ දීද ධර්ම දේශනාවට සම්බන්ධ බොහෝ වටිනා ප්‍රශ්න ඇසීම සිදුවිණි.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව: වේදනා පච්චයා තණ්හා යන්න පැහැදිලි කරන්න. *** (තණ්හාවේ සියුම් ක්‍රියාකාරීත්වය පිලිබඳ විශිෂ්ට ධර්ම දේශනාවකි.)
  2. ජීවිතයේ දී ඇති වෙන සිදුවීම් තුලින් ධර්මය ප්‍රගුණ කරමින් අවිද්‍යාව සහ තණ්හාව අඩු කිරීමට යොදා ගන්නා ආකාරය. *** (සතිය සහ සම්පජඤ්ඤයේ ඇසුරෙන් අප ජීවිතයේ සිදුවීම් ආධාරයෙන් ප්‍රඥා සම්පන්නව ධර්මය ප්‍රගුණ කරමින් අවිද්‍යාව සහ තණ්හාව අඩු කරගන්න ආකාරය පිලිබඳ ඉතා වටිනා සාකච්ඡාවකි.)
  3. චිත්තානුපස්සනාවේ දී මහග්ගත සිත් එනම් රූපාවචර සහ අරූපාවචර සිත් ඇතිවන්නේ කෙසේ ද? ***
  4. උපනිස සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදයේ පියවර වලට වෙනස් ආකාරයෙන් දුක, ශ්‍රද්ධාව ඉපදවීමට හේතුවෙන බව කීවේ මන් ද? *** (වටිනා පැනයක් සහ පිළිතුරකි.) උපනිස සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතැනින් කියවන්න.
  5. ටිච්චසමුප්පාදය ආත්ම තුනකින් ක්‍රියාත්මක වීම පෙන්වා ඇති ලෙසම එය මේ මොහොතේ දීත් සිදුවෙන බව පෙන්වා දී තිබෙනවා නොවේ ද? ***
  6. වර්ථමානයට පමණක් පච්චුප්පන්න කියන්නේ ඇයි? *** (වටිනා පිළිතුරකි.)
  7. දුක සහ සැප කියන්නේ එකම දේට නොවේ ද?
  8. චන්දය සහ තණ්හාව අතර ඇති වෙනස කුමක් ද? *** (වටිනා සාකච්ඡාවකි.)
  9. “කාල, දේශ, ද්වාර වශයෙන් ආරම්මණයන් ගේ ඉටු අනිටු බව” යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  10. වේදනාව 108 ආකාරයක් වෙන හැටි පහදා දෙන්න.
  11. වේදනාව 108 ආකාරයට එක පුද්ගලයකුට ඇති වෙන්නට පුළුවන් ද?
  12. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.