කාලාම සූත්‍රය අංක: 02 (29-07-2023)

කාලාම සූත්‍රය අංක: 02 - සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව (29-07-2023)

කාලාම සූත්‍රය අංක: 02 – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව (29-07-2023)

කාලාම සූත්‍රය අංක: 02 – Saturday Dhamma Discussion was conducted via Zoom on 29th July 2023 by Most Ven. Kukulpane Sudassi Thero. This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය දොලොස් වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2023 ජූලි මස 29 වන දින සිදුකරන ලදී.  මෙවර සජීවී ධර්ම දේශනාව සහ සාකච්ඡාව කාලාම සූත්‍රය පිලිබඳ දෙවන සහ අවසාන වැඩ සටහන විය.

මෙවර ධර්ම දේශනාවේ දී කරුණු වල සත්‍ය හෝ අසත්‍ය බව තීරණය කිරීමේ දෙවන ක්‍රමය වන අපන්නක ප්‍රතිපදාව පැහැදිලි කරන ලදී.  එමෙන්ම සංදිට්ඨික ක්‍රමය දියුණු වීම තුලින් (අභිජ්ඣා, ව්‍යාපාද අඩු වීමෙන්) මෙත්තාව, කරුණාව, මුදිතාව අවදි කිරීමේ ප්‍රඥා මූලික පසුබිමක් සැකසෙන ආකාරය පැහැදිලි කෙරිණි. කාලාම සූත්‍රය පිලිබඳ දේශනා සහ සාකච්ඡා මෙතැනින් නිමා විනි. 

මෙවර ධර්ම දේශනාව සහ සාකච්ඡාවද කාලාම සූත්‍රය පිලිබඳ ඉතා කාලීන, වටිනා වැඩ සටහනක් විය.

මෙම ධර්ම දේශනාවට සහ සාකච්ඡාවට මූලික වන කාලාම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතැනින් කියවන්න: කාලාම සූත්‍රය.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය »  මහා වර්ගය » කාලාම සූත්‍රය.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව: අපන්නක ප්‍රතිපදාව පැහැදිලි කරන්න. *** (ඉතා වටිනා කාලීන ධර්ම දේශනාවකි.)
  2. සංදිට්ඨික ක්‍රමය පුහුණු වීමේ සාර්ථකත්වය තුලින් අපන්නක ක්‍රමයේ සාර්ථකත්වය ඇතිවෙනවා නොවේ ද? *** (වටිනා පැහැදිලි කිරීමක්‌ සහ සාකච්ඡාවකි.)
  3. කාලාම සූත්‍රයේ කොටස් තුන එකිනෙකට සම්බන්ධ වෙනවා නොවේ ද? ***
  4. වර්තමානයේ බෞද්ධ කියා ගන්නා අයගෙන් කොපමණක් නියම ආකාරයෙන් ප්‍රතිපදාවේ යෙදෙන බෞද්ධයන් වෙනවා ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.  විශේෂයෙන් ශ්‍රද්ධාවේ ආකාර මෙහිදී විස්තර කෙරේ.)
  5. මෑත කාලයේ භිෂුන් වහන්සේ කෙනෙක් සම්බන්ධ කරුණ පිළිබඳව මම සිතන්නේවත් නැහැ කියන පදනම දහමට අනුව ගැලපෙනවා ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  6. කාලාම සූත්‍රයෙන් පුර්ව නිගමන වල පිහිටා තීරණ ගැනීමේ විපාකත් මෙයින් පෙන්වා දෙනවා නොවේ ද? *** 
  7. ගිහි පැවිදි පිරිස් වල ධර්ම ඥාණය වැඩි වත්ම මාන්නය සූක්ෂමව වැඩිවීම සහ සෑම අංශයක්ම විවේචනයට යොමු වීම ශ්‍රද්ධාවේ ඌනතාවයක් ද නැතහොත් ප්‍රඥාවේ ඌනතාවයක්ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  8. අපගේ භික්ෂු පරපුර, ළමයින් සහ දහම රැකෙන පරිදි අප කටයුතු කිරීම වැදගත් නොවේ ද?
  9. රටේ ලෝකයේ ඇති ප්‍රශ්න වල දී අපට ඔරොත්තු දෙන ප්‍රමාණයට ගතයුතු නොවේ ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි. සමථ සහ විපස්සනා ක්‍රමයන් ගේ ඇති වෙනස් කම් පවා මෙහිදී පැහැදිලි කෙරේ.)
  10. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.