සංවරා පහා තබ්බා – Saturday Dhamma Discussion – 84 (22-10-2022)

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව – අංක: 84 (සංවරා පහා තබ්බා -කෙලෙස් දුරු කරන විවිධ උපාය මාර්ග) 22-10-2022

සංවරා පහා තබ්බා Saturday Dhamma Discussion – 84 (22-10-2022) was conducted on 22 October 2022 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 84 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ අසූ හතර වෙනි ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2022 ඔක්තෝබර් මස 22 වන දින සිදුකරන ලදී.

මෙවර ධර්ම දේශනාවේදී සබ්බාසව සූත්‍රයේ දැක්වෙන සංවරා පහා තබ්බා යන්න කුමක්දැයි පැහැදිළි කරන ලදී.  සංස්කාර වල ඇති ඉන්ද්‍රිය පිනවන ගතිය නිසා ඇතිවන ඉන්ද්‍රියන්ගේ පිනවීමට ඇතිවෙන අවශ්‍යතාවය ඇතිවෙන ආකාරය සහ ක්ලේෂ කාම (සංකල්පීය කාමය), වස්තු කාම (භෞතික වශයෙන් විඳීමේ කැමැත්ත) අන්‍යොන්‍යව ක්‍රියාත්මක වෙන ආකාරයන් මනාකොට විස්තර කරන ලදී.

එමෙන්ම බුදුදහමේ සති සංවරය කුමක්ද සහ ඒ තුලින් සංවරා පහා තබ්බා ඇති කරගන්නා ආකාරය මනාව සහ ක්‍රමිකව පැහැදිලි කරන ලදී.  එමෙන්ම අද දින දේශනාවට අනුගතව වටිනා දහම් පැන ධර්ම සාකච්ඡාව තුලින් ද මතු කෙරිණි.

ත්‍රිපිටකයේ එම සබ්බාසව සූත්‍රය මෙතනින් කියවන්න: සබ්බාසව සූත්‍රය.

මෙම (සංවරා පහා තබ්බා – සබ්බාසව සූත්‍රය 04) ධර්ම සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. සංවරා පහා තබ්බා යන්න පැහැදිලි කරන්න. *** (සති සංවරයෙන් ආශ්‍රව ප්‍රහාණය වෙන ආකාරය ඉතා පැහැදිලි ලෙස මෙහි විස්තර කෙරේ.)
  2. සති සංවරය භාවනාවක් තුලින් පුහුණු කරන විට ඇතිවන ථීනමිද්ධ නීවරණය හට ගැනීමට ක්ලේෂ කාම සහ වස්තු කාම බලපාන ආකාරය පැහැදිලි කරන්න. *** (මෙම සම්බන්ධතාවය අවබෝධ කරගැනීම භාවනාව පුහුණු වන්නන් හට වැදගත් වේ. එමෙන්ම ථීනමිද්ධ නීවරණය හට ගැනීමේ නොයෙක් ආකාර මෙහිදී පැහැදිලි කෙරේ.) 
  3. ක්ලේෂ කාම සහ වස්තු කාම ක්‍රියාත්මක වෙන ආකාරය නිසාම අප වෙළඳ ප්‍රචාර වලටත් හසු වෙනවා නොවේ ද? *** (මෙම ක්‍රියාදාමය පිළිබඳව අවබෝධයක් ඇතිකර ගැනීම එදිනෙදා සාමාන්‍ය ජීවිතයට පවා වැදගත් වේ.)
  4. මොනරා ලස්සන වී ඉපදුනේ දන් දී තිබුණු නිසාත් සහ තිරිසනකු වූයේ දුසිල්වත් වූ නිසාත් දැයි කියනා කරුණ පහදා දෙන්න.
  5. පුරා සතියක් සිල් සමාදම් වී දින කිහිපයක් ගත වූ විට දැඩි වෙහෙසක් ඇති වීම නැති කරගන්නේ කෙසේ ද? *** (බාධක දුරු කරමින් සාධක දියුණු කිරීම පිලිබඳ වටිනා උපදේශයකි.)
  6. ආශ්‍රව සංවර කිරීමේදී යෝනිසෝමනසිකාරය සහ අයෝනිසෝමනසිකාරය එතැනට ගලපා ගන්නා ආකාරය පැහැදිලි කරන්න. *** (ගෞරවනීය ස්වාමින්වහන්සේ සඳහන් කල වැඩිදුර පැහැදිලි කිරීම මෙම වෙබ් පිටුවේ පළවෙනි පැනයෙන් දැක්වේ. මෙතැනින් පිවිසෙන්න.) 
  7. සබ්බාසව සූත්‍රයේ මුල් කරුණු හය ආර්ය අෂ්ඨාංගික මාර්ගයටත් අවසාන කරුණ සම්මා විමුක්ති වලට වශයෙන් ගොනු කල හැකි ද?
  8. මනසිකාර චෛතසිකය අප විසින් ආයාසයෙන් මෙනෙහි කල යුතු චෛතසිකයක් ද?
  9. සති ගණන් කරන භාවනා වලට වඩා එදිනෙදා කරන වැඩ වලින් කුසල් රැස්වේ ද? ***
  10. චාරිත්‍ර ශීලය සහ වාරිත්‍ර ශීලය පිළිබඳව පැහැදිලි කරන්න.
  11. අප බොහෝවිට සසරින් ගැලවෙන්න හදන්නෙත් තෙහෙට්ටුව නිසා නොවේ ද? ***
  12. ඉන්ද්‍රිය සංවරය දියුණු වූ විට එය අජ්ජත්ත බහිද්දා යන තත්වයට පැමිණෙනවා ද?
  13. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.