ආශ්‍රව ධර්ම සංවරය – Saturday Dhamma Discussion – 81 (01-10-2022)

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව – අංක: 81 (සබ්බාසව සූත්‍රය 01 – කෙලෙස් දුරු කරන විවිධ උපාය මාර්ග) 01-10-2022

ආශ්‍රව ධර්ම සංවරය Saturday Dhamma Discussion – 81 was conducted on 01 October 2022 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 81 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ අසූ එක්වෙනි ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2022 ඔක්තෝබර් මස 01 වන දින සිදුකරන ලදී.

ගෞරවනීය ස්වාමින්වහන්සේ මෙවර සබ්බාසව සූත්රය පාදක ⁣කර ගෙන නව දේශනා වාරයක්  “කෙලෙස් දුරු කරන විවිධ උපාය මාර්ග” යන මාතෘකාව ඔස්සේ ආරම්භ කල සේක.  අද දින ධර්ම දේශනාවේදී ආශ්‍රව ධර්ම සහ ආශ්‍රව ධර්ම සංවරය යන්න කුමක්දැයි පැහැදිලි කරන ලදී.

ත්‍රිපිටකයේ එම සබ්බාසව සූත්‍රය මෙතනින් කියවන්න: සබ්බාසව සූත්‍රය.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. සබ්බාසව සූත්‍රයට අනුව ආශ්‍රව ධර්ම යනු මොනවාද සහ ඒවා සංවර කිරීම යන්න කුමක්ද යන්න පැහැදිළි කරන්න. *** (ආශ්‍රව ධර්ම සහ ඒවා සංවර කිරීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි මෙහිදී ගැඹුරින් පැහැදිලි කෙරේ.)
  2. සති සංවරය වඩන සහ වැඩෙන ආකාරයන් සම්පජඤ්ඤ පබ්බය ඇසුරින් පැහැදිලි කරන්න. *** (බුදු දහමේ සතිය සහ සම්පජඤ්ඤය වැඩෙන ආකාරය ප්‍රායෝගික උදාහරණ සහිතව මෙහිදී පැහැදිලි කෙරේ.
  3. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක සහ විහිංසා විතර්ක ඇතිවන විට ඒ ගැන සතිය පවත්වන්නේ මේ ආශ්‍රව ප්‍රහාණය කිරීම සඳහා නොවේද?
  4. සිරුරේ ඇතිවන වෙනස්කම් පවා සිහියෙන් සිටින විට දැනීම. *** (ගෞරවනීය ස්වාමින් වහන්සේගේ පිළිතුර ඉතා වැදගත් වේ.)
  5. ගව පාලනය සහ මී මැසි පාලනය සත්ව හිංසාවක් නොවන ආකාරයෙන් සිදුකල හැකිද? *** (ගෞරවනීය ස්වාමින් වහන්සේගේ පිළිතුර ඉතා වැදගත් වේ.)
  6. සති සම්පජඤ්ඤය ක්‍ෂාන්තිය ඇතිවීමට සම්බන්ධ වේද? *** (සති සම්පජඤ්ඤය සියළු ගුණයන් ඇතිකරගැනීමට සම්බන්ධ වෙන ආකාරය මෙහි පැහැදිලි කෙරේ.)
  7. කුසල කර්ම මතුකර ගැනීමේ වැඩපිළිවෙල කුමක්ද? *** (ප්‍රයෝග සම්පත්තිය මෙහිදී පැහැදිලි කෙරේ.)
  8. සබ්බාසව සූත්‍රයෙන් ජීවිතයට එකතු කරගත හැකි විවිධ පැති කඩ.
  9. ආනාපානසති භාවනාවේදී ආලෝක සංඥා ඇතිවී හුස්ම නොදැනී ගියවිට කුමක් කල යුතුද? ***
  10. සතර ඉද්ධිපාද යොදා ගෙන ගිහි ජීවිතයේ භෞතික දියුණුව විග්‍රහ කිරීම සුදුසු ද? *** (සමාජයේ පවතින වැරදි මතයක් නිවැරදි කෙරෙන වටිනා පිළිතුරකි.)
  11. කථින චීවර පූජාව අටපිරිකර පූජාවට වඩා ආනිසංස ඇති පිණක් වන්නේ කෙසේද?
  12. සංසාරයේ දී පිරිහීමට ලක්විය හැකි සක්විති රජුන් උදෙසා චෛත්‍ය සෑදීම බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලේ ඇයි?
  13. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.