අධිවාසනා සහ පරිවජ්ජනා පහාතබ්බා – Saturday Dhamma Discussion – 86 (19-11-2022)

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව – අංක: 86 (අධිවාසනා සහ පරිවජ්ජනා පහාතබ්බා – කෙලෙස් දුරු කරන විවිධ උපාය මාර්ග) 19-11-2022

අධිවාසනා සහ පරිවජ්ජනා පහාතබ්බා Saturday Dhamma Discussion – 86 was conducted on 19 November 2022 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 86 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ අසූ හය වෙනි ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2022 නොවැම්බර් මස 19 වන දින සිදුකරන ලදී.

මෙවර ධර්ම දේශනාවේ දී සබ්බාසව සූත්‍රයේ දැක්වෙන අධිවාසනා සහ පරිවජ්ජනා පහාතබ්බා යන්න කුමක්දැයි පැහැදිලි කරන ලදී. ඉවසීමෙන් සහ බැහැර වීමෙන් දුරු කළ යුතු ආශ්‍රවයන් මෙහිදී පැහැදිලි කෙරේ. බැහැර කළ යුත්ත කුමක් ද සහ ඉවසිය යුත්ත කුමක්දැයි සහ ඒවායේ ඇති ධර්මානුකුල අන්තර් සම්බන්ධතාවය මෙවර ධර්ම දේශනාවෙන් විශිෂ්ට ලෙස පැහැදිලි කෙරිණි. එමෙන්ම දේශනාවට අනුකූලව ප්‍රායෝගික වැදගත්කමක් ඇති බොහෝ පැන ධර්ම සාකච්ඡාවේ දී මතු කෙරිණි.

ත්‍රිපිටකයේ එම සබ්බාසව සූත්‍රය මෙතනින් කියවන්න: සබ්බාසව සූත්‍රය.

මෙම (අධිවාසනා සහ පරිවජ්ජනා පහාතබ්බා – සබ්බාසව සූත්‍රය 06) ධර්ම සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. අධිවාසනා සහ පරිවජ්ජනා පහාතබ්බා කුමක්ද සහ ඒවා පුහුණු කරන ආකාරය පැහැදිලි කරන්න. *** (අප දරාගත යුත්තේ කුමක්ද සහ බැහැර කල යුත්තේ කුමක්ද යන්න විශිෂ්ට ආකාරයෙන් මෙහිදී දහම් මගට අනුගතව පැහැදිලි කෙරේ.)
  2. අද දින ධර්ම දේශනාවට අනුව මේ විස්තර කරන ආකාරයෙන් ප්‍රිය සම්භාෂණයකට සහභාගී නොවීම නිවැරදි ද? *** (සමාජයට අපගෙන් විය හැකි අනර්ථයක් වලකමින් එම කාලය වඩා යහපත් ලෙස යොදාගත හැකි ආකාරය පැහැදිලි කෙරෙන ප්‍රයෝගික උදාහරණයකි.  එමෙන්ම මෙහිදී අපගේ පුහුණුවේ තවත් පැතිකඩක් ද අවසානයේදී හෙළි දැක වේ)
  3. අපගේ චේතනාව නිවැරදි නම්, සිත නොගැටී ප්‍රිය සම්භාෂණ වලට සහභාගී වීම, අපගේ දක්‍ෂතාවයක් නොවේ ද? *** (මෙහිදී ගරු ස්වාමින්වහන්සේගේ පිළිතුර ඉතා වටිනා වේ.)
  4. දරා ගැනීම හෝ ඉවසීම හෝ අත්ථකිලමතානු යෝගයට හෝ කාමසුකල්ලිකානු යෝගයට හසු වන්නේ නැතිව සිදු කරන ආකාරය තුල යෙදෙන මානසිකත්වයන් පැහැදිලි කරගැනීම. *** (මෙහිදී ගරු ස්වාමින්වහන්සේගේ පිළිතුර ඉතා වටිනා වේ.)
  5. සිත නොගැටී ප්‍රිය සම්භාෂණ වලට සහභාගී වුවත් කෙලෙස් වලට යට නොවී සිටීමට නිරන්තරව සති සම්පජඤ්ඤයේ පිහිටීමේ වැදගත් කම. *** (ප්‍රිය සම්භාෂණයක දී සති සම්පජඤ්ඤය පවත්වා ගනිමින් එය කමටහනක් කරගනිමින් සසර සුවපත් කරගන්නා ආකාරය මෙහිදී මානව පැහැදිලි කෙරේ.)
  6. කායගතාසතිය ගිහියන් වශයෙන් එදිනෙදා ජීවිතයේදී දියුණු කරගන්නා ආකාරය පහදා දෙන්න. (මෙහිදී ගරු ස්වාමින්වහන්සේ සඳහන් කල සතිපට්ඨානය පිලිබඳව පෙරදී සිදුකල සෙනසුරාදා ධර්ම සාකච්ඡාවන් මෙම වෙබ් පිටුවෙන් ලබා ගන්න: https://bit.ly/2TLBjNt)
  7. අපට අසන්නට ලැබෙන දුශ්චරිතයන් පිළිබඳව නොගැටී විදර්ශනාව කිරීමෙන් සසර ගමන නිම කල හැකි ද? ***
  8. ප්‍රිය සම්භාෂණ වලදී වැරදි කාම සෙවනයන් ගෙන්, සත්ව ඝාතනයෙන්, වචනයෙන් සිදුවෙන අකුසලයෙන් යනාදී අකුසලයන් ගෙන් වැලකීම වඩා වැදගත් වෙනවා නොවේ ද? ***
  9. මේ භවයේ මනුෂ්‍ය වී ඊළඟ භවයේ අසංඥ තලයේ හෝ රූප භාවයේ ඉපදී ඉන්පසු ප්‍රතිසන්ධියට විඥානය සැකසෙන අයුරු පහදා දෙන්න.
  10. සබ්බාසව සූත්‍රයේ මෙම කරුණු වලට අනුපිළිවෙලින් වටිනාකම් දීමෙන් අපට පැටලිලි බවක් ඇතිවිය හැකි නොවේ ද? ***
  11. කාර්යාල වල උත්සව වලදී මුදල් එකතු කර මත්පැන් ගෙන්වීම සිදුවන විට ඒ ගැන කුමක් කලහැකි ද? ***
  12. අප නින්දෙන් සිහින දකිමින් සිටින විට මරණයට පත්වූ වොත් කුමක් සිදුවේ ද? ***
  13. නින්දේ දී සිහිය පවත්වනවා කියන්නේ කුමක් ද? *** (නින්ද පිලිබඳ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  14. විශේෂ වේදනාකාරී තත්වයන් වලදී රහත් භාවය ලැබූ උතුමන්ගේ එම හැකියාව විස්තර කල හැක්කේ කුමන කරුණු මත ද? ***
  15. අප නරක කර්මයක් අත්විඳින්නට සිදුවෙන විට එය අභිබවා යන්නේ කෙසේ ද?
  16. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.