ප්‍රාර්ථනා – Saturday Dhamma Discussion – 78 (03-09-2022)

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව – අංක: 78 (ප්‍රාර්ථනා – ලෝණඵල සූත්‍රය) 03-09-2022

ප්‍රාර්ථනා – Saturday Dhamma Discussion – 78 (03-09-2022) was conducted on 03 September 2022 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 78 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ හැත්තෑ අටවන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2022 සැප්තැම්බර් මස 03 වන දින සිදුකරන ලදී.

ගෞරවනීය ස්වාමින්වහන්සේ මෙවර ධර්ම දේශනාවේ දී ප්‍රාර්ථනා ආධාරයෙන් අකුසල විපාක යටපත් කරන්නේ කෙසේදැයි පහදා දුන් සේක. ප්‍රාර්ථනාවන් තෘෂ්ණා මූලිකව සහ ප්‍රඥා මූලිකව යන දෙයාකාරයෙන් සිදුකල හැක. ප්‍රඥා මූලිකව, එනම් ගුණ නුවණ අවධි කිරීම ඉලක්ක ගත කර ගනිමින් ප්‍රාර්ථනාවන් සිදුකිරීමේදී අකුසල විපාක ඇති වීමට ඇති අවස්ථාව යටපත් කල හැකි ආකාරය බුදු දහම ඇසුරෙන් මනා කොට මෙහිදී පැහැදිලි කෙරිණි. එමෙන්ම ධර්ම සාකච්ඡාව තුලදී මෙම කරුණ සම්බන්ධ තවත් පැතිකඩ පැහැදිලි කෙරිණි.

ත්‍රිපිටකයේ එම ලෝණඵල සූත්‍රය මෙතනින් කියවන්න: ලෝණඵල සූත්‍රය.


  1. ප්‍රාර්ථනා තුලින් අකුසල විපාක යටපත් කර කුසල විපාක මතු කරගන්නා ආකාරය පැහැදිලි කරන්න. *** (ප්‍රාර්ථනා තුලින් විශේෂයෙන්ම මතු භවයන්ගේ දී අකුසල විපාක යටපත් කර කුසල විපාක මතු කරගන්නා ආකාරය සහ එහි ඇති වටිනාකම මෙහිදී පැහැදිලි කරන ලදී.  සංසාරිකව රැගෙන පැමිණි අකුසල විපාක යට කර ගැනීමට, සසරේ කල කුසල කර්ම ඉස්මතු කරගැනීමට, අභිනවයෙන් අකුසල කර්ම සිදුවීමට ඇති අවස්ථා වලක්වා ගැනීමට සහ අභිනවයෙන් කුසල කර්ම සිදුකිරිමට යන සිව් ආකාරයකින් මෙම ප්‍රර්ථනා උපකාරී වේ.)
  2. මීළඟ සතියේ ධර්ම සාකච්ඡාව නොපැවැත්වෙන බව සහ එදින සිදු කෙරෙන සත්‍යක්‍රියාව පිළිබඳ පැහැදිලි කිරීම.
  3. කුසල සම්පන්න වාසනා ගුණය පුහුණු කරන විට ප්‍රාර්ථනාවන් ඕනෑකමින් ඇති කර නොගත්තා වුවත් කුසලය සඳහා නැඹුරුවක් දිගින් දිගට ජීවිතයේ ඇතිවෙනවා නොවේද? *** (වාසනා ගුණය යහපතට යෙදෙන ආකාරයත් සතිය සහ සම්පජඤ්ඤය මේ ජීවිතයේදීත් නිරන්තරයෙන් පුහුණු කිරීමේ අවශ්‍යතාවය මෙහිදී පැහැදිලි කෙරේ.)
  4. ප්‍රාර්ථනා සහ විවරණ ගැනීම අතර වෙනස පැහැදිලි කරන්න. *** (බෝසත්වරුන් ගේ විවරණ පිළිබඳ වටිනා විස්තරයකි.)
  5. කුඩා කල ඇතිවෙන හොඳ ඇබ්බැහි තුලින් කුසල වාසනා ගුණය ඇති වී ප්‍රඥා සම්පන්න කුසල වර්ධනය වීමට හේතු වෙන ආකාරය. ***
  6. තණ්හාව සහ නිකාන්ති තණ්හාව අතර ඇති වෙනස පැහැදිලි කරන්න.
  7. භව තණ්හාව යනු ඊළඟ භවයට කරුණු සකස් කිරීම ද නැතහොත් මේ ජීවිතයේ ජීවත් වීමට කැමැත්ත ද?
  8. මම නිදුක් වෙම්වා වෙනුවට මම නිදුක්වෙමි යනුවෙන් අධිෂ්ඨාන පුර්වකව සිදුකිරීම් වඩා ශක්තිමත් වෙනවා නේද?  (අධිෂ්ඨාන, ප්‍රර්ථනා සහ මෙත් වැඩීම පිලිබඳ ඉතා වටිනා පැහැදිලි කිරීමකි. *** මෛත්‍රිය තුල පිහිටීම යනු කවර අවස්ථාවක් දැයි මෙහිදී පැහැදිලි කෙරේ.) 
  9. පංච විඥානයන් මනෝ විඥානයෙන් වෙනස් වෙන්නේ කෙසේද?
  10. මුලින් හොඳින් ජීවත් වී පසුව මානසික විකෘති බවකට පත්වීමේ දී කර්ම විපාකය බලපායි ද?
  11. ජෝතිපාල තරුණයා බුදුබව පතා ඒ සඳහා විවරණ ද ලබා තිබුනත් කාශ්‍යප බුදුරජාණන්වහන්සේ දැකීමට මැලි වූයේ ඇයි?
  12. නිවන් මග හෙළිකර ගැනීම සඳහා සුදුසු වටපිටාව සහ පරිවාරය ලබා ඉපදීම සඳහා කල යුතු විශේෂ පින්කම් තියෙනවා ද? ***
  13. නාම කායේ රුපාලම්බනය යනු බාහිර රූප දැකීමද?
  14. නියත ගතික යයි කියන්නේ චුල්ල සෝතාපන්න තත්වය ද?
  15. කුසල වාසනා ගුණයන් බුදුරජාණන්වහන්සේට තිබුනා ද?
  16. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.