දහසය ආකාර විචිකිච්ඡාව – Saturday Dhamma Discussion – 83 (15-10-2022)

දහසය ආකාර විචිකිච්ඡාව – Saturday Dhamma Discussion – 83 (15-10-2022) was conducted on 15 October 2022 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 83 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ අසූ තුන්වෙනි ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2022 ඔක්තෝබර් මස 15 වන දින සිදුකරන ලදී.

අද දින ධර්ම දේශනාවේදී සෝවාන් මගින් ප්‍රහාණය කෙරෙන දහසය ආකාර විචිකිච්ඡාව, ආත්ම දෘෂ්ටිය ඇතිවෙන හය ආකාරය, මෙනෙහි කලයුතු ධර්ම පිළිබඳව දේශනා කරමින් සහ සෝවාන් මාර්ග ඥානයේදී පහවන සංයෝජන විස්තර කරමින් ‘දස්සනා පහාතබ්බා’ කොටස නිම කරන ලදී. එමෙන්ම ධර්ම සාකච්ඡාවේදී මෙදින මාතෘකාවට සම්බන්ධ වැදගත් ප්‍රායෝගික ප්‍රශ්න මතුකරන ලදී.

ත්‍රිපිටකයේ එම සබ්බාසව සූත්‍රය මෙතනින් කියවන්නසබ්බාසව සූත්‍රය.

මෙම (දහසය ආකාර විචිකිච්ඡාව – සබ්බාසව සූත්‍රය 03) ධර්ම සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. සෝවාන් මාර්ග ඥානයේදී ප්‍රහාණය වන සංයෝජන ධර්ම, සබ්බාසව සූත්‍රය අනුව පැහැදිලි කරන්න. *** (මෙහිදී මෙනෙහි කලයුතු ධර්ම පිළිබඳව දේශනා කරමින් සහ සෝවාන් මාර්ග ඥානයේදී පහවන සංයෝජන පැහැදිලි කෙරේ. එමෙන්ම අපගේ සිතීම පවා කළමනාකරණය කරගැනීමේ අවශ්‍යතාවය පවා මෙහිදී පැහැදිලි කෙරේ.)
  2. බොහෝ විට ආත්ම ස්වභාවය යන මූලය තුල පිහිටා එවන්නක් නැත කියනා පැහැදිලි කීරීම තුලින් අනාත්මය දැක්වීම පැටලිලි සහගත නොවේද? එමෙන්ම අනාත්මය පළමුවෙන්ම යම් තරමකට අත්දැකීමට හැකි වන්නේ නාම රූප පරිච්චේද ඥානය උපදවා ගැනීමෙන් නොවේද? *** (බොහෝ බෞධයන් වැරදි ලෙස වටහා ගන්නා සියුම් තැනක් මෙහිදී පැහැදිලි කෙරේ.)
  3. වෙනස් වෙමින් යන නාම රූප පරම්පරාව තුල පවා නොවෙනස් වන පධාර්ථයක් ඇතිබව අල්ලා ගන්නා ඉතා සියුම් ආත්ම දෘෂ්ටිය. *** (මෙයද බොහෝ බෞධයන් පටලවා ගන්නා ඉතා සියුම් තැනක් වේ.)
  4. කාලාම සූත්‍රයත් සමග රාහුලෝවාද සූත්‍රය සම්බන්ධ කරගත් විට හරි වැරදි තෝරා ගැනීමට තවත් මාවතක් විවර වෙනවා නොවේද? *** (ධර්මය සහ ප්‍රතිපදාව වෙන්කර ගැනීම පිලිබඳ වැදගත් සහ වටිනා කරුණු මෙහිදී පැහැදිලි කෙරේ. මෙතැනින් කාලාම සූත්‍රය කියවන්න. // මෙතැනින් අම්බලට්ඨික රාහුලොවාද සූත්‍රය කියවන්න.)
  5. බෞධයන් හින්දු දේව සංකල්ප මත ක්‍රියා කිරීම සීලබ්බත පරාමාසයට ඇතුළු වෙනවා ද? *** (වර්තමාන බොදු සමාජයේ පවතින තත්වයක් ඉතා ප්‍රඥා සම්පන්න ලෙස පැහැදිලි කිරීමකි.)
  6. උපේක්ෂාවෙන් සිටිනවා කියූ පමණින් එය ආර්ය උපේක්ෂාවක් නොවිය හැකි නොවේ ද? *** (උපේක්ෂාවේ පැතිකඩ තුනක් මෙහිදී පැහැදිලි කෙරේ.)
  7. වේදනාව 108 ආකාරයක් ලෙස බෙදනවා ද? (ගරු ස්වාමින්වහන්සේගේ පිළිතුරේ සඳහන් බහුවෙදනීය සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න.)
  8. දස කුසල ශීලය කියා ශීලයක් තිබේද? දුසිල්වතුන් බැහැර කිරීම තණ්හාව නිසා කරන ක්‍රියාවක් ද?
  9. සංස්කාර ධර්ම ආත්ම වශයෙන් සහ ආත්මීය වශයෙන් යෙදෙන දෙආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න.
  10. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.