වෘද්ධ සමයේ සිත දියුණු කරගන්නේ කෙසේද? (12-02-2022)

වෘද්ධ සමයේ සිත දියුණු කරගන්නේ කෙසේද යන මෙම වටිනා ධර්ම දේශනාව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් තමන් වහන්සේගේ මෑණියන්ගේ 85 වෙනි ජන්ම දිනය නිමිත්තෙන් සිදුකරන ලදී. 

මෙම දේශනාව කරුණු කිහිපයක් නිසා අප සැමට ඉතා වැදගත් වේ. බුදුරජාණන්වහන්සේ විසින් දෙමාපියන්ගේ යුතුකම් වල ප්‍රධාන යුතුකම් වන දරුවන් ගුණ දහමට යොමුකිරීමත්, වැරැද්දෙන් සහ පාපයෙන් මුදවීමත් යන ප්‍රවේශයෙන් ඇරඹෙන මෙම දේශනාව බහුපුත්‍රිකා රහත් තෙරණියගේ පුවත තුලින් ඉතා ප්‍රායෝගික සහ වටිනා දහම් ප්‍රවේශයකට අපව යොමු කරවයි.  වයස්ගත වනවිට අප සන්තානයේ දියුණු කරගත යුතු කරුණු මොනවාද සහ ඒ තුලින් අපට දෙලොවටම වැඩදායක ලෙස ඇතිවන ප්‍රතිඵල පිළිබඳව මෙහි මානව පැහැදිලි කෙරේ.

මෙම ධර්ම දේශනාව අපට ඉතා වටිනා වන්නේ ඒ නිසා වෙනි.

“වෘද්ධ සමයේ සිත දියුණු කරගන්නේ කෙසේද?” ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටිය මෙම යොමුවෙන් ලබාගන්න.

“වෘද්ධ සමයේ සිත දියුණු කරගන්නේ කෙසේද?” ධර්ම දේශනාවේ වීඩියෝ පටය මෙතනින් නරඹන්න.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ධම්ම පදයේ සහස්‍ර වර්‍ගයේ, අවසාන ගාථා රත්නයයි. එම ගාථාව සහ බහුපුත්‍රිකා රහත් තෙරණියගේ නිධාන කථාව ධම්ම පදයෙන් මෙතනින් කියවන්න: යො ච වස්සසතං ජීවෙ, අපස්සං…

මෙම මහඟු ධර්ම දානය, අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේගේ මෑණියන් වන ජී. කේ. බේබි නෝනා උපාසිකා මාතාව විසින් වර්ෂ 2022 පෙබරවාරි මස 12 වෙනි දින සියස රූපවාහිනියෙන් සිදුකරන ලදී.


ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් මෑත කාලයේ සිදුකල මෙවැනි දායකත්ව ධර්ම දේශනා ධර්ම දේශනා ඇතුලත් වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.

ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් සිදුකල සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා සංචිතයට මෙතනින් පිවිසෙන්න. ශ්‍රාවකයන්ගේ පහසුව පිණිස මෙම ප්‍රශ්න සහ පිළිතුරු වෙන වෙනම ඉදිරිපත් කර ඇත.

ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ Dhamma Yathra දහම් සංසදයට එක්වන ආකාරය සඳහා මෙතන click කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.