වයස්ගත වන විට දියුණු කර ගතයුතු ගුණ ධර්ම. (27-11-2021)

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.

වයස්ගත වන විට දියුණු කර ගතයුතු ගුණ ධර්ම මොනවාද කියා පැහැදිලි කෙරෙන මෙම ධර්ම දේශනාව ඉතාම වටිනා සහ විරල දේශනාවකි. 

වයස් ගත වන විට සිදුවන කායික දිරාපත් වීම නිසා ඉන්ද්‍රියන්ගේ දුබලතාවය සහ කෙටි කාලීන මතකය දුබල වීම සිදුවීමත් සමග ඔවුන්ගේ මානසික සහ ගුණ ධර්ම දුබල වීම නියත වශයෙන්ම සිදුවන්නක් නොවිය යුතු බව මෙම ධර්ම දේශනාවෙන් මනා ලෙස පැහැදිලි වේ.  මෙය පැහැදිලි කිරීමට ඉතාම ගැලපෙන උදාහරණයක් ලෙස අපවත්වූ අති පූජනීය රේරුකානේ චන්දවිමල මහනායක ස්වාමින්වහන්සේ ගේ චරිතය සහ අවසන් අවුරුදු කිහිපය පාදක කරගනිමින් මෙම ධර්ම දේශනාව විකාශනය වේ. 

ජීවිතයේ මානසික සහ කායික ශක්තිමත් බවක් ඇති කාලයේ දියුණු කරන මනස සහ ගුණ ධර්ම වයස්ගත කාලයේදී පිහිටවෙන ආකාරය සහ වියපත්වූ විට දියුණු කලයුතු වඩාත්ම වැදගත්, සුවිශේෂී ගුණ දෙක පිළිබඳවද මෙහිදී පැහැදිලි කෙරේ.

”වයස්ගත වනවිට දියුණු කර ගතයුතු ගුණ ධර්ම” ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටිය මෙම යොමුවෙන් ලබාගන්න.

”වයස්ගත වනවිට දියුණු කර ගතයුතු ගුණ ධර්ම” ධර්ම දේශනාවේ වීඩියෝ පටය මෙතනින් නරඹන්න.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ධම්ම පදයේ සහස්‍ර වර්‍ගයේ, අවසාන ගාථා රත්නයයි. එම ගාථාව සහ නිධාන කථාව ධම්ම පදයෙන් මෙතනින් කියවන්න: යො ච වස්සසතං ජීවෙ, අපස්සං…


ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් මෑත කාලයේ සිදුකල මෙවැනි දායකත්ව ධර්ම දේශනා ධර්ම දේශනා ඇතුලත් වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.

ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් සිදුකල සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා සංචිතයට මෙතනින් පිවිසෙන්න. ශ්‍රාවකයන්ගේ පහසුව පිණිස මෙම ප්‍රශ්න සහ පිළිතුරු වෙන වෙනම ඉදිරිපත් කර ඇත.

ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ Dhamma Yathra දහම් සංසදයට එක්වන ආකාරය සඳහා මෙතන click කරන්න.

Share this with others as a gift of Dhamma!

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.