
පංචසීලය සුරැකීමේ සහ කුසල කර්මයන්හි නියැළීමේ අනිසංස. (07-04-2024)
පංචසීලය සුරැකීමේ සහ කුසල කර්මයන්හි නියැළීමේ අනිසංස යන මෙම වටිනා, කාලීන ධර්ම දේශනාව තුලින් නව සිංහල අවුරුදක් උදාවෙන මෙම කාලයට සුවිශේෂී ප්‍රයෝගික වටිනා කමක් එකතු කෙරේ.
අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ මෙහි දී පංච ශීලය සහ කර්මයන් අතර ඇති අන්තර් සම්බන්ධතාවය පැහැදිලි කරන්නේ මිනිසාගේ මෙලොව පරලොව ජීවිත වලට ඒවා බලපාන ආකාරයත් සහ විශේෂයෙන්ම ශීලයට මුල් වන මනසේ පිරිසිදු භාවය මෙහෙයවීම තුලින් මෙලොව පරලොව ජීවිත සුවපත් කරගන්නා ආකාරයත් දේශනා කිරීමෙනි.
එමෙන්ම අපගේ මානසික, වාචසික තත්වයේ යහපත් හෝ අයහපත් බව අපගේ නිවසේ අයටත්, මුළු රටටත්, අජීවී පරිසරයටත් පවා බලපාන ආකාරය නවීන විද්‍යාත්මක පර්යේෂණ දත්ත ඇසුරු කර ගනිමින් පැහැදිලි කිරීම මෙම දේශනාවේ ඇති තවත් විශේෂත්වයකි. එමෙන්ම පංච ශීලය නිවැරදිව සිදු කිරීමේ දී නොකළ යුතු කොටස සහ කල යුතු කොටස යන දෙකොටසම සිදු කිරීමෙන් අප මුළු ලෝකයටම ශාන්තියක් වෙන ආකාරය පැහැදිලි කෙරිණි.
- මෙම වටිනා ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටය මෙම යොමුවෙන් ලබාගන්න.
- මෙම වටිනා ධර්ම දේශනාවේ වීඩියෝ පටය මෙතැනින් නරඹන්න.
මෙම වටිනා ධර්ම දේශනාවට පාදක වූයේ ධම්මපදයේ බාල වග්ගයේ එන ගාථා ධර්ම දෙකකි. එම ගාථාවන් සහ එහි නිධාන කථාවන් මෙතැනින් කියවන්න;
01. න තං කම්මං කතං සාධු…
අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;
- Dayaka Dhamma Talks – 09 දායකත්ව ධර්ම දේශනා – 09
- Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
- Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
- Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
- Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
- Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
- Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
- Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
- Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01