සිත රැකගෙන කටයුතු කිරීම. (20-08-2023)

සිත රැකගෙන කටයුතු කිරීම. (20-08-2023)

සිත රැකගෙන කටයුතු කිරීම. (20-08-2023)

සිත රැකගෙන කටයුතු කිරීම පිලිබඳ අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සියැස රූපවාහිනියෙන් සිදුකල මෙම ධර්ම දේශනාව මෑත දී අසන්නට ලැබුණු ඉතා විශිෂ්ඨ දේශනාවකි.  මෙහි දී අපගේ සිත මෙහෙයවන ඇස්, කන් ආදී ඉන්ද්‍රිය ස්වභාවයෙන්ම බාහිරට යොමුවී පවතින නිසා බාහිරින් ඇතුලතට යොමු කරගැනීමේ කණ්ණාඩියේ උදාහරණයට අනුගතව සතිය සහ සම්පජඤ්ඤය දියුණු කිරීමේ අවශ්‍යතාවය ඉතා ප්‍රයෝගික ආකාරයෙන් පෙන්වා දේ. 

එමෙන්ම ගෞරවනීය ස්වාමින්වහන්සේ භාවනාව සම්බන්ධයෙන් නිරතුරුව අවධාරණය කරන කරුණක් වන භාවනා අරමුණත්, එම අරමුණට ප්‍රතිචාරය දක්වන සිත පිළිබඳවත් දැනුවත් වීමේ අවශ්‍යතාවය අපගේ සිත් රැකගැනීමට ඉතා වැදගත් වන්නේ කුමන හේතූන් නිසා දැයි මෙහිදී පැහැදිලි වේ.  මෙම ධර්ම දේශනාව හොඳින් ශ්‍රවණය කරන්නන් හට ඒ තුලින් නිතර පුහුණු කලයුතු භාවනා කමටහනක් මතුකර ගැනීමට හැකි වේ.  එසේම මෙම දේශනාවේ දී මතු කෙරෙන කුඩා දරුවන් හට අවවාද දීමේ ක්‍රමවේදය, අපගේ සෑම වයසක දීම සිත රැකගෙන කටයුතු කිරීම පිළිබඳ වටිනා ප්‍රායෝගික උදහාරණයකි.

එමෙන්ම මෙම ධර්ම දේශනාව ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් අගෝස්තු 26 දින සෙනසුරාදා දින සවස 7.00 ට සිදු කිරීමට නියමිත සතිය පිලිබඳ ධර්ම දේශනාව සහ සාකච්ඡාවට ඉතා වටිනා පෙර සුදානමකි.


  1. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  2. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  3. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  4. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  5. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  6. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  7. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  8. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.