ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව වංචක ධර්ම ලෙස ක්‍රියාත්මක වෙන ආකාරය. (01-07-2023)

ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව වංචක ධර්ම ලෙස ක්‍රියාත්මක වෙන ආකාරය. (01-07-2023)

ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව වංචක ධර්ම ලෙස ක්‍රියාත්මක වෙන ආකාරය පිලිබඳ මෙම ධර්ම දේශනාව අපට ඉතා වටිනා වේ. 

අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සියැස රූපවාහිනියෙන් සිදුකල මෙම දේශනාව තුලින් අරමුණු වල ගැටීම නිසා ඉතා සුක්‍ෂම ආකාරයට වංචක ධර්මයන් ඇතිවෙන ආකාරයත්, එවැනි වංචක ධර්ම ගැන දැන ගැනීම පවා බොහෝ අපහසු විය හැකි ආකාරයත් මෙහි පැහැදිලි කෙරේ.

එමෙන්ම අරමුණු වල ගැටීමෙන් ඇතිවෙන නොයෙකුත් කෙලෙස් වෙන ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව, භීතිය, ශෝකය සහ පසුතැවීම වැනි මානසික තත්වයන් මෙහි දී පැහැදිලි කෙරේ. 

මෙම දේශනාවේ විශේෂ වටිනා කමක් වන්නේ එසේ අරමුණු වල ගැටීමෙන් ඇතිවෙන මානසික තත්වයන් ක්‍රියාත්මක නොවෙන සහ මනසේ ඇති නොවන ආකාරයට සිත දියුණු කරන ආකාරය පහදා දෙන බැවිනි. 

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ, ඛුද්‌දක නිකායේ, ඉතිවුත්‌තකපාළියේ එන කොධ සූත්‍රයයි. එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතැනින් කියවන්න: කොධ සූත්‍රය.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  2. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  3. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  4. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  5. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  6. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  7. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.