සියලු බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධශාසනය. (10-09-2022)

සියලු බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධශාසනය පිළිබඳව අති පුජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකල මෙම ගම්භීර, ප්‍රබල සහ ඉතා වටිනා ධර්ම දේශනාව බණ්ඩාරවෙල, ශ්‍රී සංඝරාජ පිරිවෙන් විහාරස්ථානයේ දී පසුගිය පොහෝ දිනයේදී සිදු කරන ලදී.  මෙම කාලීන සහ වටිනා දේශනාව සියැස රූපවාහිනියෙන් රූ ගත කරන ලදී.

සම්බුද්ධ ශාසනය සුරක්‍ෂිත කිරීමේ ගිහි පැවිදි කාර්ය භාරය කුමක්ද යන්න කෙබඳු දැයි පැහැදිලි කරමින් සිදුකල එම දේශනය සියළු බුදුරජාණන් වහන්සේලාගේ දේශනාව පාදක කරගනිමින් ආරම්භ කෙරිණි. පර්යාප්ති, ප්‍රතිපත්ති සහ ප්‍රතිවේධ ශාසනය එකිනෙකට බැඳි ඇති ආකාරය මනාවට පැහැදිලි කිරීම වර්තමාන බෞද්ධයා හට ඉතාම වැදගත් වේ. ඒ පිළිබඳව වර්තමාන බෞද්ධ භාවනා ලෝකයේ පවා වැරදි වැටහීම් ඇති බව මෙහිදී මනාලෙස පැහැදිලි කෙරිණි. එමෙන්ම එම ත්‍රිවිධ ශාසනයම රැකීම ශාසනයේ චිරස්ථිතිය බව මෙහිදී පැහැදිලි කෙරිණි. එසේම එම සම්බුද්ධ ශාසනය සුරක්‍ෂිත කිරීමේදී අප ගිහි සහ පැවිදි සියළු දෙනාගේ කාර්ය භාරය කුමක්දැයි ඉන් පසුව ගැඹුරින් පැහැදිලි කෙරිණි.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ, සූත්‍ර පිටකයේ, ඛුද්‌දක නිකායේ, ධම්‌මපදපාළියේ, බුද්‌ධ වර්ගයේ එන ‘සබ්බපාපස්ස අකරණං’ ගාථා රතනයි.  එම ගාථා රත්නය මෙතනින් කියවන්න: සබ්බපාපස්ස අකරණං…


ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  2. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  3. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  4. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  5. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  6. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.