සම්මා සමාධියෙන් නිවන් මගට. (10-07-2022)

Image by Sue and Todd from Pixabay.

සම්මා සමාධියෙන් නිවන් මගට යන වටිනා ධර්ම දේශනාව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2022 ජූලි 10 දින සියස රූපවාහිනිය තුලින් සිදු කරන ලදී.  මෙම දේශනාව නිවන් මග පුහුණු කරන අයට වැදගත් වන්නේ;

  1. නිවන් දැකීමට සම්මා සමාධියේ ඇති අවශ්‍යතාවය.
  2. සම්මා සමාධියෙන් අවබෝධ කරගන්නා කරුණු මොනවා ද යන්න.
  3. සෑම සමාධියක්ම නිවනට උපකාර නොවන බව සහ සහ සමාධිය යනු කුමක්ද යන බව.
  4. අකුසල සමාධිය, කුසල සමාධිය සහ සම්මා සමාධිය අතර ඇති වෙනස්කම් දැන ගැනීමේ වැදගත් කම නිවන් මග දියුණු කිරීමට බලපාන ආකාරය.
  5. කුසල සමාධිය වඩනා ආකාර තුන.
  6. බෞද්ධ බොහෝ දෙනෙකුට පැහැදිලි නැති ” විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, වොස්සග්ග පරිණාමී” යන ක්‍රමවේදය මනාව පැහැදිලි කිරීම.

යන වටිනා පැහැදිලි කිරීම් නිසාවෙනි.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ, සූත්‍ර පිටකයේ,  සංයුත්‌ත නිකායේ, මහා වර්ගයේ, සච්ච සංයුක්තයේ, සමාධි වර්ගයේ එන සමාධි සූත්‍රයයි.  එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: සමාධි සූත්‍රය.


ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  2. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  3. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  4. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  5. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  6. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.