මහා චත්තාරීසක සූත්‍රය. (19-12-2022)

මහා චත්තාරීසක සූත්‍රය එදිනෙදා ජීවිතයට සහ සම්මා දිට්ඨිය දියුණු කර ගැනීමට උපයෝගී වන ආකාරය පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව ඉතා විශිෂ්ට දේශනාවක් වන්නේ පහත සඳහන් මූලික හේතුන් නිසාවෙනි.

  1. සම්මා දිට්ඨිය පුර්ව කොට, සම්මා වායාම සහ සම්මා සතිය පරිවාර කොට සම්මා සමාධිය දියුණු කරන ආකාරය පැහැදිලි කිරීම.
  2. එමෙන්ම එම සම්මා දිට්ඨිය, සම්මා වායාම සහ සම්මා සතිය එදිනෙදා ජීවිතයට යොදා ගන්නා ආකාරය පැහැදිලි කිරීම.
  3. කෙලෙස් ප්‍රහාණය වන ගුණ ධර්ම වැඩීම සිදුවන්නේ අවශේෂ ගුණ ධර්ම දියුණු වීමට සමගාමී වීම බව පැහැදිලි කිරීම.
  4. පරතෝ ඝෝෂය සහ යෝනිසෝමනසිකාරය තුලින් සම්මා දිට්ඨිය ඇතිවෙන ආකාරය.
  5. සම්මා වායාමය දියුණු කරගන්නා ආකාරය පැහැදිලි කිරීම.
  6. බොහෝ පෘථග්ජන සිත් තුල ‘සම්මා වායාම’ කියා ‘මිච්ඡා වායාම’ ඇතිවන ආකාරය පෙන්වා දීම.
  7. සම්මා සතිය කුමක්ද සහ එය සම්මා සමාධියට හේතුවෙන ආකාරය පැහැදිලි කිරීම.

යන කරුණු නිසාවෙනි.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ මජ්‌ඣිම නිකායේ, උපරි පන්නාසකයේ, අනුපද වර්ගයේ එන මහා චත්තාරීසක සූත්‍රය වේ. එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතැනින් කියවන්න: මහා චත්තාරීසක සූත්‍රය.


ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  2. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  3. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  4. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  5. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  6. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.