අකුසල සමාපත්තිය සහ කුසල සමාපත්තිය. (13-08-2022)

අකුසල

අකුසල සමාපත්තිය සහ කුසල සමාපත්තිය පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව තුලින් ගිහි පැවිදි සියළු ලෝකවාසි මිනිසුන් හට ඉතා වටිනා පණිවිඩයක් ඉදිරිපත් කෙරේ.

අති මහත් ලෝක ජනතාව උදයේ අවදි වූ අවස්ථාවේ පටන් රාත්‍රී නින්දට යන තුරු සිතින්, වචනයෙන් සහ කයින් සිදු කරන ක්‍රියා බොහෝ විට අනුන්ට සහ තමන්ට අහිතකර ඒවා වන ආකාරයත් එබඳු ආකාරයෙන් අකුසලයට මානසික ව සමවැදීම තුලින් පවා වුවද තමන්ට සහ අන්‍යන්ට සිදුවන විපත, වර්ථමාන විද්‍යාත්මක පර්යේෂණ භාවිතා කරමින් මෙහි මනා ලෙස පෙන්වා දේ.  එමෙන්ම කුසලයට සමවැදීම තුලින් නිවසේ සිටින අයට, දුරින් සිටිනා අන් මිනිසුන්ට පමණක් නොව සත්වයන් සහ ගහ කොළ පරිසරයට පවා සිදු වෙන හිතකර බලපෑම මෙහිදී සාධක සහිතව පැහැදිලි කෙරේ.

එමෙන්ම අප බොහෝ දෙනා කුසල් යනුවෙන් අදහස් කරන්නේ දානයන්, පන්සල් යාම වැනි යහපත් ක්‍රියා කිරීම පමණක් වූවත් කුසලයන් සෑම මොහොතේ ම සිදු කිරීමට එක දිනක් තුල ඇති ඉමහත් අවකාශය මෙහිදී හොඳාකාරව පෙන්වා දේ. මෙම දේශනාවේ ඇති විශේෂ වටිනාකමක් වන්නේ එවැනි හැකියාවක් අප තුල ජනිත කර ගැනීමට අවශ්‍ය ක්‍රමවේදයන් පිළිබඳව ද එක්තරා හෙලි දැක්මක් ඇතුලත් වෙන බැවිනි.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ, අඞ්‌ගුත්‌තර නිකායේ, පඤ්චක නිපාතයේ, සේඛබල වර්ගයේ එන අකුසලසමාපත්‌ති සූත්‍රයයි.  ත්‍රිපිටකයේ එම අකුසලසමාපත්‌ති සූත්‍රය මෙතැනින් කියවන්න: අකුසලසමාපත්‌ති සූත්‍රය.


ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  2. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  3. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  4. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  5. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  6. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.