7. අනුරුද්ධ සූත්‍රය – සතුටින් සිටීම පුරුදු කිරීම.

අනුරුද්ධ සූත්‍රය ඇසුරින් සතුටින් සිටීම පුරුදු කිරීම පිළිබඳව පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් වර්ෂ 2013දී සිදුකල මෙම ධර්ම දේශනාව නිවන් අවබෝධය සඳහා ධර්ම මාර්ගය පුහුණු කරන්නන්ට ඉතා වටිනා වේ. අනුරුද්ධ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනා පරිදි ”මේ ධර්මය, ලද දෙයින් සතුටු වන්නාටය”.  මෙම කියමන සරල ලෙස පෙනුනත් එහි ඇතැම් කරුණු බොහෝ කල් දහම් මග ප්‍රගුණ කරන අයට පවා පහසුවෙන් හසු නොවන සියුම් කරුණු වලින් සමන්විත වේ. 

එබඳු එක් කරුණක් නම් ගුණ ධර්ම පුරනා අය විසින් සමාජයේ සෙසු අයත් මේ, මේ ආකාරයට පැවතිය යුතු යැයි තමන් විසින් සදා ගන්නා නොයෙකුත් මානසික රාමු තුල සිර වී ඒ තුලින් තම සතුට නැති කර ගැනීමයි.  සමාජයට හෝ තම පවුලට අවශ්‍ය තැන යහපත් ගුණ ධර්ම අප කියා දිය යුතු වූවත් ඉහත දැක්වූ අයුරින් රාමුවක් තුල කොටු වීම නිසා මානසික, වාචික ගැටුම් පමණක් නොව අධි මානයන් තුල පවා අප කොටු වී සතුට නැති කරගන්නා තත්වයන්ට පත්වීමට පුළුවන.
එයට අමතරව එබඳු වටිනා කරුණු රැසක් මෙම දේශනාවේ ඇතුලත් වේ.

මෙම දේශනා මාලාව ඇතුලත් වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න: https://bit.ly/30IGp0M
එම පිටුවට ඉදිරියේදී අනුරුද්ධ සූත්‍රය පිළිබඳව පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සිදුකල ඉතිරි ධර්ම දේශනා එකතු කෙරෙනු ඇත.

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.

Anuruddha Sutta – අනුරුද්ධ සූත්‍රය 2013 මූලික කරගෙන වටිනා දීර්ඝ දේශනා මාලාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2013 දී සිදුකරන ලදී.  නිවන් දැකීම සඳහා ගුණධර්ම පුහුණු කරන අය විසින් දියුණු කලයුතු මහා පුරුෂ විතර්ක පිළිබඳව අනුරුද්ධ සූත්‍රය ඇසුරින් මෙහිදී විස්තරාත්මකව පැහැදිලි කරන ලදී.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ, අඞ්‌ගුත්‌තර නිකායේ, අට්ඨක නිපාතයේ, ගහපති වර්ගයේ එන අනුරුද්‌ධ සූත්‍රය මෙතනින් කියවන්න: අනුරුද්‌ධ සූත්‍රය.

  1. අනුරුද්ධ සූත්‍රය – හැඳින්වීම.
  2. අනුරුද්ධ සූත්‍රය – අත්‍රිච්ඡතාවය සහ මහිච්ඡතාවය.
  3. අනුරුද්ධ සූත්‍රය – මහිච්ඡතාවය සහ අල්පේච්ඡතාවය.
  4. අනුරුද්ධ සූත්‍රය – මහිච්ඡතාවය සහ පාපිච්ඡතාවය.
  5. අනුරුද්ධ සූත්‍රය – අල්පේච්ඡතාවය පුහුණු කරන ආකාරය – 01.
  6. අනුරුද්ධ සූත්‍රය – අල්පේච්ඡතාවය පුහුණු කරන ආකාරය – 02.
  7. අනුරුද්ධ සූත්‍රය – සතුටින් සිටීම පුරුදු කිරීම.

මතු සම්බන්ධයි….

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.