Video Dhamma of Most Ven. Kukulpane Sudassi Thero_05

Most Ven. Kukulpane Sudassi Thero

Given below are important Video Dhamma conducted by Most Ven. Kukulpane Sudassi Thero.

පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකල වටිනා වීඩියෝ ධර්ම දේශනා සහ සාකච්චා මෙහි පල කෙරේ.

It’s sensible to watch the videos by clicking on the videos – without downloading because downloading could consume a lot of internet Data. We have also provided the links to the audio files for those who wish to save the Dhamma for listening.

To download the Audio file : You could download the file by right clicking on the file link and then selecting “save as” from the drop down menu. Save the file into a pre designated folder to listen on multiple occasions. This is the best way to save your internet allocation.

වීඩියෝ නැරැඹීම සඳහා එම වීඩියෝ මත click කරන්න. ඒවා බාගත කිරීමෙන් ඔබගේ අන්තර්ජාල data වැයවීම අධික වියහැක. එබැවින් සෑම වීඩියෝවක් සමගම පසුව ශ්‍රවණය කිරීමට බාගත කළහැකි හඬ පටයේ link (යොමුව) ද ඉදිරිපත් කරන්නෙමු.


21. සෙනසුරාදා ධර්ම සාකච්ඡාව: අංක 01 (02-01-2021): “ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන සජීවී ධර්ම සාකච්ඡා පෙළක් Zoom තාක්ෂණය උපයෝගී කරගනිමින් ආචාර්ය පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් වර්ෂ 2021 ජනවාරි මාසයේදී ආරම්භ කරන ලදී. මෙම වීඩියෝව එම සජීවී ධර්ම සාකච්ඡා පෙලේ පළමු සාකච්චාවයි. මෙම පැය දෙකක කාලයක් වන දිගු සාකච්චාව වෙන වෙනම ප්‍රශ්න උත්තර වශයෙන් බෙදා ශබ්ද සංස්කරණය කර ශ්‍රාවකයන්ගේ පහසුව පිණිස පහත දැක්වෙන වෙබ් පිටුවේ ඉදිරිපත් කර ඇත: සෙනසුරාදා ධර්ම සාකච්ඡාව: අංක 01 (Audio)

22. මමත්වය නිසා ඇතිවන ද්වේශය පාලනය කිරීම (30-12-2020): මමත්වය නිසා ද්වේශය ඇතිවන ආකාරය සහ එය පාලනය කරන ආකාරය පිළිබඳව ඉතාම ප්‍රායෝගික වටිනා කමකින් යුතු ධර්ම දේශනාවක් පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් 2020 දෙසැම්බර් මස 30 දින සිදුකරන ලදී. මෙම දේශනාවේ දී පහත සඳහන් කරුණු පැහැදිලි කෙරේ. 1. පටිඝය සහ අයෝනිසෝ මනසිකාරය හේතු කොට ද්වේශය ඉපදෙන ආකාරය. 2. මමත්වය නිසා ද්වේශය වැඩිදියුණුවන ආකාරය. 3. ද්වේශය දුරුකිරීමට බුදුරජාණන් වහන්සේ පෙන්වූ උපාය මාර්ග 06. (දහම් දේශනාවේ හඬ පටය බාගත කරගැනීමට ඇති link/යොමුව). 

23. බුදුරජාණන් වහන්සේගේ අවසාන අනුශාසනාව (12-01-2021): බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී වදාල අවසාන අනුශාසනාව, සමස්ථ බුද්ධ ධර්මයම සම්පිණ්ඩනය කොට දේශනාකළ දහම් පිඬුවකි. එම අනුශාසනාව පාදක කොට සුවිශේෂී ධර්ම දේශනාවක් වර්ෂ 2021 ජනවාරි මස 12 වෙනි දින පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලදී. මෙම දේශනාවේ අරමුණු වනුයේ; (1). නිවන පිලිබඳ එතරම් වැටහීමක් නොමැති අය තුල ඒ පිළිබඳව දැනුමක් ඇතිකිරීමටත්, (2). නිවන් දැකීම සඳහා අප විසින් කුමක් කල යුතුද යන කරුණු පැහැදිලි කිරීමටත් වේ.  (දහම් දේශනාවේ හඬ පටය බාගත කරගැනීමට ඇති link/යොමුව).  

24. ගිහි ජීවිතය තුල විදර්ශනාව ප්‍රගුණ කරන ආකාරය (04-01-2021): දැනට විදර්ශනා භාවනාවේ යෙදෙන හෝ යෙදීමට බලාපොරොත්තු වන හෝ ගිහියන් හට මෙම ධර්ම දේශනාව විශේෂයෙන් වැදගත් වේ. ගිහි ජීවිතය තුල විදර්ශනාව ප්‍රගුණ කරන ආකාරය පිලිබඳ කාලෝචිත ධර්ම දේශනාවක් වර්ෂ 2021 ජනවාරි 04 දින අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලදී. විදර්ශනාව යනු කුමක්ද, විදර්ශනාව ප්‍රගුණ කිරීමට අවශ්‍ය සාධක, ගෘහ ජීවිතයක් තුල එම අවශ්‍ය සාධක සම්පාදනය කරන ආකාරය, ගිහියෙකුට ඇතිවන භාදක කාරණා මොනවාද යන ආදී ඉතා ප්‍රායෝගික වැදගත් කමකින් යුතු බොහෝ වටිනා කරුණු කරුණු සහ මග පෙන්වීම් මෙම දේශනාවේ අඩංගු වේ.  (දහම් දේශනාවේ හඬ පටය බාගත කරගැනීමට ඇති link/යොමුව). 

25. අනිත්‍ය ධර්මය (05-12-2020): අනිත්‍ය ධර්මය පිළිබඳව සුතමය ඥානය අවදිකරමින් සහ එම ධර්මයේ නොයෙකුත් ප්‍රායෝගික පැතිකඩවල් විවර කරමින් අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදු කෙරුණු මෙම ධර්ම දේශනාව පහත සඳහන් හේතුන් නිසා විශේෂයෙන් වැදගත් වේ. 1. අනිත්‍ය දහම ප්‍රායෝගිකව අප එදිනෙදා ජීවිතයේදී ක්‍රියාත්මක වනවිට අපගේ සිත සකසා ගතයුතු ආකාරය. 2. විපස්සනා භාවනා යෝගීන්ගේ සුතමය ඥානය දියුණු වීමට වැදගත්වන කරුණු ඇතුලත් වීම. 3. විපස්සනා ඥාන දියුණු වීමේ එක්තරා කඩඉමක දී එම භාවනානු යෝගියා නිදිමත සහ කම්මැලි ස්වභාවයකට පත්වේ. එහිදී භාවනා ගුරුවරයා එම යෝගියාගේ විපස්සනා භාවනාව නවත්වන්නේ නැතිව දිගටම කරන ලෙස අවවාද අවවාද කරයි. එහෙත් බොහෝ යෝගීන් හට එම කඩඉම පසුකිරීමට නොහැකි වීමෙන් ඔවුන්ගේ භාවනාවේ දියුණුවීම නවතී. මෙම දේශනාවේ ඇතැම් කරුණු එම කඩඉමේ දී තම මනස ක්‍රියා කෙරෙන ආකාරය වටහා ගැනීමට යම් අත්වැලක් සපයයි. (දහම් දේශනාවේ හඬ පටය බාගත කරගැනීමට ඇති link/යොමුව).  

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.