Saturday Dhamma Discussion – 01 (02-01-2021) 

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන සිදුකරන සජීවී ධර්ම සාකච්ඡා පෙලේ පළමු සාකච්චාව.  

A new Saturday Dhamma Discussion was commenced in January 2021 via internet using Zoom connections by Most Ven. Kukulpane Sudassi Thero. We are pleased to provide below the recordings of the first live Dhamma Discussion conducted on 02 January 2021.

The two hour long recordings were audio edited to remove unwanted noises and pauses and are presented below as separate questions and answers in order to facilitate better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන සජීවී ධර්ම සාකච්ඡා පෙළක් Zoom තාක්ෂණය උපයෝගී කරගනිමින් ආචාර්ය පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් වර්ෂ 2021 ජනවාරි මාසයේදී ආරම්භ කරන ලදී.

මෙම සජීවී ධර්ම සාකච්ඡාව සෑම සෙනසුරාදා දිනකම ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7.00 සිට රාත්‍රී 9.00 දක්වා සිංහල භාෂා මාධ්‍යයෙන් පැවැත්වේ. එම සජීවී වැඩසටහනට සහභාගී වීමට කැමති පින්වතුන් හට වැඩි විස්තර මෙම යොමුවෙන් ලබා ගත හැක: Saturday Dhamma Discussion.   

එම ධර්ම සාකච්චා පෙලේ වර්ෂ 2021 ජනවාරි මස 02 දින පැවැත්වූ ප්‍රථම ධර්ම සාකච්චාව පහතින් ඉදිරිපත් කරන්නෙමු. මෙහි ඇති විශේෂත්වය නම් එම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස එකිනෙක ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන් කරමින් බෙදා ඉදිරිපත් කර තිබීමයි.

  1. ධර්මය යනු කුමක්ද සහ ධර්මය තුලින් ලැබිය හැකි ප්‍රයෝජනය. 
  2. විවාහකයෙකුගේ බ්‍රහ්මචරියාව කෙසේ විය යුතුද?
  3. චේතනාවෙන් පමණක් කර්මය විපාකදීමේ සියල්ල සම්පුර්ණ නොවේ!
  4. වසංගත සහ ස්වාභාවික ව්‍යසනයන් වලින් බේරීමට ධර්මයේ ඇති පිහිට.
  5. ”අචේතනික” කර්මයේ අප දැනගත යුතු පැතිකඩ දෙක.
  6. රහතුන් වහන්සේලා හැර සියළුදෙනා හැම මොහොතේම කර්ම රැස් කරති.
  7. අපායට බයෙන් සිල් රැකීම හොඳ දෙයක්ද?
  8. පින් අනුමෝදම් කිරීම සහ ප්‍රාර්ථනා කිරීම ආත්මාර්ථකාමී දෙයක්ද?
  9. කර්මය ඉදිරි උප්පත්ති ආත්ම වලට බලපාන්නේ කෙසේද?
  10. ගිහියන් ලෙස අනාගත සැලසුම් සෑදීම සහ අත්හැරීම යන දෙකම එකට කරන්නේ කරන්නේ කෙසේද?
  11. නිතිපතා කාර්යක් උනන්දුවෙන් කරගෙන යාම කරන්නේ කෙසේද?
  12. කල්‍යාණ මිත්‍ර පුරුෂයෙකු හෝ කාන්තාවක සසරේ සහකරු ලෙස ප්‍රර්ථනා කිරීම කලයුතු ආකාරය.

එම ධර්ම සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න. 

අනෙකුත් සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.