සොණ සූත්‍රය – Sona Sutta (ඉරු දින ධර්ම දේශනා)

Pha That Luang (Golden Pagoda) in the city of Vientiane, Laos.

සොණ සූත්‍රය – Sona Sutta මීතිරිගල නිස්සරණ වණසේනාසන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ 18 වන සූත්‍රය ලෙස වර්ෂ 2022 අගෝස්තු මස 28 වන දින ආරම්භ කර සැප්තැම්බර් මස 04 දින අවසාන කරන ලදී.

සොණ සූත්‍රය තුලින් වීර්ය සුසර කිරීමේ වැදගත්කම පෙන්වා දෙනවා පමණක් නොව එම ආත්ම භවයේ රහත් භාවයට පැමිණීමට වාසනාව සහ හැකියාව තිබූ සෝන වැනි ස්වාමින්වහන්සේ කෙනෙකුට පවා ඉන්ද්‍රිය ධර්ම සමබර කිරීමට නොහැකි වීම තුල උපැවිදි වීමට සිත් පවා පහල වෙන තරමට අපගේ සිත් වෙනස් විය හැකි ආකාරයත් පෙන්වා දේ.

මෙම පළමු ධර්ම දේශනාවේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි සහ ප්‍රඥා ඉන්ද්‍රිය භාවනා යෝගියෙකු විසින් සුසර කර බල ධර්ම බවට පත්කරගන්නේ කෙසේද යන මග පෙන්වීම ඇතුලත් වේ.  එමෙන්ම මෙම පළමු ධර්ම සාකච්චාවේ බොහෝ ප්‍රායෝගික වටිනාකමකින් යුතු කරුණු ඇතුලත් වේ. 

සොණ සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: සොණ සූත්‍රය.


මෙම Zoom දුරස්ථ වැඩසටහනට සම්බන්ධ වීමට Zoom මෘදුකාංගය ස්ථාපිත කරගෙන පහත දැක්වෙන අයුරින් සම්බන්ධ වන්න.

Use the following link and meeting details to join the program.
මෙම වැඩසටහන ඉරිදා දිනවල ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදැසන 07.00 ආරම්භ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.