මහා මාලුංක්‍ය සූත්‍රය – Maha-Malunkya Sutta

මහා මාලුංක්‍ය සූත්‍රය - Maha-Malunkya Sutta

මහා මාලුංක්‍ය සූත්‍රය – Maha-Malunkya Sutta

මීතිරිගල නිස්සරණ වණසේනාසන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් මහා මාලුංක්‍ය සූත්‍රයMaha-Malunkya Sutta ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ නව සූත්‍රය ලෙස වර්ෂ 2023 ජූලි දින ආරම්භ කරන ලදී.

මෙම සූත්‍රය බුදුරජාණන් වහන්සේ මාලුංක්‍ය පුත්ත ස්වාමින්වහන්සේ දුන් පිළිතුරක් අරභයා භික්‍ෂුන්වහන්සේලාට සිදුකල විශිෂ්ට සුත්‍ර දේශනාවකි.  ඕරම්භාගීය සංයෝජනයන් පහ පිළිබඳව අනුසය ධර්මයන් වල ක්‍රියාකාරී පැවැත්ම ඇතිවෙන ආකාරය දක්වමින් සමථ පූර්වාංගම විපස්සනාව දියුණු කරමින් එම සංයෝජනයන් ප්‍රහාණය කිරීම මෙහිදී පැහැදිලි කෙරේ.

පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් මෙම සූත්‍ර දේශනාව ඉතා මැනවින් සිදු කරන්නේ අනුසය ධර්මයන් අපගේ එදිනෙදා ජීවිතයේ දී ඇති වෙන ආකාරය පැහැදිලි කරමිනි.  එම දේශනා ශෛලිය විපස්සනා යෝගාවචරයන් හට මන ලෙස ගැලපේ. 

මෙහි පළමු දේශනාව සූත්‍රය පිලිබඳ හැඳින්වීමක් සහ එහි ඇති විශේෂිත බව පෙන්වා දෙන්නකි.  දෙවන ධර්ම දේශනාව තුලින් සක්කාය දිට්ඨිය සහ එය අපගේ එදිනෙදා ජීවිතයේ දී ඇතිවෙන සහ පණ ගැන්වෙන අයුරු පැහැදිලි කෙරේ.

මහා මාලුංක්‍ය සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: මහා මාලුංක්‍ය සූත්‍රය.


  1. ධර්ම දේශනාව 01 – “ප්‍රස්තුතය සහ හැඳින්වීම” – මහා මාලුංක්‍ය සූත්‍රය (09-07-2023)
  2. ධර්ම සාකච්ඡාව 01 – මහා මාලුංක්‍ය සූත්‍රය (09-07-2023)
  3. ධර්ම දේශනාව 02 – “සක්කාය දිට්ඨිය” – මහා මාලුංක්‍ය සූත්‍රය (16-07-2023)
  4. ධර්ම සාකච්ඡාව 02 – මහා මාලුංක්‍ය සූත්‍රය (16-07-2023)
  5. ධර්ම දේශනාව 03 – “විචිකිච්ඡාව” – මහා මාලුංක්‍ය සූත්‍රය (30-07-2023)
  6. ධර්ම සාකච්ඡාව 03 – මහා මාලුංක්‍ය සූත්‍රය (30-07-2023)
  7. ධර්ම දේශනාව 04 – “සීලබ්බත පරාමාසය, කාමරාගය සහ ව්‍යාපාදය” – මහා මාලුංක්‍ය සූත්‍රය (06-08-2023)
  8. ධර්ම සාකච්ඡාව 04 – මහා මාලුංක්‍ය සූත්‍රය (06-08-2023)
  9. ධර්ම දේශනාව 05 – “සමථ පුබ්බංගම විපස්සනාව” – මහා මාලුංක්‍ය සූත්‍රය (13-08-2023)
  10. ධර්ම සාකච්ඡාව 05 – මහා මාලුංක්‍ය සූත්‍රය (13-08-2023)

මහා මාලුංක්‍ය සූත්‍රය – Maha-Malunkya Sutta දේශනා මාලාව මෙතැනින් නිමා වේ.
පසුගිය ඉරිදා දහම් වැඩසටහන් ඇති වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.